IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ක්ලීන් ශ්‍රී ලංකා ගැසට්ටුව එළියට

(ජේ.ඉඳුරුවගේ)

රජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩ සටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කර එහි සාමාජිකයන් පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්  අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කෙරිණි .

ඒ අනුව " ක්ලීන් ශ්‍රී ලංකා" ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ලෙස ජනාධිපති ලේකම් එන්.එස්.කුමානායක ,යුද හමුදාපති,ගුවන් හමුදාපති ,නාවික හමුදාපති, වැඩ බලන පොලිස්පති ඩබ්ලිව් .එල්.ඒ.සමන් ප්‍රියන්ත ,නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉන්ජිනේරු කුමුදුලාල් ද සිල්වා, අයි.එස්.ජයරත්න ,ගිහාන්ද සිල්වා, සන්ධ්‍යා සල්ගාදු, ආචාර්ය ගාමිණී බටුවිටගේ, ආචාර්ය අනුරුද්ධ ගමගේ, දිල්රුක් වනසිංහ, දීපාල් සූරියආරච්චි , සිසිර අමරබන්දු, ක්‍රිශාන්ත කුරේ, ජයතු පෙරේරා ,රුවන් වීරසූරිය , දයාන් කරුනාරත්න යන මහත්වරුන් හා නිලධාරීන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ සිටිති.

මෙම කාර්ය සාධක බලකායේ සභාපති ලෙස ජනාධිපති ලේකම් එන්.එස්.කුමානායක මහතාද, ලේකම් හා කැඳවුම්කරු ලෙස ජනාධිපති ජෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී.අපෝන්සු මහතාද පත්කල බව ගැසට් නිවේදනයේ සඳහන්වේ.

සමාජීය,පාරිසරික හා ආචාර ධර්මීය පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණු ඉටුකර ගැනීම සඳහා " ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සැලසුම් කිරීම ,මෙහෙයවීම , ක්‍රියාත්මක කිරීම මෙන්ම එහි කාර්යන් ඉටු කිරීම පිළිබඳව ප්‍රගතිය කලින් කලට ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමද මෙම කාර්ය සාධක බලකායට පවරා ඇත.

 



අදහස් (8)

ක්ලීන් ශ්‍රී ලංකා ගැසට්ටුව එළියට

අරවින්ද මොනරවිල Friday, 20 December 2024 09:01 AM

බඩ ගින්නේ ඉඳලා හරි කරන්න ඕනෑ වැඩක්, මේ රට ලස්සනට පිළිවෙලකට තබා ගැනීම සහ ජනතාවට ශීලාචාර හා ආචාරශීලි කිරීම...!

:       4       24

යෝගා Friday, 20 December 2024 10:04 AM

2015දී රනිල්ගේ පුබුදමු ශ්‍රී ලංකා වෙනත් නමකින්!! ඇත්තටම මාර ගුරු ගෝල සම්බන්ධයක්නේ රනිල් අනුර අතර තියෙන්නේ...!

:       29       8

සෙනෙවිරත්න Friday, 20 December 2024 11:39 AM

ඉතාම කාලොචිත අදහසක්,තමන්ගෙ ගෙදර කුණු කලමණාකාරය සඳහා ක්‍රමෝපායන් හඳුන්වාදිය යුතුයි, පළාත් පාලන පාලනය ස්ථාපිත කලපසු ක්‍රමවත්ව වර්ග කල කසළ දැනට වඩා හොඳින් රැගෙනයාමට කටයුතු කල යුතුය . ඉන්පසු මහාමාර්ගවලට ගංගා ඇළදොළ වලට කසළ බැහැර කරනවුන් අල්ලා දැනට වඩා අධික දඩ නියම කිරීම සිරගත කිරීම කල යුතුය.

:       3       26

සෙනෙවිරත්න Friday, 20 December 2024 11:43 AM

ප්ලාස්ටික් බෝතල යොගට් කප් කිරි පැකට් නිෂ්පාදකයන්ට තම දවටන බහාලුම් ආපසු කැඳවීමට බලකෙරෙන නීති සකස් කල යුතුය. නැත්නම් ඒ සඳහා පලාත්පාලන ආයතනවලට ගෙවීම් කල යුතුය. අර කොළපාට කිරි පැකට් මහමඟ දමා යාම කොතරම් ගුජුප්සාජනක ක්‍රියාවක්දැයි දෙමාපියන් සහ ළමුන් කල්පනා කල යුතුය.

:       3       24

Roshan Friday, 20 December 2024 06:41 PM

ප්ලාස්ටික් පමණක් නොවෙයිනේ කුඩා ප්‍රමාණයේ දරුවන්ට දෙන බිස්කට් වැනිදේ. කුඩා ප්‍රමාණයේ (කාලෙ බෝතල්) අරක්කු බෝතල් හා සමහර වෙළෙන්දෝ රාත්‍රියේ කඩේ වැසුවාට පසුව ඉතිරිවන ඉඳුල් පාරට ගෙනැවිත් දානවා. අනුන්ගේ ගෙවල් ඉදිරියේ දාලා යනවා. සමහර කුණු කවර අනුන්ගේ ඉඩම්වලට දානවා. සමහර පළාත් පාලන ආයතනවල නිලධාරින් ඔවුන්ගේ ගොඩනැඟිලිවල වැහිපීලි පාරට හරවා මගීන්ට කරදරකාරි ලෙසට කටයුතු කරනවා. ප්‍රධාන මාර්ගවල හරියාකාර කාණු සකසා නොමැතිකම නිසා පළාත් පාලන ආයතන සතු මාර්ග, ඇල මාර්ග බවට පත්වෙනවා. ඒ සමගම තැනක් නොතැනක් නොබලා බුලත් කෙළ ගසා යනවා. හරිම පිළිකුලක් ඇතිවෙනවා. ඇත්තෙන්ම පාසලේ එක වසරේ සිට 10 වසර අවසන් වෙනතුරුම පරිසරය සුරැකීම ගැන ඉගැන්වීම් කරන්න පුළුවන් නම් අවුරුදු 10 කින්වත් රට ලස්සන කරන්න පුළුවන් වේවි. පරිසරයට හානි කරන අයට ක්ෂණිකව දඩයක් නියමකර ලැබෙන ආදායම් අදාල පළාත් පාලන ආයතනයේ නඩත්තුවට ගන්නවා නම් පහසුවෙන්ම පරිසරය පිරිසිදු කරන්න පුළුවන්...

:       0       0

සෙනෙවිරත්න Friday, 20 December 2024 11:51 AM

ඕස්ට්‍රේලියාවේදී මා දුටු දෙයක් නම් එහි කිසිම වෙළඳ සලක භාණ්ඩයක් රැගෙනයාමට ෂොපින් මලු නොදීමයි. භාණ්ඩ ගත් අය ඒ සඳහා මලු රැගෙන ආ යුතුය. එසේම යෝගට් වලට හැඳි නොසපයන බැවින් යෝගට් මහමඟ කා කෝප්පය පාරේ දමා නොයයි.ආහාර ඇසුරුම් සියල්ල ප්‍රතිචක්‍රිකරණය කල හැකි ලෙස නිපදවා ඇති බැවින් සහ ඒවා රැගෙන යන බැවින් පරිසරයට හානියක් නැත. ෂොපින් මලු නිශ්පදෙකයන්ගේ රැකියාවට වඩා රටේ ජනතාවගේ සෞඛ්‍යය සහ යහපත් පුරුදු වැදගත්ය.ඔවනට මෙම ක්ෂේත්‍රයේ වෙනත් කාර්යන් සොයාගත හැක.මෙයද කලොත් කල හැකිවන්නේ මෙම රජයට පමණි.

:       2       26

karolis Friday, 20 December 2024 05:06 PM

කොච්චර එපා කිව්වත් ශ්‍රී පාදේ කුණු අත ඇරලා එන ලංකාවේ මිනිස්සු හදන්න වෙන්නේ දැඩි දඬුවම් වලින්...

:       0       18

de silva Friday, 20 December 2024 08:18 PM

අනුර සහෝදරයා ක්ලින්, ශ්‍රී ලංකා ගැන කතාකරන්න ඉස්සර සොයලා බලන්න ප්‍රමාණවත් තරම් කසල බඳුන් තිබෙන්නේ රටේ මොන නගරේද කියලා? කොහේවත් නැහැ, නමුත් වාසනාවට අතළොස්සක් හැරුණු විට ලංකාවේ මිනිස්සු ඉන්දියාවේ මිනිස්සු වගේ කුණු පාරේ තැන තැන විසි කරන්නේ නැහැ ... පගාවක් නොදී රස්තියාදු නොවී වැඩක් කරගන්න පුළුවන් රජයේ කාර්යාල රටේ නැහැ.. නිකන් බොරුවට කියව කියවා ඉඳලා හරියන්නේ නැහැ. ඉදිරි මාස දෙක තුළ සැලසුම් කරලා. ඉදිරි වසර දෙක තුළ රාජ්‍ය සේවය පිරිසිදු කරලා පෙන්වන්න.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කළුතර හොරණ පාර නාගස් හන්දියෙන් වහයි
2025 මැයි මස 05 1113 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට ක


ජනපතිගෙන් හෝ චි මිං සොහොනට පුෂ්පෝපහාර
2025 මැයි මස 05 280 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ හැනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.


රේගු වංචා කරන පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කරයි
2025 මැයි මස 05 691 2

රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ


විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු
2025 මැයි මස 05 545 1

විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100


කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට
2025 මැයි මස 05 1376 1

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි


මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 1447 6

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 689 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 178 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1211 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site