
(ගයාන් සූරියආරච්චි , ජේ.ඒ.එල්. ජයසිංහ සහ ෂේන් සෙනවිරත්න)
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු ඊයේ (17) අත්ඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දිගන, රජවැල්ල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි කසිප්පු ජාවාරම් කළ පුද්ගලයා සහ ඊට අනුබල දුන් අලුත්වත්ත, රජවැල්ල ප්‍ර දේශයේ පදිංචි 30 සහ 55 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
තෙල්දෙණිය පොලිසියේ පොලිස් පරීක්ෂක අතපත්තු මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දූෂණ මර්දන රාජකාරීයේ යෙදී සිටියදී දිගන , රජවැල්ල ප්‍ර දේශයේ 19 හැවිරිදි පුද්ගලයකු කසිප්පු මිලිලීටර් 70,000 ක් සමග අත්අඩංගුවට ගෙන නිලධාරීන් පැමිණි පොලිස් ත්‍රි රෝද රථයෙන් පොලිසිය කරා ගමන්කරන අවස්ථාවේදී අලුවත්ත ප්‍ර දේශයේදී පුද්ගලයන් දෙදෙනකු ත්‍රිරෝද රිය නවතා අත්අඩංගුවට ගත් සැකකරු මුදාහරින ලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය කියයි.
පසුව සැකකරුවන් දෙදෙනා අසල තිබූ නිවෙසකට ගොස් මන්නා පිහියක් සහ උදැල්ලක් රැගෙන නිලධාරීන්ට පහරදීමට තැත්කර ඇති අතර එම අවස්ථාවේදී නිලධාරීන් ඔවුන් දෙදෙනා සමග පොර බදා ඇති අතර එම අවස්ථාවේදී තවත් කාන්තාවන් දෙදෙනකු එම ස්ථානයට පැමිණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ