IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කලාවට රූපේ තියෙනකන් හොඳයි

20160324-ent-39

මෘදුකාංග ඉංජිනේරුවරියක් වීමේ සිහිනයත් සමගින් රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය තුෂාරා ලක්මාලි ජයතිලකයි. රූපවාහිනී ටෙලිනාට්‍ය සහ වෙළෙඳ දැන්වීම් ඔස්සේ නිතර ඔබ හමුවට පැමිණෙන ඇය සමග කළ කතාබහකි.

 

20160324-ent-44මේ දවස් වැඩකටයුතු කොහොමද?

මේ දවස් වල ඉතිං විභාගයක් සඳහා සූදානම් වෙනවා. ඊට අමතරව අංකල් සෑම් එකේ රූගත කිරීම් වලට යනවා. තව මියුසික් වීඩියෝ දෙකක් ලැබිලා තියෙනවා. ඒ දෙක රූගත කරන්න දින දීලයි තියෙන්නේ. දැනට මේ විදිහට තමයි කාලය යන්නේ.

 

විභාගයක් සඳහා සූදානම් වෙනවා කිව්වේ?

මෘදුකාංග ඉංජිනේරු බාහිර උපාධිය සඳහා තමයි පාඩම් කටයුතු කරගෙන යන්නේ. මැයි මාසයේ තමයි ඒකෙ විභාගය තියෙන්නේ. මේ දවස්වල පාඩම් වැඩත් එක්ක කාර්යය බහුලයි.

 

නිරූපණ ක්ෂේත්‍රයේ මුල් ආරම්භය?

මම මුලින්ම ආවේ 2007 තිබ්බ සිරස කුමරිය හරහායි. ඒකෙන් තමයි ක්ෂේත්‍රයට එන්න ආශාවක් ඇතිවුණේ. ඊට පස්සෙ CSN අවුරුදු කුමරිය තරගයෙන් තුන්වැනි ස්ථානයට ආවා. ඒ හරහා තමයි වෙළෙඳ දැන්වීම්, මියුසික් වීඩියෝ සඳහා අවතීර්ණ වුණේ. රංගනයට දායක වීමට අවස්ථාව උදා වුණෙත් වෙළෙඳ දැන්වීමක් ඔස්සේයි.

 

වෘත්තීය වශයෙන් නිරූපිකාවක් වෙනවද? නැත්නම් මෘදුකාංග ඉංජිනේරුවරියක් වෙනවද?

වෘත්තීය වශයෙන් කවදාහරි තෝරගන්නේ මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රය. ඒක තමයි බලාපොරොත්තුව. විනෝදාංශයක් විදිහට තමයි රංගන ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන යන්නේ.

 

නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන අයට කටකතා හැදෙන්නේ?

ඒ ගැන කතා කළොත්, අපි හොඳට ඉන්නවානම්, අපි අපිව තේරුම් අරන් අපෙන් වෙන්න ඕන වැඩේ විතරක් වෙනවනම් නිරූපණ ක්ෂේත්‍රයේ හොඳට ඉන්න පුළුවන් කියල හිතනවා.

 

නිරූපණ ක්ෂේත්‍රයට ප්‍රමිතියක් තිබිය යුතු නැද්ද?

ගොඩක් කට්ටිය එනවා තමයි. ඒ වුණාට දක්ෂතාවය තියෙන අයත් එක්ක බලද්දී ඒ අය පවතිනවා. අනිත් අය හැලෙනවා. ගොඩක්ම හොඳයි යම්කිසි දෙයක් ඉගෙන ගෙන එතනට යනවා නම්. එකේ හොඳ පැවැත්මක් තිබෙනවා.

 

අද කාලයේ බොහෝ නිරූපණ ශිල්පීන් ජනප්‍රිය වන්නේ ෆේස්බුක් හරහා. ෆේස්බුක් නැත්නම් ඒ අයට ජනප්‍රියත්වයක් හිමිවන්නේ නැහැ, මේ පිළිබඳ ඔබ දරණ මතය කුමක්ද?

එක අතකින් ෆේස්බුක් තියෙන එක හොඳයි. මොකද ඒකෙන් ප්‍රසිද්ධියක් ඇතවෙනවා. කට්ටියව අඳුරගන්නවා. නැතිව නම් කෙනෙක් ජනප්‍රිය වෙන ප්‍රමාණය අඩුයි. අද වෙනකොට ගොඩාක් අයව දැනගන්නේ ෆේස්බුක් ඔස්සේයි.

 

නවකයන්ට නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ප්‍රවීණයෝ එක්ක වැඩ කරනකොට තමයි අත්දැකීම් ගොඩාක් හම්බ වුණේ. මමත් හැමදෙයක්ම ලොකුවට දැනගෙන ආපු කෙනෙක් නෙමේ. ප්‍රවීණයොත් එක්ක වැඩ කරනකොට අපිට ලොකු අත්දැකීමක් එනවා අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න.

 

වර්තමානයේදී වෘත්තීමය වශයෙන් නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන්නෙකුට හොඳ අනාගතයක් තියෙනවාද?

මම නම් දකින්නේ නිරූපණය වෘත්තීමය කරගන්නේ නැතුව තමන්ගේ පැවැත්මට වෙනත් රැකියාවක නිරත වෙන ගමන් හිටියොත් රඳාපැවැත්මක් තියෙනවා. මොකද කලා ක්ෂේත්‍රයට ගොඩාක් කට්ටිය එනවා. ඒ හැමෝම මම දකින විදිහට අමතර රැකියාවක් කරන ගමන් තමයි මේ ක්ෂේත්‍රයේ නියැළෙන්නේ. සමහරු මේ දෙය වෘත්තිය කරගෙනත් ඉන්නවා. නමුත් රැකියාවක් එක්ක මේ ක්ෂේත්‍රයේ ඉන්න එක හොඳයි.

 

නිරූපණය සමගින් වෙනත් රැකියාවක නියැළෙන්නේ ඇයි?

මට දැනෙන්නේ, තමන් මොනවාහරි දෙයක් ඉගෙන ගත්තොත් ඒ දේ විතරයි ඉතුරු වෙන්නේ. කලාවේදී අපේ රූපය තියෙනකන් මේ ගමන යන්න පුළුවන්. මේ දේ එක එක අය මත වෙනස් වෙනවා.

 

වර්තමානයේදී නිරූපිකාවක් සඳහා වටිනාකමක් ලැබෙනවාද?

ඇත්තටම එහෙම හම්බවෙන්නෙ නැහැ. නිරූපිකාවක් කිව්වහම ගොඩක් අය ගොඩක් පැතිකඩ ඔස්සේ බලනවා. ඉතිං හැමෝම දිහා එකම කෝණයෙන් බලන එක වැරදියි කියල හිතෙනවා.

 

සහයෝගය දැක්වූ පිරිස ගැන මතක් කළොත්?

ඇත්තටම මගේ පුංචි කාලෙ ඉඳන්ම මගේ තාත්තා පස්සෙන් හිටියා. අම්මා ගොඩක් අත දෙනවා කලා ක්ෂේත්‍රයට දායක වෙන්න වගේම අධ්‍යාපන කටයුතුත් කරගෙන යන්න. අම්මයි තාත්තයි තමයි මට ගොඩක් උදව් කරන්නේ. ඉතිං ඒ දෙන්නට ගොඩාක් ස්තූති වෙන අතරම දීපාල් අයියටත් ස්තූතිවන්ත වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඉසුරු පෙරේරා

 

20160324-ent-41

20160324-ent-40
20160324-ent-42
20160324-ent-43



අදහස් (0)

කලාවට රූපේ තියෙනකන් හොඳයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site