IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොස්ගම ඕඅයිසී නිකම් ලෙඩක් දා ගනී

කොස්ගම පොලිස් ස්ථානාධිපති තිලිණ හෙට්ටිආරච්චි මහතාගේ සේවය වහා තහනම් කළ බවත්, දූෂණයක් සිදු වී නැතත් රාජකාරිය පැහැර හැරීමක් වී ඇති බව පෙනෙන නිසා එම තීරණය ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

පසුගිය 18 වැනිදා කොස්ගම ඇස්වත්තේ දී අනවසර මැණික් ගරන්නන් නව දෙනකුට ඇප දීමේ දී නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකළ බව පෙනෙනේ යැයි ද මාධ්‍ය ප්‍රකාශක පවසයි.

සැකකරුවන් පොලිසියට බාර දී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසිනි.

 



අදහස් (0)

කොස්ගම ඕඅයිසී නිකම් ලෙඩක් දා ගනී

නන්දාවති Tuesday, 22 October 2013 11:27 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාට මෙවැනි අවංක වැඩක් කරන්න හිතුනේ ඇයි දන්නේ නැහැ. මොනවා උනත් ශේෂ්ඨ වැඩක්.(නදී)

:       0       0

රණ රාල Tuesday, 22 October 2013 03:49 AM

උපාලි මහත්තයා ඉන්නේ මොන රටේද? (නි)

:       0       0

ගිම්හානි Monday, 21 October 2013 07:45 PM

මෙයාටත් අර වාස්ට කරපු දේම කරලා (අ)

:       0       0

ගජ මෑන් Monday, 21 October 2013 07:46 PM

නීතිය කාටත් එක වගේ කොහේද උපාලි. "අනේ අපි කවදාක ඉපදෙමුද එරටේ?" (අ)

:       0       0

චානක. Monday, 21 October 2013 08:53 PM

නීතිය කාටත් එකවගේ තිබුනා නම් ලංකාව දියුණු වෙලා ගොඩක් කල්.රටට ගිය කලක්...! (නි)

:       0       0

දේශාන් Tuesday, 22 October 2013 08:51 AM

ඔය ක්‍රියා මාර්ගය හැමෝටම යෙදුවොත් ලංකාවේ ඕ.අයි.සී ලා නැති පොලිසි ඉතිරි වෙන්නේ (නදී)

:       0       0

රන්ජි Monday, 21 October 2013 09:49 PM

අනිවාර්යෙන්ම මේකට දේශපාලකයෝ බැල්ම හෙලන්න ඇති (දිල්)

:       0       0

පෙරේරා Monday, 21 October 2013 04:27 PM

මේ විදිහේ අපරාධයකට පොලිස් ඇප දෙන්න බැරි බව ඇත්ත ඒ වුනත් රස්සාවෙන් පහ කරන්න තරම් වරදක් වෙලා තියෙනවද? මීට වඩා දරුණු රාජකාරි පැහැර හැරීම් පොලිස් නිලධාරින් කරලා යස අගේට සේවයේ ඉන්නේ. (ස)

:       0       0

උපාලි Monday, 21 October 2013 05:04 PM

අනේ පෙරේරා දන්න දේ? නීතිය කාටත් එක වගේ (නි)

:       0       0

ලංකා Monday, 21 October 2013 10:15 PM

මට තේරෙන්නේ නෑ ප්‍රදේශය බාර පොලිස් ලොකු මහත්තයාගේ ඔලුව නරක්වේලාද කොහෙද. අල්ලන්නකෝ ඔය මිනිස්සුන්ව නෙමෙයි, ට්‍රැපික් එකෙන් ගහන අයව(නදී)

:       0       0

සරත් Monday, 21 October 2013 05:16 PM

පුද්ගලික පළිගැනීමක්වද්ද? (නි)

:       0       0

පෙරේරා Monday, 21 October 2013 05:41 PM

උපාලි, මෙතන නීතිය කාටත් එක වගේ ක්‍රියා නොකෙරුන එකයි මට තිබෙන ප්‍රශ්නය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site