IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කැසිනෝ හිමිකරුට ඇප

කොල්ලුපිටියේ කැසිනෝ රාත්‍රී සමාජ ශාලාවකදී පානදුරයේ තාරුකා නදී කුමාරී විජේසිංහට පහර දුන්නැයි කොළඹ කැරොකි සමාජ ශාලා හිමියකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා රුපියල් පන්ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

කැසිනෝ හිමිකරු තමාට බැන වැඳුණු බව ඇයගේ පැමිණිල්ලේ සඳහන්ය.

සමීපරූප සහිත සීසීටීවී කැමරා දර්ශන ඉදිරිපත් කරමින් කැසිනෝ හිමියාගේ නීතීඥ අසේල රැකව මහතා  පැවසුයේ  ඇගේ චෝදනාව අසත්‍ය බවයි.

ඇමැතිවරයකුගේ දියණියක බව කියන පැමිණිලිකාරිය කැසිනෝ සමාගමේ සංවර්ධන නිලධාරිනියක ලෙස රදවා ගත් බවත්  අලුයම පහට ඇය කැසිනෝ හලට පැමිණි බවත් සාමාන්‍ය කාන්තාවක එවැනි වේලාවක කැසිනෝ හලට නොයන බවත් රැකව මහතා කියා සිටියේය.

 

 

 

 



අදහස් (0)

කැසිනෝ හිමිකරුට ඇප

ටෙනිසන් Friday, 30 May 2014 05:06 PM

නාලක බස්නායක ඔබ හරියටම හරි. මම ලංකාවේ දී ජීවිතයේ මුල් වරට සහ අවසන් වරට කැසිනෝ හලකට ගියේ 1982 දී,එය තිබුනේ ලංකාවේ තරු පහේ හෝටලයක,ඔබ කී වගේ අද මේ අය විරුද්ද වෙන එකනම් මටත් මහා ප්‍රහේලිකාවක්.එදා මෙන්ම අදත් ඒවයෙන් රටට ලැබෙන දෙයක් නැති තරම්.ඒ නිසා ඒවා නීති ගතකලොත් අපේ ආර්ථිකයට යහපතක් වෙයි.ඔය විරුද්ද වෙන අයට සමහරවිට ඒවායේ කොටස් ඇති. ඉතින් විරුද්ද නොවී කොහොමද.? (අ)

:       0       0

බන්දු Thursday, 29 May 2014 07:24 PM

උපාය මාර්ගික ආයෝජනයක්ද? නම ගම වන්හුන් පළ කළොත් හොඳයි ඡන්ද දායකයින්ට දැනගන්ඩ.(අ)

:       0       0

සමන්ති Thursday, 29 May 2014 07:30 PM

එහෙනම් කැසිනෝ දැනුත් තියෙනවා ? (අ)

:       0       0

නාලක බස්නායක Thursday, 29 May 2014 10:36 PM

මම ලංකාවේ කැසිනෝ සුදු පොළවල් දැක තිබෙන්නේ අවුරුදු 30 කට පෙර සිටයි . අද කැසිනෝ පිළිබඳව විරෝධය දක්වන බොහෝ දෙනෙක් මේවා ඇති කළා සේම , මේවයේ පහස ද වින්දා. (ස)

:       0       0

සුජානි Thursday, 29 May 2014 11:04 PM

අනේ මන්ද කාට පිස්සුද කියල. (ස)

:       0       0

සමීර Friday, 30 May 2014 03:42 AM

දුවෙක්වත් හරියට හදා ගන්න බැරුවද ඉන්නේ (ස)

:       0       0

සම්පත් Friday, 30 May 2014 07:35 AM

සමන්ති ලංකාවේද ඉන්නේ? මේවා විවෘත ආර්ථිකේ ප්‍රතිපල. දැන් බොරුවට කෑ ගැහුවට. (ස)

:       0       0

රන්ජන් Friday, 30 May 2014 09:09 AM

මහජන මුදල් වලින් යැපෙන අයට ඒවා වියදම් කරන්න තියෙන ලේසි ක්‍රමය තමයි කැසිනෝ. (ස)

:       0       0

හර්ෂ Friday, 30 May 2014 12:19 PM

දැන් ඒ පාර ඇමති දුවලාත් කරලියට ඇවිත්.(දිල්)

:       0       0

ජෙහාන් Friday, 30 May 2014 12:21 PM

ඇමති දුවට තියෙන්නේ ජේම්ස් පාකර් ළඟ රැකියාවකට ඉල්ලන්න. අනිවාර්යයෙන් ම ලැබේවි. (අ)

:       0       0

සමන්ත Friday, 30 May 2014 12:23 PM

නරකද කැසිනෝ සංවර්ධන ඇමතිනි තනතුර දුන්න නම්. හොඳට ගැලපෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site