IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කල් පැන්න නිෂ්පාදන පාවිච්චි කළ රූපලාවන්‍ය මධ්‍යස්ථාන 6 ක් වසා දැමේ

salons

 

අල් වාබ්, දුහායිල්, සල්වා පාර, අල් කීෂා සහ අල් මිර්කාබායි යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය රූපලාවන්‍ය මධ්‍යස්ථාන 6 ක් තාවකාලිකව වසා දැමීමට ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කල් ඉකුත් වූ නිෂ්පාදන පාවිච්චි කිරීම හේතුවෙන් සතියේ සිට සති 2 දක්වා වූ කාලයක් සඳහා මෙම මධ්‍යස්ථාන වසා තබා ඇත.


“අකාල්-මින්-අල්-වාජෙබ්” (අපට කරන්න පුළුවන් අවම දේ) යන තේමාව යටතේ රාමදාන් මාසයේදී ක්‍රියාත්මක කරන වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අමාත්‍යාංශය ඉහත මධ්‍යස්ථාන හඳුනා ගෙන තිබේ. මිල පාලනය වළක්වා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට හැකි වන පරිද්දෙන් වෙළෙඳ පොළ නිරීක්ෂණය කිරීමට රාමදාන් මාසයට පෙර සිට සහ රාමදාන් මාසය අතරතුර සෝදිසි මෙහෙයුම් වැඩි කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 


අමාත්‍යාංශය විසින් ඉහත රූපලාවන්‍ය මධ්‍යස්ථාන 6 ට දඩ නියම කොට ඒවා තාවකාලිකව වසා දමා ඇත්තේ 2008 අංක 8 දරන නීතියේ 7 වැනි වගන්තිය යටතේය. යම් නිෂ්පාදනයකට අදාළ සියලුම නිවැරැදි තොරතුරු එම නිෂ්පාදනයේ ඇසුරුම මත පැහැදිලිව පෙනෙන ලෙස සඳහන් කිරීමටත් කිසිම ආකාරයකින් පාරිභෝගිකයන් නොමග යවන සුළු විස්තරයක් එහි අන්තර්ගත 
නොකිරීමටත් සැපයුම්කරුවා වගබලාගත යුතු බව එම නීතියේ දැක්වේ.



අදහස් (0)

කල් පැන්න නිෂ්පාදන පාවිච්චි කළ රූපලාවන්‍ය මධ්‍යස්ථාන 6 ක් වසා දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 574 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site