IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කවින්ද්‍යා දැනට පෙම්වතියක්ද?

2016-08-07-ent-30

කවින්ද්‍යා මේ දවස්වල මොනවද කරන්නේ... මේ දවස්වල අලුත් නිර්මාණයක් කළා. ඒකට වීඩියෝවකුත් කළා. ඒක ඉදිරියේදී එළිදකීවි. ඊට අමතරව මම කේබල් ටීවී නාලිකාවක නිෂ්පාදකවරියක් සහ නිවේදිකාවක් ලෙස වැඩ කරනවා. ඒවා තමා සිද්ධ වෙන්නේ.

 

නිවේදනය ගායනය ඇරුණම රඟපාන්න ආරාධනා ලැබිලා නැද්ද?

2016-08-07-ent-32රඟපාන්න පෙරේදත් ආරාධනාවක් ලැබුණා. ඊට කලිනුත් ගොඩක් ලැබිලා තියෙනවා. රංගනයට මගේ ඒ තරම් කැමැත්තක් නැති නිසා මම ඒකට කැමති නෑ.

 

හොඳ නිර්මාණයක් ලැබුණොත්..?

ඒත් රඟපෑම කියන්නේ මම කැමති දෙයක් නෙමෙයි. හොඳ නිර්මාණයක් ලැබුණත් මම කවදාවත් ඒකට යොමු වෙන්නේ නම් නෑ.

 

ගායනයටද නිවේදනයටද වැඩිපුරම කැමති.?

ගායනයට

 

ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන්නේ කවුද?

ළඟින්ම ඇසුරු කරන්නේ මගේ අම්මිව. ඒ ඇරෙන්න අනිත් හැමෝවම මම යාළුවො විදිහට ළඟින් ඇසුරු කරනවා.

 

කවින්ද්‍යාට තරහ යනවද?

කවින්ද්‍යා කියන කෙනා තරහ ගන්නේ නැති කෙනෙක්. හරිම අහිංසක කෙනෙක්. හැබැයි කවින්ද්‍යාව තරහ ගැස්සුවොත් එයාට ගොඩක් තරහ යනවා. තාම නම් කවුරුවත් ඒ විදිහට තරහා ගස්සලා නෑ.

 

දැනට කවින්ද්‍යා රටවල් කීයක සංචාරය කරලා තියෙනවද?

ගියපු රටවල් ගාණ නම් ගණන් කරන්නවත් බැරි තරම්. අම්මිගේ බඩේ ඉද්දිත් මම රටවල් ගොඩකට ගිහින් තියෙනවා. ඉපදුණාට පස්සෙත් ගොඩක් ගිහින් තියෙනවා.

 

පහුගිය කාලයේ ආරංචියක් තිබුණා කවින්ද්‍යා රට හැර යනවා කියලා. ඒක ඇත්තක්ද?

ඒ වගේ ආරංචියක් ලැබුණේ කොහොමද කියන්න නම් මම දන්නේ නෑ. මම ඒ වගේ කතාවක් කියලා නම් නෑ. මම එහෙම යනවා නම් යන්නේ අම්මියි මල්ලියි එක්ක විතරයි.

 

කවදාහරි දවසක පිටරටක පදිංචි වෙන්න අදහසක් තියෙනවද?

මම එහෙම තීරණයක් ගන්නෙත් අම්මියි මල්ලියි එක්ක විතරයි.

 

තාත්ත එක්ක යුග ගීතයක් ගායනා කරන්න ලැබුණොත් ගායනා කරනවද?

තාත්ත කැමති නම් මම කැමතියි.

 

අම්මයි තාත්තයි ගායනා කරපු ගීතවලින් කවින්ද්‍යා කැමතිම මොන ගීතයද?

මම වැඩියෙන්ම කැමති සඳ තරු මල් ගීතයට. ඒ වගේම අම්මියි තාත්තයි මල්ලිට සෝන්ග් එකක් කරලා තියෙනවා සඳ සුමුදුයි කියලා. දෙවැනියට මම වැඩියෙන්ම කැමති ඒ සින්දුවට.

 

කවින්ද්‍යා දැනට පෙම්වතියක්ද?

තාම නෑ,

 

මොනවගේ කෙනෙක්ටද කැමති?

දැනට නම් එහෙම අදහසක් නෑ. ඉදිරියේදී මම කියන්නම්කො.

 

අම්මගෙයි තාත්තගෙයි ජීවිතවලට සිද්ධ වෙච්ච දේවල් දුවෙක් විදිහට දකින්නේ කොහොමද?

මම විශේෂයෙන්ම දකින දේ තමා ඒ අය ඒ ප්‍රශ්නවලට මුහුණ දීපු විදිහ. එයාලා කවදාවත් ඒ ගොල්ලන්ගේ දරුවන්ට ඒ දුක දැනෙන්න දුන්නේ නෑ. ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න නිසා මම කවදාවත් දුකට පත් වුණේ නෑ. එයාලා හොඳින් ඒ ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා.

 

අම්මා වගේ දේවල් දරා ගන්න ශක්තිය කවින්ද්‍යාටත් තියෙනවද?

මම හිතන් නෑ අම්මි තරමටම දේවල් දරාගන්න හයියක් මට තියෙනවා කියලා. හැබැයි අම්මි තරමටම නැතත් ඊට ටිකක් හරි අඩුවෙන් මටත් දේවල් දරාගන්න පුළුවන්.

 

අනාගත බලාපොරොත්තු මොනවද?

මම ගොඩක් ලොකුවට අනාගත බලාපොරොත්තු තියාගෙන ජිවත් වෙන කෙනෙක් නෙමෙයි. හෙට ගැන හිතලා හෙට කරන්න තියෙන දේ සතුටින් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් මම.

 

තනූජා ලුම්බිණි
 

සේයාරූ I FB

 

DESHAYA

2016-08-07-ent-29
2016-08-07-ent-31



අදහස් (0)

කවින්ද්‍යා දැනට පෙම්වතියක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 542 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site