වනාන්තර, වෙරළ ඇතුළු ස්වාභාවික සම්පත් ආරක්ෂා කරීමට ඉදිරියේ දී ත්‍රිවිද හමුදාවේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද ජනාධිපති ලේකම් කාර්යාලයයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී පැවසීය.
පරිසරවේදීන්ට සහ ඕනෑම පුරවැසියකුට රටේ කිසියම් තැනක සිදුවන පරිසර විනාශයක් පිළිබඳ ක්ෂණිකව දැනුම් දිය හැකි කමිටුවක් ඉදිරි දෙදින තුළ පත් කිරීමට ද එම සාකච්ඡාවේ දී තීන්දු විය.
එම කමිටුවට යුද හමුදාවේ නියෝජිතයකු පත් කිරීමට ද එකඟතාවය පළ විය.
විල්පත්තුවේ සිදුවෙතියි කියන වන විනාශය ගැන ද පරිසරවේදීහු ජනපතිට කරුණු දැක්වූහ.
ජනපති ලේකම්, පරිසර අමාත්‍යංශයේ ලේකම්, වනජීවී හා වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පරිසරවේදීහු පිරිසක් ද එම සාකච්ඡාවට එක්වූහ.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1069
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලෑවයි වෙරළයි රකින්න හමුදාවත්
ජයන්ත දසනායක Tuesday, 22 December 2015 12:12 PM
නියම අදහසක් පහලවෙලා තියන්නේ ඔබතුමාට. හමුදාව දාපු තැන විනයකට වැඩක් කරාවි. වනය විනාස කරපු උන්ට මොකද කරන්නේ කියල බලමු? (කෞ)
ක්‍රිස්ටි පීරිස් Tuesday, 22 December 2015 12:47 PM
වැඩේ නම් හොඳයි. (කෞ)
ශාන සෞදි Tuesday, 22 December 2015 01:38 PM
නියම අදහසක් පහලවෙලා තියන්නේ ඔබතුමාට. හමුදාව දාපු තැන විනයකට වැඩක් කරාවි. රට ආදරය කරන පාලකයෙක් ගන්න තීරණයක් (කෞ)