(පුෂ්පකුමාර ජයරත්න)
පොල්ගහවෙල-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොඩවෙල පිහිටි ඉන්ධන පිරවුම්හලකට පැමිණි කොල්ලකරුවන් පිරිසක් කළ වෙඩි තැබීමකින් සේවකයකු මියගොස් ඇතැයි පොලසිය කියයි.
අද (11) අලුයම මෙම සිදුවීම වී ඇති අතර පැමිණි කොල්ලකරුවන් ඉන්ධන පිරවුම්හලේ මුදල් කොල්ල කා පලා යද්දි කළ වෙඩි තැබීමකින් සේවකයා මිය ගොස් ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වෙඩි තබා ඇති අතර, කොල්ලය වැළැක්වීමට උත්සහ දැරූ සේවකයා වෙඩි පහරින් මියගොස් ඇත.
අරණායක පදිංචිකරුවෙකු වන බී.පී.කුමාරසිංහ නමැති 27 හැවිරිදි තරුණයෙකු වෙඩි පහරින් මිය ගොස් තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොල්ලකරුවන්ගේ වෙඩිල්ලෙන් ඉන්ධන හලේ සේවකයා මරුට
Amila Sunday, 11 August 2019 05:32 AM
මෙවැනි දේ වලින් වෙන්නේ රෑට පෙට්‍රල් ෂෙඩ් වහන එක. මෙවැනි දේවල්වලට කරන්න ඕනෑ. මංකොල්ලකාරයින් හොයාගෙන ආයුධ පෙන්නන්න එක්කරන් යන එක. දැන් සීසීටීවී බොහෝමයක් ගෙවල්වල සහ කඩවල තියෙන නිසා අල්ලගන්න එක අමාරුවෙන්නේ නෑ...
Chanak los angelesMonday, 12 August 2019 01:46 AM
එහෙම වහන්න වෙන්නේ නැහැ හිමිකරු මේවා දෙගුණ කරලා රජයට පෙන්වනවා. ප්‍රශ්නය වෙන්නේ සේවකයාට ලංකාවේ මෙවන් අනතුර කඩේ සේවකයාට නිසි අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. කොහොම වුනත් මංකොල්ලයකදී හීරෝ කෙනෙක් වෙන්න මහන්සි වෙන්න එපා කියලයි ලෝකයේ සියලුම සේවා ස්ථානවල සේවකයන්ව දැනුවත් කරන්නේ ..
Raveendra Sunday, 11 August 2019 06:31 AM
දිනෙන් දින අවනීතිය රජකිරීම වැඩිවෙන මෙවන් පරිසරයක අපගේ අදහස් ම්ලේච්ඡ ලෙස වැඩිදෙනෙකු පිළිගනු ඇත. නමුත් මෙවන් අපරාධවලට පිළිතුරු දිය යුත්තේ අපරාධවලින් බැවින් පාතාලයන් යයි කියන නිවටයන් දුටුතැන සමාජයෙන් අයින්කිරීම කළ යුතුයි. මේ වගේ මුරුගයින් ගාල්කර මිනිසුන්ගේ බදු මුදල්වලින් නඩත්තු කිරීමත්, දියවන්නාඔයේ 225ක් නඩත්තු කරනවා හා සමානයි... එසේ ගාල් කිරීමෙන් සමාජයට අවැඩක් වෙනවා මිස හොඳක් නම් නැතිබැවින් එලෙස කිරීම සුදුසු බව අපගේ හැඟීමයි.
Appuhamy Sunday, 11 August 2019 06:55 AM
ඕකට කියන්නේ මෝඩකම.. තුවක්කුවක් තියෙන මිනිහෙකුට අවනත වෙලා පස්සේ එයාව අල්ලන එක තමයි නුවණැතිකම.. ලංකාවේ මෝඩ හරක් බොරුවට චණ්ඩි වෙන්න යනවා.
RuwanSunday, 11 August 2019 10:18 AM
අනේ අප්පුහාමි... මේ අමුඩ යුගය නෙවෙයි.
TharangaSunday, 11 August 2019 10:51 AM
ඇක්ටිව් සෙල්ෆ් ප්රොටෙක්ෂන් කියන යු ටියුබ් චැනල් එක බලන්න , ලංකාව ඇතුළු ලොව විවිධ රටවල සිදුවන මෙවැනි අපරාධ වලදී ජීවිතාරක්ෂාව සලසගන්න ගමන් හැකිනම් අපරාධකරුවන් මෙල්ලකරගන්න ආකාරය සිසිටිවී දර්ශන සහිතව පෙන්වනවා ...