ඒඩ්ස් රෝගය ඇතැයි බොරු ප්‍රචාරයක් යැවීම නිසා පාසලක් අහිමි වී සිටින කුලියාපිටියේ දරුවාට කොළඹ ආනන්ද විද්‍යාලයය හෝ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයය ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැතිවරයාට උපදෙස් දී තිබේ.
මාස තුනක් යන තුරු දරුවාට අධ්‍යාපන අයිතිය නැති වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවත්, ඔහුට පාලසක් ලබා නොදීම සම්බන්ධයෙන් කුලියාපිටිය අධ්‍යාපන නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන ලෙසත් ලංකා ගුරු සංගමය ඉල්ලයි.
ගුරු සංගමයේ පිරිසක් සඳුදා (08) කුලියාපිටියට ගියහ.
ත්‍රිත්ව විද්‍යාලයයේ ආදි සිසුහු පිරිසක් ද ඉරිදා (08) එහි ගියහ.
2025 දෙසැම්බර් මස 18
643
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුලියාපිටියේ දරුවාට සුපිරි පාසලක්?
නිරාන් Tuesday, 08 March 2016 05:25 AM
කපිල හොඳ දේ අගේ කරන්න ඉගෙන ගන්න (බ)
දුමින්ද Tuesday, 08 March 2016 08:45 AM
අගමැති දකින්නේ හෙට ලොව අද (අ)
උපාලි Tuesday, 08 March 2016 05:33 AM
මේ දරුවා බාර ගන්න එකඟ වුනු ආනන්ද, කිංස්වුඩ්, සහිරා, ට්‍රිනිටි විදුහල්පතිවරුන්ට මගේ ප්‍රණාමය. (බ)
නලීන් Tuesday, 08 March 2016 05:41 AM
ධනුෂ්ක කියන කතාව සම්පුර්ණ ඇත්ත ඒ අම්මා එඩිතර කාන්තාවක් වෙන අම්මලා නම් ළමයාව ගෙදර තිය ගන්නවා ,,, (ම)
රොකී Tuesday, 08 March 2016 02:08 PM
ඔය ඔක්කොටොම පොට වැරදිලා වගෙයි. පිටිපස්සේ තියෙන්නේ තවත් කතාවක්. කුලියාපිටියේ මිනිස්සුන්ට අපහාස කරන්න එපා. කතාව එහෙ ග්‍රාම නිලධාරීන්ගෙන් අහගන්න!ඔය විදිහේ වැඩක් හොරණ පැත්තෙත් වුනානේ පොල් හොරකම් කරපු ගැහැණු ළමයෙක් ගැන... අනේ මෙහෙමත් රටක්! (බ)
රන්ජිත් Tuesday, 08 March 2016 05:52 AM
අනේ හොඳයි (නි)
මහින්ද සෞදි Tuesday, 08 March 2016 05:54 AM
මවගේ උත්සාහයත්, දරුවාගේ වාසනාවත් සමඟ මෙයට උදව් කළ සියලුම දෙනාට තෙරුවන් සරණ පතමි. (නි)
පද්මිණි Tuesday, 08 March 2016 05:59 AM
අවිද්‍යාවෙන් මන්මුලා වුණු අපේ ශ්‍රී ලාංකික සමාජයට නුවණැස පහදා දීමේ වැඩ පිළිවෙලක් ගම් මට්ටමින් ක්‍රියාත්මක කරන්න. (ම)
අශේලි Tuesday, 08 March 2016 06:12 AM
දුප්පතුන් වෙනුවෙන් ආරම්භ කළ පාසල් නිහඬයි. සල්ලි දැක්කොත් ඇහැරෙයි (නි)
මහින්ද සෞදි Tuesday, 08 March 2016 06:05 AM
කපිල, දේශපාලනය හැමදේටම ගාවගන්න එපා. මමත් මේ රජයට විරුද්ධව කතා කරන කෙනෙක්. කවුරු කළත් හොඳ දේ, හොඳ විදිහට පිළිගනිමු. (නි)
සන්ද්‍යා Tuesday, 08 March 2016 03:38 PM
මගේ නම් අදහස කුලියපිට්යේම ඉකොලේ තමයි ළමයට දෙන්න ඕන අර කෑගපු අයට උණ ගන්න (කෞ)
සමීර Tuesday, 08 March 2016 06:09 AM
කොච්චර හොඳ කලත් සමහරු බලන්නේ ද්වේශයෙන් ... (ර)
සුමනපාල Tuesday, 08 March 2016 06:11 AM
විදේශ රටක ජීවත් වන පුද්ගලයෙකු ලෙස, විදේශිකයන් අපෙන් මේවා ගැන අසන විට, ඇටි කෙහෙල් කෑ උගුඩුවන් මෙන් සිටීම හැර වෙන කිසි දෙයක් කල නොහැක. අවරුදු දහස් ගණනක ඉතිහාසය පට්ට ගසමින් ජීවත් වෙමු. (ර)
සරත් Tuesday, 08 March 2016 06:15 AM
සමහර දෙමාපියෝ හැසිරෙන්නේ පොඩි ළමයි වාගේ (ම)
නිමලරත්න Tuesday, 08 March 2016 06:23 AM
කුලියපිට්යේ ඉන්නේ මිනිස්සු නෙමෙයිද කොහොද? (ම)
රොහාන් Tuesday, 08 March 2016 06:37 AM
කුලියාපිටියේ අර එච්.අයි.වී.ගැන සියල්ලදත් මහාචාර්යවරුන්ගේ ඇස දැන ඇරීලා ඇති. මේ දරුවාව පාසලට ගන්න ඉදිරිපත්වුණ සැමට අපේ ස්තුතිය. (නි)
සහන් Tuesday, 08 March 2016 06:52 AM
අගමැතිතුමාට ජයවේවා! (නි)
අශේලි Tuesday, 08 March 2016 06:34 PM
දුප්පතුන් වෙනුවෙන් ආරම්භකළ පාසල් කෝ? (නි)
සුමුදු Tuesday, 08 March 2016 03:46 AM
දැන් වත් වැරැද්ද නිවැරිදි කරලා ලංකාවේ සීලාචාර මිනිස්සුත් ඉන්න බව පෙන්නුවොත් හොඳයි..(හේ)
රකිත Tuesday, 08 March 2016 03:42 AM
බොහොම හොඳයි. නිවාස සහ ගමනාගමන පහසුකම්ද ලබා දෙන මෙන් ඉල්ලමි. ඉදිරියේදී මෙවැනි බොරු ප්‍රචාර ඇතිවීම කලින්ම වැළක්විය යුතුය, නැත්නම් තම දරුවා ජනප්‍රිය පාසලකට යැවීමට සමහර දෙමව්පියන් උත්සාහ කිරීමට ඇති නිසා.(හේ)
කපිල Tuesday, 08 March 2016 04:07 AM
ඇයි තමන් ඉගෙනගත් කොළඹ රාජකීය විදුහල යෝජනා කරන්නෙ නැත්තෙ ??? ඒක නේ දිය යුතු හොදම පාසල. (බ)
ධනුෂ්ක Tuesday, 08 March 2016 04:23 AM
අන්න අම්මලා....! මුළු ගමම එරෙහි වෙද්දීත් දරුවාගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් තනිවම නැගීසිටි ඒ අම්මා රටටම ආදර්ශයක්. (බ)
ප්‍රියන්ත Tuesday, 08 March 2016 04:26 AM
එහෙමනම් කුලියාපිටියේ විරෝධකරුවෝ දිනුම් කියලද කියන්නේ ?(හේ)
චන්දික Tuesday, 08 March 2016 04:38 AM
අධ්‍යාපන බළධරයන්ට නිසි දඩුවම් ද දරුවාට වන්දි ද ගෙවිය යුතුයි (හේ)
සහන් Tuesday, 08 March 2016 04:49 AM
මිනිස් කමට නිගා කල සිද්දියක්. අසරණ දරුවා වෙනුවෙන් ඉදිරිපත් වූ උතුම් මිනිසුන්ට ජාතියේ ප්‍රණාමය. (හේ)
සිරිමල් Tuesday, 08 March 2016 04:57 AM
ඇයි අගමැතිතුමා තමන් ඉගෙනගත් රාජකීය විද්‍යාලයට මේ දරුවා ඇතුලත් කරන්න උදව් නොදී වෙනත් විද්‍යාල නම් කරන්නේ. තමන්ගෙ ගමෙන් පිට වෙනත් විද්‍යාලයකට යන්න සැලස්සුවම අනෙකුත් වියදම් කොහොමද ? ඒවත් දෙන්න ඕනේ නේද ?(හේ)
ජයරත්න Tuesday, 08 March 2016 05:06 AM
මේ දරුවාට ලබාදෙන පාසල ගැන නම් කිරීම නොකළ යුතුය .නැතිනම් අනිවාර්යෙන්ම එම පාසල් වලින්ද විරෝධතාවයක් ඇතිවිය හැකිය (හේ)
ගයාන් Tuesday, 08 March 2016 05:01 AM
මේවා විකාර සෝබන වැඩ. (ර)
අන්වර් Tuesday, 08 March 2016 05:22 AM
දරුවා වෙනුවෙන් සටන් කළ මව මුළු ලෝකෙටම ආදර්ශයක්. දරුවාගේ අනාගතය අඳුරු කරන්න කටයුතු කළ අයට දැන් සනීපද (බ)
මාලි Tuesday, 08 March 2016 05:15 AM
ඔව් ධනුෂ්ක. ඒ අම්මාට හැෙමා්‌ෙගම ආචාරය හිමි විය යුතුයි. (බ)
ගයාන් නිමන්ත Tuesday, 08 March 2016 05:15 AM
ඒ දරුවාට කොළඹ රාජකීය විද්‍යාලය ලබා දෙන්න. (බ)