කල්පිටිය පුත්තලම් පාරේ කරඹේදී වෑන් රියක් හා ලොරියක් ගැටී දෙදෙනකු මියගොස් 34 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
කාන්තාවක් හා පිරිමියකු මිය ගොස් ඇතැයිද සෙසු තුවාලකරුවෝ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති .ඔවුන් සීදුව ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව පොලිසිය සඳහන් කරයි.
.jpg)

2025 දෙසැම්බර් මස 18
610
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කල්පිටි අනතුරින් දෙදෙනෙක් මරුට :34ක් රෝහලට
චමත් [ලංකාව] Friday, 18 October 2013 06:24 PM
මේ විස්තරයේ හැටියට ලොරියේ මගීන් ප්‍රවාහනය කරමින් සිට ඇත අනතුර සිදුවූ අවස්ථාවේ . මේකෙන් පේනවා මොන තරම් අනාරක්ෂිත දෙයක්ද කියා ලොරිවල මගීන් ප්‍රවාහනය කිරීම. අනිවාර්යෙන්ම නිතිය තදින්ම ක්‍රියාත්මක කල යතුයි ලොරිවල මගීන් ප්‍රවාහනය කරන රියදුරන්ට සහ ලොරි හිමිකරුවන්ට. (අ)
ෂර්ලි ජගත් Friday, 18 October 2013 06:35 PM
මේ අනතුර වුණ වෙලාවෙ මම එතන... (නි)
සිරියලතා Friday, 18 October 2013 06:46 PM
චමත් ලොරිය හැප්පිල තියෙන්නේ කෝච්චියක නෙවෙයි වෙන එකක. (ස)
මනෝජ් සාජා Saturday, 19 October 2013 08:52 AM
මට පේන හැටියට අර ටැක්ටරයේ පිටිපස්සේ යන කෙනත් මැරෙන්ට හදන්නේ .(නදී)
ඇසළ Friday, 18 October 2013 07:00 PM
ලොරිය මගී ප්‍රවාහන එකක්ද? සාමාන්‍යයෙන් සිටිය යුතේ හතර දෙනයි නේද? (නි)
චමත් Friday, 18 October 2013 07:17 PM
සිරියලතා ,මට වැරදීමක් වුණේ. සමාවෙන්න. (නි)
චන්දිම Friday, 18 October 2013 07:27 PM
මේ ප්‍රවෘත්තියේ කොහෙවත් නැහැ ලොරියේ මිනිස්සු ප්‍රවාහනය කළා කියලා. මිනිස්සු වෑන් එකේ ආවා වෙන්න බැරිද? මේකේ ලියන අය ඔක්කොම මල්ලේ පොල්. (නි)
සරත් Friday, 18 October 2013 07:44 PM
දිනපතාම මොකක් හරි අනතුරකින් කිහිපදෙනෙක් මැරෙනවා (අ)
චමත් Friday, 18 October 2013 07:45 PM
චමින්ද, වැරැද්දක් සිදුවූවිට සමාව ඉල්ලීම දේව ගතියකි. (නි)
වජිර Friday, 18 October 2013 07:50 PM
වාහන වලට 300% තරම් අදික බදු ගහනකොට සාමාන්‍ය මිනිස්සුන්ට යන්නවෙන්නේ ලොරිවල තමයි. (අ)
අමිල Friday, 18 October 2013 08:44 PM
මට නම් පේන්නේ චමත්ට සමාව ඉල්ලන්න දෙයක් නෑ.චමත් හරි. 34 වෑන් එකක යන්ඩ බෑනේ.ලොරියෙත් සෑහෙන පිරිසක් ඉඳලා තියෙනවා.චන්දිම,සිරියලතා තාම පොඩි වැඩී.(දිල්)
ජගත් - අබු ධාබි Saturday, 19 October 2013 01:42 PM
චන්දිම බොරුවට කෑගන්න එපා. වෑන් එකේ 34 කට එන්න බැහැ නේද .පින්තුරේ තියන වෑන් එකේනම් උපරිම 15 එතකොට අනෙත් අය පාරේ ගිය අයද ?.(නදී)
ශාන්ති Friday, 18 October 2013 10:19 PM
මියගිය දෙදෙනාට නිවන් සුව ලැබේවා! (නි)
සමන්ත Sunday, 20 October 2013 08:42 AM
යාලුවනේ, අපට වගේ හැම පළාතකටම බස් නැහැ මිනිස්සුන්ට යන්න. පුත්තලමේ ගොඩක් මිනිස්සුන්ගේ රථය වෙලා තියෙන්නේ ලොරිය. ඒක නිසා මෙතන ලොරියක මිනිස්සු ගියත් මම නම් වැරැද්දක් දකින්නේ නැහැ. අදාල බලදාරින් දැනගන්න ඕනා මිනිස්සුන්ට ගමන් පහසුකන් සලසන්න. අහිංසක මිනිස්සු අතින් වරදක් සිදු උනාම දඩුවම් කරන එක නෙමෙයි හරි. වරදට මුල මොකද්ද කියලා කටයුතු කරන එක. ඒත් මෙතන ලොරියේ ගියා කියලා නැහැ. (නදී)
ඉන්දික ගම්පහ Saturday, 19 October 2013 01:18 AM
සෙන්තිල් මෙතෙන අදහස් දමලා තියෙන්නේ අදාල සිදුවීමට නෙමෙයි (නි)
ශ්‍රීනාත් Sunday, 20 October 2013 09:58 AM
-මේක වෙනකොට මං එතන.,ලොරියේ 17-20 විතර හිටිය.ලොරිය අවේ පාරේ මැදීන්.වරද ලොරියේ (දිල්)
චමත් [ලංකාව] Saturday, 19 October 2013 03:41 AM
සමහරු මීට වඩා ශීලාචාර වුණොත් හොදයි නේද? (නි)