IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ක්ෂේත්‍රයේ ගොඩාක්ම හිතවත් ප්‍රවීණ අය

2016-03-18-ent-27

වේදිකාව තුළින් පුංචි සිනමාවට අවතීර්ණ වී අවුරුදු 4 කාලයක් ප්‍රේක්ෂක ප්‍රතිචාරය මෙන්ම බොහෝදෙනාගේ ආදරයට පත් චරිතයක් ලෙස රශීප්‍රබා සන්දීපනී හැඳින්වීමට පුළුවන. වර්තමානයේ බොහෝ ටෙලිනාට්‍ය තුළින් දැකගැනීමේ අවකාශය ඇති ඇය සමග එක්වූ මොහොතකි මේ.

 

2016-03-18-ent-24වර්තමාන තොරතුරු
මේ දවස්වල ඇත්තටම කාර්යබහුල වෙලා ඉන්නේ. මොකද, ස්වර්ණවාහිනියේ යකඩ කහවණු සහ දෙරණේ දේදුන්නයි ආදරේ ටෙලිනාට්‍ය දෙකක් විකාශනය වෙනවා. මගේ වේදිකා නාට්‍ය ගැන කිව්වොත්, දිවයින පුරාම රත්නාවලී සහ සිංහබාහු ගොඩක් දර්ශන වාර තියෙනවා. නේරංජනා සහ දන්සූර්යයා අලුතෙන් කරපු ටෙලිනාට්‍ය කිහිපයයි. මගේ අලුත්ම නාට්‍ය වන සමන් ප්‍රනාන්දුගේ "මිලීෂා" ලබන සතියේ පටන් ගන්නවා. ඉතිං මේ අලුත් වැඩ ටික තමයි මේ දවස්වල කාර්යය බහුලත්වයට හේතුව වන්නේ.

 

පැමිණි ගමන්මාර්ගය සහ එහි සාර්ථකත්වය
මෙම ක්ෂේත්‍රය තුළ දැනට මම අවුරුදු 4ක් වෙනවා. ඒ දවස්වල කට්ටිය කිව්වා මාත් එක්ක ආපු අයත් මාව පහුකරගෙන යනවා කිව්වා. ඒ කාලේදී ඇහැව්වා එහෙම වුණාම ඔයාට දුක නැද්ද? කියලා. මම කිව්වා මම හිමින් හිමින් යන්නේ. මට හොඳ වැඩවලට ලැබෙන ආරාධනාවලට විතරයි මම වැඩ කළේ. ඒ විදිහට දිගින් දිගටම හොඳ වැඩවලට ආරාධනා හම්බ වුණා. සතුටුයි ආපු ගමන දිහා බැලුවහම.

 

වේදිකා ජීවිතය
වේදිකාවත් එක්ක සහ මේ දේවල් එක්ක තමා කාලය කළමනාකරණය කරන්න අමාරු. මොකද මේ දවස්වල වේදිකා නාට්‍ය ගොඩක් තියෙනවා. වේදිකා කටයුතුවලට දායකත්වය දෙනකොට සමහර දවස්වලට නිදාගන්නෙත් නැහැ.

 

වෘත්තීමය රංගන ජීවිතය
මම එදා ඉඳන්ම කියන දෙයක් තමයි වැඩ තියෙන කාලයක් වැඩ කරනවා. ඉතිං මේ වෙනකොට යම්තාක් දුරට තියෙන වැඩ හින්දා ඒවා කරගෙන ඉන්නවා. දැනට වෘත්තීමය රංගන ජීවිතයක් ගත කරනවා. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ.

 

ක්ෂේත්‍රය පිළිබඳ අදහස
මම කියන්නේ වැඩකරන කෙනාට වැඩ හොඳට කරන්න පුළුවන් තැනක්. ඉතිං තමන් තමයි දැනගන්න ඕනේ ක්ෂේත්‍රයේ කොහොමද රැඳෙන්න ඕනේ සහ තමන්ගේ දක්ෂතාව ගැන විශ්වාසයක් තියෙනවා නම්, ඒ විශ්වාසයත් එක්ක හදිස්සි නොවී කලබල නොවී තමන් හරි තීරණය අරගෙන ගියොතින් තමන්ට පුළුවන් හොඳ ගමනක් යන්න. ඒකයි මම හිතන විදිහ.

 

නවකයන්ට ක්ෂේත්‍රයෙන් ලැබෙන චෝදනා
ක්ෂේත්‍රයේ ගොඩාක්ම හිතවත් වෙලා ඉන්නේ ප්‍රවීණ අය. ඉතිං ඇත්තම කියනවා නම් නවකයන්ට වැඩියෙන් ගොඩක් හිතවත් ප්‍රවීණ අයයි. ඒකට විශේෂ හේතුවක් මම දන්නේ නැහැ. සමහර කියනවානේ නවකයන් ප්‍රවීණයන් අතරේ ගැටලු තියෙනවා කියලා. ඒක අනිත් අයට කොහොම දැනුණත් මට නම් ප්‍රවීණ අය එච්චර කාරුණිකද කියලත් හිතෙනවා. ඒ අය නම් එදා ඉඳන්ම මට කියනවා හොඳ ගමනක් තියෙනවා ඉස්සරහට යන්න. ඒක නිසා පරිස්සමට මේ ගමන යන්න කියලා. ඒ අය එදා වගේම අදටත් මාත් එක්ක ශක්තියක් වගේ ඉන්නවා. ඉතිං මම හිතන්නේ ඒ අයගෙන් ලැබුණු ආශීර්වාදයත් එක්ක තමා මම මෙච්චර දුර ආවේ. මම ආපු පළමුවෙනි නාට්‍යයේ ඉඳන්ම ප්‍රවීණ අයම මාව ගොඩක් වැඩවලට යෝජනා කරනවා. ඉතිං මට සතුටුයි ඒ ගැන.

 

ගමන්මගේ තෘප්තිය
සෑහෙන බාධා තිබුණා. මම හිතන්නේ තාම මම පොඩි පියවරවල් ටිකක් තමයි ඉදිරියට ඇවිත් තියෙන්නේ. තව යනවා නම් සෑහෙන දුරක් යන්න ඕනේ. ඇත්තටම අවුරුදු හතර දිහා බැලුවොත්, ඒකෙ මගේ විශ්වාසය, කැපවීම, ධෛර්යය තමයි තියෙන්නේ. මට ඇත්තට තෘප්තිමත් මගේ ගමන ගැන. බොහොම හිමින් හිමින් ආපු ගමනක්. ඒ ආපු ගමන ගැන මට ඇත්තටම සතුටක් තියෙන්නේ.

 

සාර්ථකත්වයේ පිටුපස උදවිය
මාව මුලින්ම ක්ෂේත්‍රයට හඳුන්වාදුන් චංචලා බුලත්වත්ත අක්කටත්. මාව වේදිකාවට හඳුන්වාදුන් ගංගා පරණවිතාන ගුරුතුමියටත්, ඒ වගේම වචනයකින් හරි ක්ෂේත්‍රයේදී මාව වැඩකට යෝජනා කරද්ද මම හොඳයි කියලා මාව යෝජනා කරපු හැමකෙනාටමත්, ඒ කියන්නේ අධ්‍යක්ෂවරයාගේ සිට කැමරා කණ්ඩායමේ කෙනෙක් වේවා, සහය අධ්‍යක්ෂවරයෙක් වේවා ඒ හැමෝටම ස්තූති වන්ත වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඉසුරු පෙරේරා


ada

2016-03-18-ent-19
2016-03-18-ent-20
2016-03-18-ent-21
2016-03-18-ent-22
2016-03-18-ent-23
 
 



අදහස් (0)

ක්ෂේත්‍රයේ ගොඩාක්ම හිතවත් ප්‍රවීණ අය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site