IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කාලෙ ගෙවී යයි

ශ්‍රී ලංකාවේ ප‍්‍රශ්නයට විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් කාලය වේගයෙන් ඉක්ම යන බවත් විසඳුමක් පතා අන්තර් ජාතික ප‍්‍රජව වසර තුනක්ම බලා සිටි බවත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ආධාරයෙන් ස්ථිර සාර සාමය බීජ වැපිරිය යුතු බවත් මහජන ආරක්‍ෂාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා  මානව හිමිකම් පිළිබඳ ඇමෙරිකා සහකාර ලේකම් මරියා ඔටේරෝ ජිනීවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඇමෙරිකාවේ ස්ථාවරය මතු කරමින් ප‍්‍රකාශ කළාය. ඇය මෙසේ කීවාය.. ’’සංහිඳියාව හා කළ කී දේ පිළිබඳව වගවීම නැති තැන ස්ථිර සාමයක් නැති  බව අපි අත්දැකීමෙන් දන්නෙමු.’’ ’’ ශ්‍රී ලංකාවේ ප‍්‍රශ්නයට විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් කාලය වේගයෙන්ම ඉක්ම යන බවට ඇමෙරිකාව සැක සංකා පවතිනවා. ශ්‍රී ලංකාව කි‍්‍රයාමාර්ගයක් ගනිතියි අන්තර්ජාතික ප‍්‍රජාව වසර තුනක් බලා සිටියා. උඟත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිසමේ වාර්තාව නිකුත් කිරීම අගය කරනවා. එහි නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතුයි. 2009 දී ගැටුම අවසන් වූ පසුව ද්විපාර්ෂිකව අප මේ ගැන  ශ්‍රී ලංකාවට කතා කළා. ශ්‍රී ලංකාව සමග අප දිගටම වැඩ කිරීමට සුදානම්. මානව හිමිකම් කවුන්සිලය මගින් ස්ථිරසාර සාමයේ බිජ දැන් වැපිරිය යුතු කාලයයි.’’



අදහස් (0)

කාලෙ ගෙවී යයි

දළු බණ්ඩා Friday, 02 March 2012 07:35 PM

ඒ කතාව නම් ඇත්ත තමයි. තවත් ගැටුමකට කලින් විසදුමක් ගෙන්න වෙනවා..

:       0       0

Yoonus Friday, 02 March 2012 09:42 PM

ළමයව කුණිත්තන්නෙත් ඒ අයමයි. නලවන්නෙත් ඒ අයමයි..

:       0       0

ඩි.ජි නිශාන්ත දසනායක...(සුමුදු) Saturday, 03 March 2012 04:51 PM

උගත් පාඩම් කොමිසමින් උනත් අප ක්‍රියා කල යුත්තේ රටට අවශ්‍ය හා රටට ගැලපෙන තින්දු තිරණ පමණයි. නැතිව එන් ජි ඔ සංවිධාන හා කොටි හිතවාදින්ට උවමනා තිරණ නොවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site