IMG-LOGO

කෘෂි පර්යේෂණ නිලධාරිනියට පිහියෙන් ඇනලා

(පී.බී ගාර්දයවසම් සහ චන්ද්‍රෙස්න ගමගේ)

තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේදී අද (27) උදෑසන තියුණු ආයුධයකින් පහරදී සේවය සදහා යමින් සිටි කෘෂිකර්ම පර්යේෂණ  නිෂ්පාදන සහාකාරවරියක මරා දමා ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.

 මරා දමා ඇත්තේ නෙටොල්පිටිය ,වැලිආර පදිංචි දීපශිකා ලක්‍ රුවනි විජේදාස නැමැති 28 හැවිරිදි විවාහක කාන්තාවකි .

ඇය සේවය සදහා නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට යමින් සිටියදී මග රැක සිටි අයෙකු තියුණු ආයුධයකින් පහරදී ඇතැයි පොලිසිය පවසයි.

මළසිරුර තංගල්ල මහ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත . සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත් අඩංගුවට ගැනිමට තංගල්ල පොලිසිය සමත් ව ඇති අතර සිද්ධිය සමහ්බන්ධයෙන් තංගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීඛ්ෂක ජයවික්‍රම මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක්  පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (8)

කෘෂි පර්යේෂණ නිලධාරිනියට පිහියෙන් ඇනලා

පියරත්න Monday, 27 March 2023 11:05 AM

කණගාටුදායක සිද්ධියක් කියන්නම්කො ඔය ප්‍රදේශයේ මිනිස්සු හරියට කටුගහේ කටු උල්කරන්න අවශ්‍ය නැහැ වගේම තමයි තංගල්ල කියන්නෙ මීනීමරුවන්ගෙ රජ දහනක් කිව්වට වැරැද්දක් නැහැ කොහොම වුනත් ඔය කියන තනතුරු ධාරීන් කරන පර්යේෂණ මොනවාද කියලා දන්න කෙනෙක් කියන්න එනිසා තනතුර කුඹුරු නිළධාරි කියලා අලුතින් සකසන්න වැරදි නම් ඔවුන් කරපු පර්යේෂණ වාර්තා (සංඛ්‍යා ලේඛන නොවෙයි ) ප්‍රසිද්ධ කරන්න

:       10       5

Lalla Monday, 27 March 2023 01:17 PM

තේරෙනව නේද පෙම් පලහිලව්වක් කියල..

:       11       1

ලුම්බිණිMonday, 27 March 2023 01:57 PM

නොදන්න දේවල් නොකිය ඉන්නවද?

:       0       8

පැරකුම්Monday, 27 March 2023 02:56 PM

අනිවාර්යයෙන්ම එහෙම දෙයක් වෙන්න ඕන. සැකයක් නෑ.

:       0       1

Mr Don Monday, 27 March 2023 03:02 PM

දකුන ඉන්න වැඩිපුර දූශන,මිනිමැරුම් කාරයෝ

:       2       2

de silva Monday, 27 March 2023 03:15 PM

මොනව නමුත් ප්‍රචන්ඩත්වය අනුමත කරන්න බැහැ , මෙ නිලදරිනිය ගැන දන්නෙ නැති නිසා මරණය ගැන හෝ අය ගැන පුර්ව නිගමනයකට එන්න බැහැ. නමුත් ලංකාවෙ ගොවිජනසෙවා කාර්යාලයකින් වැඩක් කරගන්න ගියහම වෙන රස්තියාදුව දැක්කහම සමාන්‍යය මිනිසුන්ටත් සිතෙනව ඒ්කෙ ඉන්න නිලදරින් පිහියක් අරන් අනින්න.

:       0       3

saman Monday, 27 March 2023 03:42 PM

අද රටේ අපරාධ වැඩි වී ඇත්තේ ඒවාට නිසි දඬුවම් නොලැබීම නිසයි.

:       0       3

Goviya Monday, 27 March 2023 07:09 PM

රජය විසින් කරන වැරදි වලට ගොවීන් වෛර කරනුයෙ නිළදාරින්ටය.ඇතැම් විට මෙය කුඹුරු ඉඩම් ගොඩ කිරීමක් සම්බන්ධ ගැටළුවක් විය හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 265 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 794 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1205 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site