කොක්කඩිචෝලේ කසිප්පු වැටලීමකට ගිය පොලිසියේ පිරිසක් සහ නිවැසියන් අතර ගැටුමකින් දස දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
කසිප්පු සමග සැකකාරිය අත්අඩංගුවට ගැනීමට යෑමේ දී උරණ වූ නිවැසියන් පොලිස් කොස්තාපල්වරයකුට පොල්ලකින් ගසා වාහනවලට පහර දුන් බවත්, ඔවුන් විසිරැවීමට අහසට වෙඩි තබද්දී තුවක්කු උදුරා ගැනීමට උත්සාහ කරද්දී දෙදෙනකුට වෙඩි වැදුණු බවත් පොලිසිය පවසයි.
ගැටුමෙන් තුවාල ලැබූ කාන්තාවෝ දෙදෙනෙක් (52, 24) හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් මඩකලපුව රෝහලට ඇතුළු කරනු ලැබූහ.
සුළු තුවාල ලැබූ නිවැසියෝ දෙදෙනෙක් හා පොලිසියේ සිව් දෙනෙක් ප්‍රාදේශීය රෝහලක ප්‍රතිකාර ලබති.
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කසිප්පු ගැටුමෙන් පොලිසියේ හයකුත් රෝහලේ
සත්‍යපාල Wednesday, 13 August 2014 06:32 AM
අද පොලිසියට ජනතාව හසුරුවන්න බැහැ. ඒකට හේතුව පොලිසිය ගැන මහජන විශ්වාසය පිරිහිලා. මේකට පොලිසිය වගේම දේශපාලකයොත් වගකියන්න ඕනෑ (නි)
සරත් Wednesday, 13 August 2014 07:43 AM
අයියෝ! තාමත් ලංකාවේ කසිප්පු තියෙනවද? මම හිතාගෙන හිටියේ දැන් ඕනෑතරම් කුඩු තියෙන නිසා කසිප්පු නැතුව ඇති කියලා. (නි)
බණ්ඩාර Wednesday, 13 August 2014 02:44 AM
කාන්තාවක් අල්ලාගෙන යන්න කාන්තා පොලිස් නිලධාරිනියක් හිටියේ නැද්ද ? (නි)
චානක Wednesday, 13 August 2014 02:53 AM
ගිනි අවි සහ ගිනි කෙළි බලලාවද්ද දන්නෙ නැහැ (නි)
ගිහාන් Wednesday, 13 August 2014 03:06 AM
ජපානයේ පොඩි වාහන අනතුරක් සිදුවුණත් පොලිසිය එන්නේ මෝටර් සයිකල්, පොලිස් කාර් වෑන් වලින් දහ දොළොස් දෙනෙක් පමණ. ඒ හැමෝටම පිස්තෝලත් තිබෙනවා. ලංකාවේ පොලිසියට මිනිස්සු දැන් බයක් පෙන්වන්නේ නැහැ වගේ. ඒ නිසා මේ වගේ දෙයකදී විශාල කණ්ඩායමක් යවන්න. (නි)
කුමාරි Wednesday, 13 August 2014 03:38 AM
පුදුමයිනේ? තුවක්කුත් උදුරා ගන්න හැදුවද? (නි)
ලලිත් Wednesday, 13 August 2014 09:52 AM
අද අපේ අය හින්දි චිත්‍රපටි බලනවා වැඩියි වගේ. (නි)
කමල් Wednesday, 13 August 2014 06:00 PM
දැන් කට්ටිය පිල්ලේ නෝනා ගාවට යයිද දන්නෙන නැහැ (නි)
පෙරේරා Wednesday, 13 August 2014 06:31 PM
පොලිසිය කියන කතන්දරය විශ්වාස කරන්න පුළුවන් (නි)
අනිල් Wednesday, 13 August 2014 04:15 AM
රටේ නීතිය කාහටත් පොදුයි (නි)
සමිල් Wednesday, 13 August 2014 04:43 AM
මිනිසුන්ට කේන්ති නොයන ආකාරයට පොලීසියට හැසිරෙන්න උගන්වන්න ඕනෑ ඔක්කොටම කලින්. (නි)
ඉසුරන්දි Wednesday, 13 August 2014 04:46 AM
පොලිසියට තිබෙන ගරුසරුවේ තරම මේකෙන් පේනවා. (නි)
වජිර Wednesday, 13 August 2014 09:44 PM
ඇයි ඒ මිනිසුන්ට නිදහසේ බීලාවත් ඉන්න දෙන්නේ නැත්තේ ? (නි)
චන්ද්‍රා Wednesday, 13 August 2014 12:20 PM
ටෙලි නාටකයක ජවනිකාවක්ද? හැබෑවට මෙසේ විය හැකිද? (නි)
රෝහණ Wednesday, 13 August 2014 05:59 AM
කසිප්පු කියලා මිනිස්සු බොන්නේ ජරාවක්.මේවා අපේ රටෙන් සම්පුර්ණයෙන්ම අතුගා දමන්න ඕනෑ. (නි)
පිටබැද්දර ජයා Wednesday, 13 August 2014 06:20 AM
මේ ඔක්කොටම මුල පොලීසිය පක්ෂග්රාහීව කටයුතු කිරීමයි. අද මිනිසුන්ට පොලිසිය ගැන කිසිම විශ්වාසයක් නැහැ (නි)
මිලානො ජයන්ත Wednesday, 13 August 2014 06:24 AM
දේශපාලන සවියක් නොවන්නට පොලිසිය සමඟ කිසිවෙක් ගැටුමකට යොමු නොවේ. (නි)