IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොස්ලන්දෙන් හිස නැති මළසිරුරක් හමුවෙයි

(ප්‍රසාද් රුක්මල්)

කොස්ලන්ද අලුත්වෙල හාමිනාකන්ද රක්ෂිතයේ තිබි හිසකදින් වෙන්ව ඝාතනයට ලක්වූ තරුණයකුගේ මළසිරුරක් අද (22) පස්වරුවේ සොයාගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ තණමල්විල අරාවේගම පදිංචිව සිටි රොශාන් දිමුතු (35) තරුණයකු යැයි පොලිසිය කීය .

මොහු ඉකුත් 18 වැනි දින සිට අඅතුරුදහන් ව ඇති බවට මොහුගේ මව වන ආර්.ඒ.ඉන්ද්‍රාවති නැමත්තිය විසින් තණමල්විල පොලිසියට ද පැමිණිලි කර ඇතැයි පොලිසිය පැවසීය .

මොහු  අතුරුදහන් වන වූ  දින අවසන් වශයෙන් බලහරුව ප්‍රදේශයේ අයෙකු සමග සිට ඇති අතර ,ඒ අනුව තණමල්විල පොලිසිය එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට  ගෙන් සිදු කල ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සදහන් කළේය .

සැකකරු මෙම තරුණයා අලුත්වෙල හාමිනාකන්ද රක්ෂිතයේ දි ගෙලකපා ඝාතනය කර පසුව කදින් වෙන්වූ තරුණයාගේ හිස වලදමා ඇති බවට තොරතුරු හෙලිදරව් වූ බවත් සැකකරුගේ තොරතුරු අනුව මළසිරුර සොයා ගන්නා විටත් එය තරමක් නරක්වී තිබිණැයි පොලිසිය කීය .

මොවුන් දෙදෙනා කුඩාඔය ප්‍රදේශයේ 44 හැවිරිදි කාන්තාවක සමඟ අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, එම අනියම් සබඳතාව සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙසේ තරුණයා ව ගෙළකපා ඝාතනය කර ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් සදහන් කළහ .

බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන පොලිස් අධිකාරි ඩි.බි.එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දිනේෂ් වික්‍රමසිංහ මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .



අදහස් (0)

කොස්ලන්දෙන් හිස නැති මළසිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site