IMG-LOGO

කැලණි පාලමේ ඇණ ගැලවීම ගැන සී.අයි.ඩී පරීක්ෂණයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කැලණි පාලමේ  කෝටි විසි අටක ඇණ ගලවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බව  ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (18)පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

බන්දුල ගුණවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.

මේ ගැන පොලීසිය පරීක්ෂණයක් පැවැත්වූවා. අලාභය ගැන පොලිසියේ පැමිණිලි කරලා තියෙනවා. පාලමට විශේෂ ආරක්ෂාව යොදවලා තියෙනවා. ඇත්ත සංඛ්‍යා දත්ත පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබාදෙනවා. රේල්පාරෙ  තියෙන පොඩි යකඩ කෑල්ල පවා ගලවා ගෙන යන තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා.

රේල් පාරේ යකඩ ගැලෙව්වම දුම්රියක් වුණත් පෙරලෙන්න පුළුවන්. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

දයාසිරි ජයසේකර මහතා:

මම මේ අහන්නේ ඇණ පිළිබඳ කතා වස්තුව. කුඩ්ඩන්  ඇණ ගැලවීමේ කතා වස්තුව. කෝටි 28 කියන්නෙ යකඩ කිලෝ හැත්තෑ හත් ලක්ෂයක්. ඒ කියන්නේ ඇණ පහළොස් ලක්ෂයක් ගලවලා. දිනකට ඇණ සියයක් ගැලෙව්වොත් ඉවර කරන්න අවුරුදු විසි එකක් යනවා. දින පන්සිය අනූ නවයක් කුඩ්ඩො ඇණ ගැලෙව්වා නම් දිනකට ඇණ 1300ක් ගලවන්න ඕන.

උදේ හයේ  ඉඳලා හවස හය  වෙනකම් කූඩ්ඩො  ටික එකතුවෙලා ඇණ ගැලෙව්වා නම් ඇණ දහයයි ගලවන්න පුළුවන්. මේ වගේ ඇණ පිළිබඳ  කතා වස්තුවක් ඔබතුමාගේ ආචාර්ය උපාධියටවත් එන්නෙ නැතුව ඇති කියලා මම හිතනවා. ඇත්තටම මෙහෙම ඇණ ගලවලාද.



අදහස් (2)

කැලණි පාලමේ ඇණ ගැලවීම ගැන සී.අයි.ඩී පරීක්ෂණයක්

Hafeel Tuesday, 18 July 2023 02:19 PM

පට්ට හොරු ඇමති මන්ඩලයක් . සුදු ලූණු හොරා, සතොස හොරා, රට ඉඳි හොරුන්, බැංකු පොල්ලු කාරයෝ, කප්පම් කාරයෝ නියෝජන කරන ආණ්ඩුවකට සහ බරපතල වංචාකාරයක් බ්‍රිතානයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දුරයට පත් කරන විට ජාත්‍යන්තරයේ විශ්වාසය ඇති වේවිද?

:       0       0

sena Tuesday, 18 July 2023 06:00 PM

අචාර්ය උපාධිය කෙසේ වෙතත් මෙච්චර සංකීර්ණ ගානක් මෙතුමාට හිතා ගන්න බැහැ .රුපියල් 2500 කින් පවුලක් මාසයක් කන්න පුළුවන් කිවුවේ මෙයානෙ .ෂුවර් එකටම සිකුරුටි කම්පැනියකින් ජරාවක් කාලා ඇති කොන්ත්‍රාත් එක දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site