IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


කෘෂිකර්ම ඇමති අනතුරක පෙර නිමිති ගැන කියයි

(අංජුල මහික වීරරත්න)

ගොවීන්ට වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා  නම් ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න ලබාගත හැකි කන්න දෙක පසුගිය මහ කන්නයත් මෙම යල කන්නයත් වනු ඇතැයි කෘෂිකර්ම වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශයේ වැඩ බාර ගනිමින් අද පැවසීය.

දැන් ලංකාවට අවශ්‍ය සහල් සහ වෙනත් ආහාර අනිවාර්යෙන්ම පිටරටින් ආනයනය කරන්නට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට සහල් හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමට නම් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටක අවශ්‍යතාවය පැන නැගී තිබෙන බව කී අමාත්‍යවරයා  පසුගිය මහ කන්නයේ මෙන් මෙවර යල කන්නයේ අසාර්ථක වුවහොත් දැවැන්ත ආහාර හිඟයකට මුහුණ පාන්නට සිදුවන බවද සඳහන් කළේය.

බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ වැඩ අරඹමින් මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (2)

කෘෂිකර්ම ඇමති අනතුරක පෙර නිමිති ගැන කියයි

දාස Tuesday, 24 May 2022 11:59 AM

මුන්ට මොන අනතුරුද, සැප වාහනෙ නොම්ලෙ , ඩ්‍රයිවර් නොමිලෙ තෙල් නොමිලෙ. ඒව ගහන්නෙ අපිනෙ , මුන් දියවන්නාවෙ ආතල් ගන්නව.

:       0       0

සී.යූ. Tuesday, 24 May 2022 12:04 PM

ගරු අමාත්‍යතුමණි මේ රට කෘෂිකර්මාන්තය පාදක කර ගත් රටක් වන බැවින් කරුණාකර කෙටි කාලීන හෝ මැදකාලීන සැලැස්මක් යටතේ දේශීයව යූරියා පොහොර නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීමටත් අප රට සතුව ඇති වටිනා පොස්පේට් නිධිය මගින් අනෙකුත් පොහොර නිෂ්පාදන වැඩිකිරීමේ පියවරයන් වාහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න මෙවැනි සුභදායී වැඩපිළිවෙල හමුවේ ඇතිවන ආර්ථික දුෂ්කරතාවලට රට වෙනුවෙන් තවදුරටත් ඉවසීමට ජනතාව කටයුතු කරාවි.ඔබට තෙරුවන් සරණින් ඒ සඳහා ශක්තිය ධෛර්ය ලැබේවායි සුභ පතමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 212 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 714 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site