IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කැලණි පාලමේ ඇණ කතාව බොරු

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කැලණි පාලමේ ඇණ ගැලවීමක් සිදුවී නැතැයි ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  අද (19)පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

කැලණි පාලමේ ඇණ ගැලවූයේ  යැයි  කියන කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක්. පාලමේ ඇඳි වල
බට සොරකම් කරල තියෙනවා. වැසි ජලය ප්‍රවාහනය කරන පී.වී.සී බට හොරකම්  කරල තියෙනවා. නව කැළණි  පාලමේ සන්නිවේදන ගොඩනැගිල්ලේ තොරතුරු පද්ධතියේ ආරක්ෂාවට යොදවා තිබූ වායු සමීකරණ යන්ත්‍රවල බාහිර සවිකර තිබූ කොටස් සොරකම්  කරල තියෙනවා.  පාලමේ දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් ටික සොරකම් කරල තියනවා.

ජී.අයි බට සොරකම් කිරීමෙන් ලක්ෂ 40 ක පාඩුවක් සිද්ධ වෙලා. වායු සමීකරණ යන්ත්‍ර කොටස්  සොරකම් කිරීමෙන් මිලියන 0.5 ක පාඩුවක් සිද්ධ වෙලා.  දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් සොරකම් කිරීමෙන් ලක්ෂ 10 ක පාඩුවක් සිද්ද වෙලා තියෙනවා. මුළු අලාභය ලක්ෂ හැටයි. නව  කැලණි පාලමේ කෝටි ගාණක පාඩුවක් වෙලා නැහැ. ඇණ ගලවලා නැහැ. ඒ අණ ගලවන්න බෑ.ඇණ ගලවන වානම් විශේෂිත උපකරණ ඒ ඉංජිනේරු සමාගම විසින් ගේන්න ඕන. එහෙම නැත්නම් පාලම  අනතුරට ලක් වෙනවා. මේක නිකං ඇණගන්න ප්‍රකාශයක්.



අදහස් (5)

කැලණි පාලමේ ඇණ කතාව බොරු

ravin Wednesday, 19 July 2023 01:53 PM

පාලමේ අණ කෙසේවෙතත් මෙයාගේ අණනම් ගැලවිලා වගේ... නැතිනම් බුරුල්වෙලා....

:       2       30

ලුම්බිණි Wednesday, 19 July 2023 02:24 PM

එතකොට අර නීතිය යටතේ බොරු ප්‍රචාරය කල අයට නඩු නැද්ද?

:       0       28

nimal Wednesday, 19 July 2023 02:47 PM

ඇණ ගහන්න ඕනැ නැහැ. ඇණ ගලවලා නැතිනම් හොඳයි. හැබැයි සමහර කොටස් ගලවලා පාඩු කරලා තියෙන හන්දා... වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන එක හොඳයි. නැතිනම් ඔහෙලා ගියාට පස්සේ ඉස්තාලෙ වහන එකනේ කරන්නේ...!

:       0       24

සල්ලි Wednesday, 19 July 2023 04:40 PM

රට ඇණ තියලා තියෙන්නේ...

:       1       9

Perera Thursday, 20 July 2023 12:23 AM

මෙයාගේ හොම්බට දෙකක් අනින්න... ළඟපාත කෙනෙක් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site