IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


කල්පිටිය ප්‍රා සභාපතිට මැර ප්‍රහාරයක්

( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පත්මා කුමාරි )

කල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් තිබු මෝටර් රථයකට මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයෙදී පිරිසක් ඊයේ (16 ) රාත්‍රියේ පහර දී වාහනයට බරපතල අලාභ හානි කර සභාපතිවරයාටද පහර දීමක් කර ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.

මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ ජාතික ජන බල වේගය පක්ෂයෙන් මෙවර කල්පිටිය ප්‍රදේශීය සභාවට තේරී පත්වු අබ්‍දුල් සත්තාර් මොහොමදු රික්කාස් මහතා ගමන් ගනිමින් තිබු මෝටර් රථයට බව කියයි.

සභාපතිවරයා තවත් කිප දෙනෙකු සමග ජාතික ජන බලවේගය පක්ෂයෙ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් පයිසාල් මහතාගේ නිවසට පැමිණ ආපසු නොරෝච්චෝලය  බලා විරුතෝඩේ හරහා ගමන් කරමින් සිටියදි  එම නිවස ආසන්නයේදී මෙම ප්‍රහාරයට ලක්ව තිබුණි.

ඔහු මේ පිළිබදව පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ. මෙම සිදුවීමෙන් පසු  ප්‍රදේශයෙ ආරක්ෂාව සදහා පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය යෙදවිමට කටයුතු කර තිබුණි.

 



අදහස් (2)

කල්පිටිය ප්‍රා සභාපතිට මැර ප්‍රහාරයක්

යෝගා Tuesday, 17 June 2025 10:28 AM

පාපිසි අතර ගැටුමක් වගේ.

:       7       6

Dinesh Tuesday, 17 June 2025 02:58 PM

යෝගා මේක තමා විපක්ෂයේ බංකොළොත් දේශපාලනය. පරාජයෙන් වියරු වැටිලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1637 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 560 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 643 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site