IMG-LOGO

කුලියාපිටියේ දේවමෙහෙයට සහභාගී වූ තවත් 14 කට කොරෝනා

(දිනේෂ් උපේන්ද්‍ර)

සංචරන සීමා පවා පනවා තිබියදී කුලියාපිටියේ එක්තරා ආගමික නිකායක පල්ලියක දේවමෙහෙයක් සඳහා සහභාගී වූ බව කියන පිරිසකගේ පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රතිඵලවලට අනුව ඊට සහභාගී වූ තවත් 14 කට කොවිඩ් වෛරසය ආසාදිත වී ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

ඊයේ (19) පස්වරුවේ පැමිණ ඇති එම පරීක්‍ෂණ වාර්තාවේ 14 ක් ආසාදිතයින් වීමත් සමගින් කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශයේ මුලු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (8)

කුලියාපිටියේ දේවමෙහෙයට සහභාගී වූ තවත් 14 කට කොරෝනා

Nuwanu Monday, 19 October 2020 02:06 PM

කෝවිඩ් වගේද දෙවියෝ... බලන්න ගියේ නැතිනම් තරහා වේවි..!!! 

:       4       25

Hussain Monday, 19 October 2020 04:48 PM

කුලියාපිටියේ අපේ දේවස්ථාන ගොඩක් තියෙනවා. ඒ වුණත් අපි හරියට පරෙස්සම් වෙනවා.

:       3       12

BamunuarachchiTuesday, 20 October 2020 02:15 AM

තොප්පිය හරි නම් දාගන්න..

:       1       6

Perera Monday, 19 October 2020 06:39 PM

ඇයි අපිට දේව මෙහෙයට සහභාගි වීම තහනම්ද? අපට ආගම ඇදහීමේ නිදහස නැද්ද?

:       0       0

anura Monday, 19 October 2020 11:50 PM

ඉතිහාසයේ සඳහන් වන ආකාරයට ආගමික ශාස්තෲන් වහන්සේලාටද විවිධ රෝගාබාධ වැළඳුණු අවස්ථා හා තුවාල සිදුවීම් හා සමහර අවස්ථාවල ඒවා නිසා ජීවිතය අවසන් වූ අවස්ථාද සිදුවී ඇත. සමහර අවස්ථාවලදී වෛද්‍යවරුන්ගේ පිහිටද පතා ඇත. එතුමන්ලා දේශනා කර ඇත්තේ ගුණ යහපත් ආකාරයට ජීවත් වීම මිස මැජික් ආකාරයට ලෙඩ රෝග සනීප කර ගැනීම නොවේ. අවාසනාවකට නූතන සමහර පූජ්‍ය පක්ෂ මේවා වැරදියට අර්ථ දක්වා ජනතාව මුලා කිරීමෙන් වන්නේ යහපතක් නොව අයහපතකි.

:       0       5

nishantha Tuesday, 20 October 2020 02:05 AM

කෝවිඩ් දෙවියෝ ඔය වඩින දෙවියන්ට වඩා බලවත් නිසා... කෝවිඩ් කියලා දේවාල, පල්ලි හදලා වඳ්න්නයි තියෙන්නේ. ගල්යුගයේ මෝඩ මිනිස්සු. ගල් යුගයේ මදිවාට අහක ඉන්න අනික් මිනිස්සුන්වත් අමාරුවේ දානවා.

:       1       4

Bamunuarachchi Tuesday, 20 October 2020 02:19 AM

සමහර ආගමික නිකාය තිබෙනවා ලෙඩට බෙහෙත් ගන්න වුවමනා නැත. යාඥා කළාම සනීප වෙනවා කියන... ඒ නිකාය විශ්වාස කරන මිනිස්සුත් ඉන්නවා. ඒ අයට මොකක් වුණත් අපිට කමක් නැහැ.. ඔවුන් නිසා සමාජයට කොරෝනා වැනි වසංගත පැතිරීමයි බලෙන් හරි නවතා ගන්න ඕනේ...

:       0       8

මුණසිංහ Tuesday, 20 October 2020 02:28 AM

මේවා ඕනෑකමින්ම හදාගන්න ඒවා. දැඩි දඬුවම් දෙන්න..

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site