මැද පෙරදිග රටවලට අපනයනය කිරීමට සූදානම් කර තිබූ කසල තේ කිලෝ එක් ලක්ෂ හාරදහසක් සමග හිමිකරු ඇතුළු දෙදෙනකු සපුගස්කන්ද මාකොළ දකුණ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසියට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වැටලීමේදී අඩි 40 කන්ටේනරයක් එම මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර නිලධාරීන් එම කන්ටේනරය නවතා පරීක්ෂා කිරීමේදී අපනයනය කිරීමට සූදානමින් වරායට රැගෙන යමින් තිබූ කසල තේ කිලෝ 10,000ක ප්‍රමාණයක් සොයාගෙන ඇති බවද කියති.
ඡායාරූප - ඉන්දිකා රාමනායක
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසල තේ කිලෝ ලක්ෂයක් සපුගස්කන්දෙන් අල්ලයි
බණ්ඩාර කුවේට් Sunday, 01 November 2015 10:45 AM
අරාබිකරයේ දැන් අපේ තේ වලට තැනක් නැහැ. ඒ අය කියන්නේ ලංකාවේ තේ රස නැති බවය මේවගේ බාල වැඩ කරන අය නිසා මෙහෙම වෙන්නේ. (ර)
සමන් Sunday, 01 November 2015 10:55 AM
මේ වගේ වැඩ හින්ද තමයි දැන් අපිට තේ දළු කිලෝවක්වත් විකුණා ගන්න බැරි වෙලා තියෙන්නේ. (ර)
චමිල් රුපසිංහ Sunday, 01 November 2015 10:53 AM
මෙම තේ සමහර විට කසල තේ නොවන්නට පුලුවන්. තේ කර්මාන්ත ශාලාවලින් සියයට 35 ක් කොටසක් පිරිසිදු තේ වශයෙන් ගත් පසු ඉතිරිවන කසල තේ විශාල වෑවිලි සමාගම් වලින් පිරිසිදු කර වෙලදපලේ ලස්සන නම් දමා වෙලදපොලේ තිබෙනවා. (ර)
ජයන්ත Sunday, 01 November 2015 11:01 AM
දැඩි දඩුවම් පමුණුවන්න ඕන. (ර)
දෙවන් Sunday, 01 November 2015 10:59 AM
කොච්චර අපරාදයක්ද.? (ර)
රසික Sunday, 01 November 2015 10:59 AM
මේවා ජාතික අපරාධ. ලංකා තේ කියලා විකුණන මේවා අරගත්ත විදේශිකයෙක් නැවත ජීවිත කාලයටම ආයෙ ලංකා තේ ගන්නෙ නෑ. ලංකාවෙ තේ කර්මාන්තය එතනින්ම ඉවරයි. දැනුත් අපේ තේ මිල අඩුවීමට හේතු මේවා තමයි. (ර)
ඩයස් Sunday, 01 November 2015 12:23 PM
හොද දඩුවමක් දිය යුතුයි. (ර)
චන්න බුවනක Sunday, 01 November 2015 05:17 PM
මෙම පිටුවේ මේ හොරු සාධාරණීකරණය කරන අයත් ඉන්නවනේ. ලෝකය දිහාබලන්න. අප අසරණ වෙලා ඉන්නේ (රේ)
ඉසුරන්දි Monday, 02 November 2015 05:02 AM
අසාධාරණයෙන් උපයන මුදල් යාදෙන්නේ නැහැ කවමදාකවත්. (නි)
ප්‍රභාත් කුලතුංග Sunday, 01 November 2015 09:49 AM
බලන්න මොන තරම් හොඳ දෙයක්ද කියල. කසල වලිනුත් විදේශ විනිමය ගෙනත් දෙන්න උත්සහයක් අරගෙන. අපේ මැති ඇමතිවරු විදේශ ණය අරන් අපිව උගස් තියනවා. මේ අයට මගේ ප්‍රණාමය. (බ)