IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කසිප්පු අල්ලසට පොලිසියේ තිදෙනෙක් රිමාන්ඩ්

කසිප්පු ප්‍රවාහනය කළ ත්‍රිරෝද රියක් නඩු භාණ්ඩ ලෙස උසාවියට ඉදිරිපත් නොකිරීමට රුපියල් ලක්ෂයක් ඉල්ලා ඒ වෙනුවට රුපියල් දහඅට දහසක් හා රන් මාලයක් අල්ලස් ගත්තැයි  කළුතර කොට්ඨාස දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති  ද කොස්තාපල්වරු දෙදෙනෙක් ද මතුගම වැඩ බලන මහේස්ත්‍රාත්  සුසන්ත ජයසිංහ මහතා විසින් 14 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ. උප පොලිස් පරීක්ෂක චමික අරවින්ද, කොස්තාපල්වරු වන සුනිල් රංජිත් සහ දිමුතු ඔවුහුය.

සැකකරුවන් ආරක්ෂා සහිතව විශේෂ සිර මැදිරියක රඳවන ලෙසත්, රෝගී තත්ත්වයේ සිටින උප පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.



අදහස් (0)

කසිප්පු අල්ලසට පොලිසියේ තිදෙනෙක් රිමාන්ඩ්

සත්‍යයා Sunday, 13 October 2013 06:24 AM

මේ පාලන සමයේදී තරම් පොලිසිවල හා හමුදාවල අය කවරදාකවත් අපරාධ වලට පෙළඹුනේ නැහැ. ඉහළින් සදාචාරය ගිලිහී යනකොට පහළ අය ළඟ ඕවා රැඳේද කියා කිසිම සහතිකයක් නැහැ. (නි)

:       0       0

චමින්ද Saturday, 12 October 2013 06:02 PM

වැඩේ කියන්නේ මේ ගොල්ලන්ට වැඩක් වැරදුනු ගමන් අසනීප වෙන එකනේ. ඊට කලින්නම් ඉහෙන් බහින රෝග ලක්ෂනයක්වත් නැහැ නේ.(නදී)

:       0       0

ලාල් ජකර්තා Saturday, 12 October 2013 07:27 PM

උඩයි,මැදයි,යටයි ,තුන් පැත්තෙන්ම දුෂණය. රට යන ක්‍රමය අන්තිමයි. පොලිස් ඇදුම ගලවලා හිගා කෑවා නම් ඊට වඩා නම්බුයි.(නදී)

:       0       0

ආරියසේන Saturday, 12 October 2013 08:04 PM

ජීවත් වීමට නිසියාකාර වැටුපක් නොලැබීම නිසා රජයේ උසස් නිලදාරීන් සිට සුලුසේවකයා දක්වා ,නොයෙක් ක්‍රම වලින් අල්ලස් ලබාගනී.රටේ ඕනෑම ජඩ වැඩක් කර ගැලවීමේ එකම මාර්ගයත් අල්ලස. (දී)

:       0       0

රුවන්ති Saturday, 12 October 2013 10:26 PM

හරිම කණගාටුයි (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Sunday, 13 October 2013 12:54 AM

මේ දෙන්නට දැන් හොඳටම උණ කියලා මටත් හිතාගන්න පුළුවන්. අනික් එක්කෙනාටත් මේ වන විට උණ බෝවෙලා ඇති (නි)

:       0       0

උපාලි Sunday, 13 October 2013 02:19 AM

ආරියසේන, ඔබේ අදහස හරිද? කෝටි ගණන් වැටුප් ලැබූ, ඔච්චර දියුණු ජපන් රටේ අගමැතිවරු දෙදෙනෙක් පගා චෝදනා උඩ ඉල්ලා අස්වුණා. සියලු වරප්‍රසාද බුක්ති විඳින ඇමතිවරු (අපේ රටේ නෙමෙයි, පිටරටවල) පගාව අරාගන අහුවුණා කියලා නිතර පුවත්පත්වල පළවෙනවා. කොච්චර පඩි වැඩිවුණත් ආරි, 'ලුණු බිකත් බඩටනේ'. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site