කොස්ගම කඳවුර අවට ළිං සියයට 95 ක ජලය බිමට සුදුසු බවත් අවි ගබඩාව ගිනි ගැනිම නිසා අහිතකර රසායනික මුසු වී නැති බවත් ජල සම්පාදන මණ්ඩලය කියයි.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්,ජල සම්පාදන මණ්ඩලයේ නිලධරයන් ඇතුළු කණ්ඩායම් හයක් අද (09) වන විට ළිං 406 ක ජලය පිරික්සා ඇතැයි ද ළිං පහක හැර සෙසු ළිං ජලයට කිසිදු රසායනයක් හෝ බාහිර ද්‍රව්‍යයක් මුසු වි නැතැයි ද ජලසම්පාදන මණ්ඩලයේ රසායනාගාර සේවා ප්‍රධානි එච්.එච්.කේ.අමරකොන් මහතා කියයි.
ළිං පහක ජලය අපිරිසිදු වී ඇත්තේ පිපිරිම නිසා නොවු එදා සිටම එම ළිං ජලය අපිරිසිදුව තිබු නිසා බව ඔහු කියයි. ග්‍රාම සේවා කොටස් අටක සියළු ළිං පරික්ෂා කරන බවත් කඳවුරු භූමියේ භූගත ළිදේ හා කඩා නොවැටුණු කුළුනේ ජලය ද බීමට සුදුසු බව ඔහු කියයි.
ළිං පරික්ෂණයට ගිය නිලධරයෝ පිරිසිදු ළීං වල වතුර බී පෙන්වුහ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කොස්ගම ළිං වතුර බීමට සුදුසුයි
ආනන්ද Thursday, 23 June 2016 04:53 PM
අපිට දැන් වතුර පෙවෙන්නෙත් නැහැ මේ ආණ්ඩුවේ වැඩ වලට. ළිඳට පනින්නයි හිතිලා තියෙන්නේ (නි)