IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කසිප්පු ගෙනත් නොදුන්නැයි දරුවන් ගෙදරින් පන්නලා

(නිමාලි කහවල)

කසිප්පු පැකට්ටුවක් රැගෙන එන ලෙස තම බාලවයස් දරුවාට කළ නියෝගය දරුවා විසින් පැහැර හැරියාට පාසල් වියේ පසුවන තම දරුවන් තිදෙනාගේම පාසල් පොත් සහ ඇදුම් නිවෙසින් පිටතට දැමූ බව කියන පියකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය, රයිගම්වත්ත ප්‍රෙද්ශයේ පදිංචි තිදරු පියෙකි.

මෙම පුද්ගලයා විසින් තමන්ට සිදුකරන අඩම්තේට්ටම් සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ විසින් මින්පෙර ඉංගිරිය පොලිසියේ පැමිණිලි හතක් ගොනුකර ඇති බවත්, පසුව එම පැමිණිලි සියල්ලම සමාදානව ඇති බවත් විමර්ශන වලදී හෙළිව තිබේ.

සැකකරු විසින් දීර්ඝ කාලයක සිට වයස අවුරුදු 9, 11 සහ 13 වියෙහි පසුවන තම දරුවන්ට කියා මත්පැන් පැකට් රැගෙනවිත් ඇති බවට වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

සැකකරුගේ දරුවන් තිදෙනා අතුරින් දෙදෙනෙකු පිරිමි දරුවන් බවත්, නීතිවිරෝධී මත්පැන් රැගෙන ඒම සඳහා වැඩිවශයෙන්ම බලපෑම් සිදුකරනු ලබන්නේ එම දරුවන් දෙදෙනාගෙන් 11 හැවිරිදි වැඩිමහල් පිරිමි දරුවාට බවත්, ඔහු පාසල් යෑමට ප්‍රථම සැකකරුට කසිප්පු පැකට්ටුවක් මිලට ගෙනවිත් දීම සිදුකළ යුතු බවත් අනාවරණය වී ඇති බව පොිලිසිය කියයි.

සැකකරුගේ බිරිඳ විසින් මින්පෙර පොලිසියේ ගොනුකළ පැමිණිලි හතම ඇය විසින් සමාදානව ඇත්තේද සැකකරුගෙන් ඇයට එලෙස සිදුකරන ලෙස පවසා සිදුකළ දැඩි බලපෑම් මත බවත් පොලිසිය සැකකරයි.

සැකකරුගේ නිවසට නුදුරින් පිහිටි තවත් නිවසකින් මෙලෙස නීතිවිරෝධී මත්පැන් මිලට ගෙන ඒමට සිය දරුවා යැවීම පිළිබඳ දරුවන්ගේ මව සැකකරුට එරෙහි වුවද ඒ සියළු අවස්ථාවන්හිදී සැකකරු විසින් බිරිඳට බැණ පහරදී අඩම්තේට්ටම් සිදුකරන බවට වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී හෙළිව ඇති අතර, මෙම සිදුවීම සිදුවූ දිනද එලෙසින් මව විරුද්ධවීම හේතුවෙන් දරුවා කිසිප්පු රැගෙන ඒම ප්‍රතික්ෂේප කිරීම නිසා දැඩි සේ උරණ වූ සැකකරු විසින් දරුවන් තිදෙනාම ඔවුන්ගේ ඇඳුම් සහ පොත්පත් සමඟින් නිවසින් එළියට දමා ඇති බව පොලිසිය කියයි.

මෙහිදී හඬා වැළපෙමින් සිටි දරුවන්ද සමඟ ඔවුන්ගේ මව ඉංගිරිය ප්රාැදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සිදුවූ අසාධාරණය පවසා ඇති අතර, ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය හරහා ඉංගිරිය පොලිසිය වෙත සිදුකළ දැනුවත් කිරීමත් සමඟ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම මෙම පැමිණිල්ලත් සමඟ ස්ථානාධිපති ප්රවධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්රණලාල් මහතාද සමඟින් එදිනම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක රේණුකා, සැරයන්වරුන් වන (42933)රාමනායක, (41103)ශාන්ත සහ කොස්තාපල්වරුන් වන (96284)ගාමිණී හා (49728)ගුණවර්ධන ඇතුළු නිලධාරීන් විසින් රයිගම්වත්ත ප්ර්දේශයම ආවරණය වන පරිදි සිදුකරන ලද පුළුල් මෙහෙයුමක් අවසානයේදී පෙරීමේ උපකරණ රාශියක් සමඟ නීතිවිරෝධී මත්පැන් බැරල් හතකුත්, සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් සියල්ල රයිගම්වත්ත ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් වන අතර, පෙර සඳහන් කළ සැකකාර පියා විසින් සිය දරුවා ලවා මිලට ගෙන ඇත්තේද ඉහත සැකකරුවන් සිව්දෙනා නිෂ්පාදනය කර බෙදාහරින ලද නීතිවිරෝධී මත්පැන් බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

ඉංගිරිය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



අදහස් (4)

කසිප්පු ගෙනත් නොදුන්නැයි දරුවන් ගෙදරින් පන්නලා

ආච්චි Monday, 03 April 2023 02:05 PM

සුදු ළමයින්ටත් එහෙම කියන හැටි.... හැබැයි මේ දෙන්නා නම් තාත්තලා දෙන්නෙක්ගේ. ඔය කිව්වට ඒකෙත් කොනක් ගෑවිලා ඇති මේ සිද්දියට...

:       11       1

Jaya Monday, 03 April 2023 02:09 PM

වැඩේ කියන්නේ මේ සිද්ධිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා දැනුවත් කරනකම් පොලීසියට බැරි වුණාද වැටළීමක් කරන්න...?

:       1       17

කනක්කපුල්ලෙයි Monday, 03 April 2023 03:45 PM

පොලිසියේ මහත්තුරුන්ට කසිප්පු අල්ලන්න වෙලාවක් කොහෙන්ද? මුල් පැමිණිල්ල බිරිඳ පොලිසියේ දානකොට බැලුවේ නැද්ද? කොහෙන්ද මේවා ගේන්න කියන්නේ කියලා පොලිසිය විමර්ශනය කරලා බලලා ඔවුන් අල්ලන්න තිබුණානේ... ප්‍රාදේශීය ලේකම්ම පොලිසි යන්න ඕනේ මේ වැටලීම කරන්න....

:       0       15

dhamneth Tuesday, 04 April 2023 11:28 AM

දරුන්වගේ අවශ්‍යතාවලට මුල්තැන නොදී මත්පැන්වලට ගිජුවෙලා තමන් උපයන මුදලින් වැඩි හරියක් මත්පැන්වලට විනාශ කරන තාත්තලා නිසයි මන්දපෝෂණයෙන් අගහිඟකම්වලින් පෙලෙන දරුවන් වැඩිවෙලා තියෙන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 490 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site