IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කලවාන රත්නපුර ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයයි

(ලසන්ත නිරෝෂණ පෙරේරා)

කලවාන රත්නපුර ප්‍රධාන මාර්ගයේ කලවාන මායිම ආරම්භ වෙන ස්ථාණයේ  නායයෑම් සහිත ස්ථාණයක බැම්මක්  සකස් කිරිමට යැමේදි යළිත් මාර්ගයේ කොටසක් නායයෑමට ලක්ව ඇතැයි  ජාතික ගොඩනැගිලි හා පර්‍යේෂණ ආයතනයේ  නිළධාරියෙකු පැවසිය.

කලවාන මායිමේ 28-1 බෝක්කුව අසළ ස්ථාණයේ නායයෑම යළිත් සක්‍රිය විම ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනයේ රත්නපුර නිළධාරින් විසින් 29 වනදා නිරික්ෂණය කර තිබේ.

මෙම අවදානම් තත්ත්වයට පිළියම් යෙදිම ගැන ජාතික ගොඩනැගිලි හා පර්‍යේෂණ ආයතනය ව්සින් අදාල ඉදිකිරීම සිදු කරන කොන්ත්‍රාත්කරුට සහ මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දි තිබේ.

මෙම ස්ථාණයේ මාර්ගයේ භාගයක්  නායයෑමට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීන් ව්සින් රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දි තිබිමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය විසින් පරික්ෂණ සිදු කරනු ලැබිය.

මාර්ගයේ නායයෑම් අවදානම් තත්ත්වය වැළක්විම සදහා අද (31) බැම්ම ඉදිකිරීම ආරම්භ කර ඇතැයි ද අවදානම් තත්ත්වය මග හරවා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ රත්නපුර කාර්යාලයේ නිළධාරියෙකු පැවසිය.

මෙම ස්ථාණයේ නායයෑම වැළක්විමට බැම්මක් ඉදිකිරීම පසුගිය 24 වනදා ආරම්භ වු පසු එහි ඉදිකිරීම් කටයුතු සිදු වෙද්දි යළිත් මාර්ගයේ බොක්කුව අසළ කොටසක් නායයෑමට ලක්වු බව  ප්‍රදේශවාසීන් පවසති. 



අදහස් (0)

කලවාන රත්නපුර ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site