IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


කොවිඩ් පැතිරීම හොඳටම වැඩියි

 

(සුජිත් හේවාජුලිගේ)

සමාජයේ කොවිඩ්  පැතිරීම හොඳටම වැඩි යැයි අංගොඩ බෝවන රෝග  විද්‍යායතනයේ ( අයි ඩී එච් රෝහල) කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ලංකාදීපයට පැවැසීය.

මේ තත්වය දිගටම පැවතුණහොත් වැඩිකල් නොගොස් සමාජයේ  භයානක තත්වයක්  මතුවිය හැකි බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ්  පැතිරීම පාලනය කිරීමට නම්   ජනතාව සෞඛ්‍ය නීති පිළිපැදීම වැදගත් බවද  සඳහන් කළේය.

අද බොහෝ  ජනතාවට සෞඛ්‍ය නීති අමතකවී ඇති බවත්  විශේෂයෙන් මංගල උත්සවය ඇතුළු විවිධ  උත්සව සඳහා ලබාදුන් නිර්දේශ නිසියාකාරව ක්‍රියාත්මක  වන තත්වයක් පෙනෙන්නට  නැති  බවත්  ඔහු පැවසුවේය.

මංගල උත්සව ඇතුළු විවිධ උත්සව  සඳහා පමණ ඉක්මවා පිරිස් සහභාගිවීම ගැටලුවක් බවද ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දුන්නේය.

ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය  පැතිරීම  ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙලෙස ඉහළ  යෑමට ප්‍රධාන හේතුවක් වන්නට ඇතැයි  විශ්වාස කරන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ජනතාව මේ අවස්ථාවේදී තෙවැනි මාත්‍රාව කඩිනමින් ලබා ගැනීමද ඉතා වැදගත් බව සඳහන් කළේය.

කොළඹ බෝවන රෝග  විද්‍යායතනයද  කොවිඩ්  රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.



අදහස් (5)

කොවිඩ් පැතිරීම හොඳටම වැඩියි

Sriland Thursday, 27 January 2022 02:15 PM

කොවිඩ් වලට කොයිතරම් බිල්ලෝ මවනවද.?

:       9       5

මහසෙන් Thursday, 27 January 2022 02:33 PM

ඔබතුමා ප්‍රකාශ කරන කරුනු සත්‍යයක් .ගෙවී ගිය කාල වකවානුව පුරාවටම ඉදිරිපත් කල සෞඛ්‍ය නීතී විහිලුවක් වීම පමණයි උනේ. අනෙක් නිතීත් එහෙම තමා. ඒ වගේම ලෝකෙට පේන්න රජය කලේ සමාජයේ සැනකෙලි සිරි මැව්වා. හැම දේම විහිලුවක් වූ රටක අපේ මිනිස්සුත් එයින් ප්‍රයෝජන ගත්තා. නමුත් තවමත් වගකිවයුතු අය රටට ඇත්ත කියනව ද.නෑ. කරන්නේම බොරුව. මිනිස්සු ත් බොරුව කියලා දැන දැන තමන්ගේ දේවල් කරනවා. වෙන මොනවා කරන්න ද? ඔබ තුමාලා සමාජේ ලෙඩ්ඩු වැඩි කියනවා. ව්පක්ෂය ආන්ඩු පෙරලන්න හදනවා.

:       4       10

Nalin Thursday, 27 January 2022 02:45 PM

එන්නත් වලින් පලක් නැත. ප්‍රවර්ධනය කරන්න එපා....

:       14       5

UpaliThursday, 27 January 2022 04:09 PM

ඔබ හරි. ඇමරිකාවේ ෆයිසර් ආයතනය කියනවා ඔමික්‍රෝන් වලට එන්නතක් සාදා දැන් පරීක්ෂණ මට්ටමේ තියෙනවා කියලා. අපේ උගත්, දොස්තර මහත්තුරු කියනවා ෆයිසර් බූස්ටර් එන්නත ඔමික්‍රෝන් වලට හොඳයිලු.. අනේ මන්දා..!!!

:       0       0

fairoos Thursday, 27 January 2022 04:14 PM

අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 851 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2490 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1790 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site