විසිවසරක් එතෙර සිට නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි කතක පදිංචි ගල්කිස්ස රජමාවතේ දෙමහල් නිවසට මහ රෑ ඇතුළු වී බෙල්ලට පිහිය තබා ඇගේ රන්බඩු හා මුදල් කොල්ල කෑ බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි.
ගෙළ බැදි මාලය, රුපියල් තිස්දහස හා අත්බෑගය සොරාගතැයි සැකපිට දෙදෙනකු රත්මලාන දුම්රියපොල පාරේ දී අත්අඩංගුවට ගෙන ඇත.
කොල්ලය සිදු වී පැය විසිහතරක් යන්නට කළින් රන් භාණ්ඩද මුදල් ද අත්බෑගය හා පිහියක් ද සොයා ගත් බව පොලීසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොල්ල කෑ බඩුයි සල්ලියි දවසින් අල්ලයි
චන්ද්‍රා Thursday, 12 December 2013 10:42 PM
ගල්කිස්ස පොලිසියට මල් මිටක්!මෙවැනි වේලාවල් වලට ප්‍රයෝජන ගැනීමට තමා සෑම පොලීසියකම ආයුධ සෙවීමට රැගෙන යාමේ අංශයක් ඇතිකළ යුතු වන්නේ. එවිට මෙවැනි අපරාධ අඩුවෙනවා (නි)
සේකර Thursday, 12 December 2013 11:01 PM
පොලිසියට සුභ පැතුම්! (නි)
සරත් Friday, 13 December 2013 02:34 PM
හොදයි දැන් ඔක්කොම හිතාන ඉන්නේ ඔය හම්බ වුනු බඩු ටික අරගෙන මේ කාන්තාවට සැනසීමෙන් යන්න පුළුවනි කියලද? නැහැ එහෙම වෙන්නේ නැහැ. මොකද මටත් ඔය වගේ හොද අත්දැකීමක් තියෙනවා. දැන් ඔය බඩු ඔක්කොම නඩු භාණ්ඩ වශයෙන් උසාවියට දානවා. ඊට පස්සෙනේ වැඩේ තියෙන්නේ. නඩු වාර ගණනාවක් දික් ගැහි ගැහි යනවා. මෙම බඩු හදුනාගන්න මෙම කාන්තාවට උසාවි ගානේ යන්න වෙනවා. මොනවායි මොනවා වෙයිදෝ කියල හැම වෙලාවෙම සිත දෙගිඩියාවෙන් තව වාර ගානක් පොලිසියට යන්න වෙනවා. ඔය තිස් දහට ඔය සමානම මුදලකුත් වටිනා කාලයත් ශ්‍රමයත් ඔක්කොම නැති උනාට පස්සේ තමයි ඕවා ලැබෙන්නේ. ඒක නිකන් ඉල්ලන් කන දඩුවමක්. එතකොට හිතෙනවා හම්බ නුනානම් හොදයි කියලා.(නදී)
රූපවතී Thursday, 12 December 2013 11:27 PM
දැන් අපිට නිවාඩුවකටවත් අපේ රටට යන්න බයයි (නි)
අනුර ගුණවර්ධන Thursday, 12 December 2013 04:21 PM
අර මනුස්සයා පව්. දෙන්න උපරිම දඩුවම්. (ස)
මොහාන් Thursday, 12 December 2013 04:29 PM
හොඳ වැඩක්. පොලිසිය. (ස)
සාම Thursday, 12 December 2013 04:42 PM
පොලීසිය දැන් ඉස්සරට වඩා ගොඩක් හොඳයි. හා නැද්ද මන් කියන්නේ පොලිසියට ජය වේවා!. (නදී)
අජිත් Friday, 13 December 2013 06:54 AM
මොවුන් ළග දරුණු ගිනි අවි තිබිය හැකියි. ඒවා බලන්න රැගෙන යන්න. (නි)
රිස්වාන් ඩුබායි Thursday, 12 December 2013 05:41 PM
දේශපාලන අත ගැසීම් නැත්නම් මම හිතන්නේ ලෝකයේ තියෙන හොදම පොලිසියෙන් එකක් අපේ පොලිසිය කියලා (නි)
පෙරේරා Friday, 13 December 2013 08:40 AM
මේ හොරු දේශපාලුවෙකුගේ ආධාරකාරයෝ වුණා නම් අල්ලන්නේ නැතිවෙයි නේද? (නි)
සනී Thursday, 12 December 2013 06:14 PM
අපේ පොලිසිය දක්ෂයි (නි)
ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 12 December 2013 06:16 PM
පොලීසිය ගැන මා සෑහීමකට පත් නොවුණත් යහපත් දෙයක් අපි අනිවාර්යයෙන් පැසසුමට ලක් කළයුතු නිසා ඉතා ඉක්මනින් මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබදව සතුටු වෙමි. කරුණාකරලා සොරකම් කිරීම හෝ මංකොල්ලකෑම් මේ වගේ අහිංසක අයගෙන් කරන්න එපා. විසි වසරක් විදේශගත වෙලා හිටියා කියන්නේ අැයගේ ජීවිතයේ වටිනාම කාලසීමාව තුළ ඈ දුක්මහන්සි වෙලා මුදල් උපයා, ලංකාවට පැමිණ සැනසුමින් ජීවත් වෙන්න අදහස් කළා විය හැකියි. ටිකක්වත් හිතක් පපුවක් තිබෙනවාද, මේ අහිංසක කාන්තාවගේ මුදල් හා රන්භාණ්ඩ කොල්ලකන්න? මේ මුදල් හා ආභරණ යහපත් මාර්ගයෙන් ඈ ඉපැයූ නිසා වෙන්න ඇති ඉතා ඉක්මනින් ඇයට මේ සියල්ල ලැබුනේ. (නි)
නිහාල් Thursday, 12 December 2013 07:26 PM
පොලීසියට පුළුවන් ඕනෑ දෙයක් කරන්න, අනවශ්‍ය ඇගිලි ගැසීම් නැත්නම් (නි)
ආරියසේන Thursday, 12 December 2013 08:07 PM
දවස් දෙකකින් අැප මත නිදහස් වේවිද දන්නෙ නැහැ. ඇයගේ බඩු බාහිරාදිය සොයා දුන්නට පොලිසියේ මහත්වරුන්ට ස්තූති කළ යුතුයි. (නි)
සිල්වා Thursday, 12 December 2013 08:56 PM
ආයුධ සොයන්න රැගෙන ගියේ නැද්ද? (නි)