IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කෙස් යන්න ක්‍රීම් ගෑ සැලුන් කත අල්ලනු

(කීර්ති ප්‍රනාන්දු)

හිස කෙස් සකස් කිරීමේ දී ගල්වන ලද ආලේපනයන් හේතුවෙන් කාන්තාවකගේ  කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබඳු මහත්මිය අද සෝදිසි වරෙන්තුවක් නිකුත් කරමින් පොලිසියට නියෝග කළේය.

ඊට අමතරව රූපලාවන්‍යාගාරයේ භාවිතා කරන ආලේපන වර්ග පරීක්ෂා කර ඒවායේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පාරිභෝගික අධිකාරියට ද නියෝග කෙරිණ.

සාදයකට සහභාගි වීම සඳහා සිය හිසකෙස් සකසා ගැනීමට ඉකුත් (30) වැනිදා මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ තිස්පස් හැවිරිදි කාන්තාවකගේ හිසට ආලේපන ගැල්වීමෙන් පසු කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය පිළිබඳව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ මගින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්ය තුමිය මෙම නියෝගය කළාය.

අදාළ සිදුවීමෙන් පසු එම රූපලාවන්‍යාගාරය පවත්වාගෙන ගිය එහි හිමිකාර කාන්තාව සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා සිය රූපලාවණ්‍යාගාරය වසා දමා පලා ගොස් ඇති බවත් පසුව ඔවුන්ගේ නිවෙස් පරීක්ෂාවට ගිය අවස්ථාවේදී ඔවුන් නිවෙස් වලින්ද පලා ගොස් සැඟවී සිටින බවට පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය .

 



අදහස් (5)

කෙස් යන්න ක්‍රීම් ගෑ සැලුන් කත අල්ලනු

Sajithaa Tuesday, 03 September 2024 06:47 AM

එක්තරා ලංගම බසයක ගැහැනු ඔච්චර ලස්සන නම් ඇයි මෙතරම් බියුටි සැලුන් කියලා ලියා තිබුනා කොහොම වුනත් ස්වාභාවික ආහාර වලින් හා දේශීය ඖෂධ වර්ග ස්නානය කිරීමෙනුත් රූපය ලස්සන වෙනවා කියලා නොදන්නා කමට සැලුන් වලට ගොස් සුලු කාලයක් වෙනුවෙන් දහස් ගණනක් වියදම් කර සමහර වෙලාවට මරණයට පවා ලක්වෙලා තියෙනවා

:       0       0

Chamara Tuesday, 03 September 2024 09:12 AM

අදාළ කාන්තාවගේ මුහුණු නොපෙනෙන ලෙස රූප පල කිරීම අගය කළ යුතුයි.

:       0       1

රංබොඩ Tuesday, 03 September 2024 09:29 AM

ලේසිම ව්‍යාපාරය තමයි මේ. සෞඛ්‍ය අධ්‍යාපනයක් නෑ. ආලේපන ගැන කිසිම සහතිකයක් අවශ්‍ය නෑ. අපේ කාන්තාවන් දැන් හැම එකකටම රෑපලාවන්‍ය. ඒක නිකම් හස් රැල්ලක්. නියපොතු සුද්ධ කරගන්නෙත් ඒවාගෙන. මේ විකාර තව තව වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නෑ.

:       0       2

මිහිර Tuesday, 03 September 2024 11:00 AM

හොඳම වැඩේ ගෙදර ඉදන් තමන්ගේ කොන්ඩේ පිරගන්නවත් බැරිව ඕවා අස්සේ යන අයට පාඩමක් හොඳ පාඩමක්......

:       1       1

minoli Tuesday, 03 September 2024 12:37 PM

මෙය සියලුම කාන්තාවන්ට ඉතා හොඳ පාඩමකි. ස්වභාවික වීමට උත්සාහ කරන්න. මේ දිනවල එය ශ්‍රී ලංකාවේ ඉතා විශාල විලාසිතා සහ ව්‍යාපාරයක් අන් අය අනුගමනය කරයි. සම සුදු කිරීමේ ක්‍රීම්, කොන්ද ස්ට්‍රේට් ගැන කිසිම දැනුමක් නැතිව ඔවුන් මිලදී ගෙන පාවිච්චි කරනවා. එදිනෙදා ගෙදර වියදම් කළමනාකරණය කර ගැනීමට ඔවුන්ට මුදල් නැත. නමුත් මේ වගේ නිස්සාර දේවල් වලට වියදම් කරන්න සල්ලි තියෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ රූපලාවන්‍යාගාර කල් ඉකුත්වන නිෂ්පාදන භාවිතා කරයි. විශේෂයෙන්ම හිසකෙස් ස්ට්‍රේට් කිරීම සහ සුදු කිරීමේ ක්‍රීම්

:       1       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17824 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site