IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෙවින් පීටර්සන් එක්දින තරග බිමෙන් සමුගනියි

එංගලන්ත සුපිරි පිතිකරු කෙවින් පීටර්සන් අන්තර්ජාතික එක්දින ක‍්‍රිකට් තරග බිමෙන් සමුගැනීමට තීරණය කර තිබේ. එක්දින සහ විස්සයි-20 තරගවලින් සමුගත්ත ද, ටෙස්ට් තරග සඳහා එංගලන්ත පිලට ක‍්‍රීඩා කිරීමට පීටර්සන් අපේක්‍ෂාවෙන් සිටියි. පීටර්සන් පවසන්නේ 2015 වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සදහා එංගලන්ත පිලට යොවුන් කී‍්‍රඩකයන් සුදානම් කිරීමට අවස්ථාව ලබා දෙමින් තමන් සීමිත  ඕවර තරගවලින් සමුගැනීමට තීරණය කළ බවයි. ශ්‍රී ලංකාවේදී සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා තමන්ට එංගලන්ත පිලේ අවස්ථාව හිමිවුවහොත් ක‍්‍රීඩා කරන බවත්, එංගලන්ත ක‍්‍රිකට් තේරීම් කමිටුව ටෙස්ට් තරගවලදී තමන්ට අවස්ථාව ලබාදෙනු ඇතැයි විශ්වාසයෙන් පසුවන බවත් පීටර්සන් පවසයි. 2004 වසරේදී සිම්බාබ්වේ පිලට එරෙහිව මංගල එක්දින තරගයට සහභාගි වු 31 හැවිරිදි පීටර්සන් තරග 127 කදී ශතක 9 ක් සමග ලකුණු 4184 ක් ලබා සිටියි. විස්සයි-20 තරග 36 කදී ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1176 කි.



අදහස් (0)

කෙවින් පීටර්සන් එක්දින තරග බිමෙන් සමුගනියි

පැට්‍රික් Saturday, 02 June 2012 03:24 PM

ලංකාවේ අය වගේ නෙමෙයි අපේ අය එලෙව්වත් යන්නේ නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site