IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


කාල්ටන් ක‍්‍රීඩා සැණකෙළිය 27 සිට තිස්සමහාරාමයේදී

තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ කාල්ටන් ක‍්‍රීඩා සමාජය හයවැනි වරටත් මෙහෙයවන ‘කාල්ටන් සුපරි ක‍්‍රීඩා සැණකෙළිය 2012’ මේ මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා තිස්සමහාරාමය කාල්ටන් ධාවන පථය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. දින තුනක් පුරා පැවැත්වෙන තරගමාලාවට තුන් ප‍්‍රයාම, මෝටර් රථ, 4-4 ජීප් රථ, ජල ක‍්‍රීඩා, ඉලක්කයට වෙඩි තැබීම, මවුන්ටන් පාපැදි, කඹ ඇදීම, ඔරු පැදීම, යන තරගාවලි ඇතුළත්වේ. පැරා මෝටරින් සහ සුනඛ සංදර්ශනවලින් මෙන්ම පවුලේ සැමට විනෝද විය හැකි අංග රැසකින් ද සැණකෙළිය සමන්විතය. ක‍්‍රීඩා සැණකෙළියට දෙවැනි වරටත් ඇතුළත්වන ශ්‍රී ලංකා විවෘත තුන් ප‍්‍රයාම තරගාවලියේදී තරගකරුවකු මීටර 750 ක පිහිනුම් තරගයකට, කිලෝමීටර 20 ක් දුරැති පාපැදි ධාවන තරගයකට සහ කිලෝමීටර පහක දීවීමේ තරගයකට සහභාගිවෙමින් අඩුම කාලයකින් තරග තුනම අවසන් කළ යුතුය. එම ඉසව්ව මේ මස 28 වැනිදා පෙරවරු 7.00 ට ආරම්භ කිරීමට නියමිතය. ක‍්‍රීඩා සැණකෙළියේ පළමු දිනයේ (27) පෙරවරු 8.30 ට මවුන්ටන් පාපැදි තරගාවලිය ඇරැුඹෙයි. තිස්ස වැවේ පැවැත්වෙන ජල ක‍්‍රීඩා තරගාවලියට රුවල් ඔරු, සුළං ඔරු ඇතුළු ඉසව් රැසක් ඇතුළත් අතර ජල ක‍්‍රීඩා සංදර්ශනයකින් ද එය සමන්විතය. ක‍්‍රීඩා සැණකෙළියේ 4-4 ජීප් රථ තරගාවලිය තිස්සමහාරාම ප‍්‍රදේශයේ සෆාරි ජීප් රථ වෙනුවෙන්, නවීකරණය නොකළ සහ නවීකරණය කළ යන කාණ්ඩ තුනක් යටතේ පැවැත්වේ. 4-4 සුපිරි ජීප් රථ රැළිය මේ මස 27 වැනිදා පෙරවරු 9.00 ට කොළඹ ගාලූ මුවදොර පිටියේ සිට තිස්සමහාරාම නගරය දක්වා ගමන් අරඹයි. ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලිය ද, කිලෝග‍්‍රෑම් 640 බර පංතියෙන් පැවැත්වෙන කඹ ඇදීමේ තරගාවලිය ද සැණකෙළියේ සුවිශේෂී තරගාවලිවේ. දිවයිනේ නම ගිය ධාවකයන් රැුසක් තරග වදින මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය පැවැත්වෙන්නේ මෙම 29 වැනිදා පෙරවරු 9.00 සිටය. දිවයින පුරා විසිරී සිටින නැගී එන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ක‍්‍රීඩා කුසලතා දියුණු කිරීමේ තාරුණ්‍යයට හෙටක් වැඩසටහනේ අරමුදලට ආධාර පිණිස මෙවර සැණකෙළිය සංවිධානය කෙරේ.



අදහස් (0)

කාල්ටන් ක‍්‍රීඩා සැණකෙළිය 27 සිට තිස්සමහාරාමයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 791 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 516 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site