IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාලගුණය 12 දා සවස 4.00 සිට ඉදිරි පැය 36 සඳහා

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “හුඩ්හුඩ්” ඉතා චන්ඩ සුළිකුණාටුව අද  දහවල් ඉන්දියානු ගොඩබිමට ඇතුල් වූ අතර ඉදිරි දින තුල දී  ක්‍රමයෙන් දුර්වල වනු ඇත. කෙසේ වෙතත් එහි බලපෑම නිසා දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළයාමට හැකියාව තව දුරටත් (අද දිනයේ) පවතී. විශේෂයෙන් උතුරු මුහුද රළු වීමේ හැකියාව ද පවතී. හෙට දිනයේ සිට සුළං වේගය අඩු වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ  ගිගුරුම් සහිත වැසි  ඇති වේ. වයඹ පළාතටද මෙම වැසි පැතිර යා  හැක.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, නැගෙනහිර සහ උතුරු පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.  

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

24 houß Town

 



අදහස් (0)

කාලගුණය 12 දා සවස 4.00 සිට ඉදිරි පැය 36 සඳහා

සන්ද්‍යා Friday, 17 October 2014 11:59 AM

කාලගුණ වාර්ථාවට අනුව කියන දේ වෙන්නේ නෑනේ.(හේ)

:       0       0

ශාන්ත මුතුනමගෙ ඉතාලියෙ සිට. Thursday, 18 December 2014 07:12 AM

අද අපේ රටේ කාලගුණය විතරක් නෙමෙයි මේ මුලු ලෝකෙම කාලගුණය රෑට කියන දේ නෙමෙයි බොහෝවිට උදේට සිද්ධවෙන්නෙ. ඒ නිසා කාලගුණ වාර්තා කියන ඒවා විෂයක් ලෙස හදාරපු, ඒ වාර්තා හැකි පමණින් හරි මහජනයාට දන්වන ඒ මහත්ම මහත්මීන්ට අපි ගරුකළ යුතුයි. (නි)

:       0       0

ශාන්ත මුතුනමගෙ Wednesday, 07 January 2015 03:05 PM

කාලගුණය යනු අපෙි සැමගේම සොහාදහමයි. අවට පරිසරයයි. අප විසින් පරිසරයට හා සොහාදහමට දක්වන්නා වු අාදරය සැළකිලි අනුව තමයි එයින් අපිට ලැබෙන ප්‍රතිඵලත්. දැන් මේ ලෝකය පුරාවටම වන ස්වභාවික විපත් දැනට දශකයකට පෙර සිට අාරම්භ වෙමින් පවතිනවා. (නි)

:       0       0

සෑම් Friday, 27 March 2015 08:38 AM

ලංකාවෙ වාර්තා කොහොමත් ? (බ)

:       0       0

ශාන්තමුතු ඉතාලිය...... Friday, 13 February 2015 12:27 PM

මේ කාලගුණ වාර්තාව(පෙබරවාරි.13.2015) වැඩියෙන්ම බලපාන්නේ අපේ රටේ ධිවර සහොදරයන්ටයි. ඔවුන් හැමවිටම බැලිය යුත්තේ සහ සවන් දිය යත්තේ මෙවැනි මාධ්‍යයටයි. අනුන්ගෙ වල්පල්වවලට නොවේ.සිහි ණුවනින් වැඩකලොත් ඔබත් ඔබෙේ දරැපවුලත් රැකෙණු නියතය... (අ)

:       1       0

ශාන්තමුතු ඉතාලියේ සිට Thursday, 05 March 2015 12:38 PM

කාලගුණ වාර්තා නම් සියයට සීයක්ම හරියටම කියන්න ලෝකයේ දියුණු රටවල් වලටවත් තවම බැහැ. (නි)

:       0       1

මොහොමඩ් Wednesday, 03 December 2014 10:19 AM

කාලගුණය හරියට කියන්න බැරි ඇයි (දිල්)

:       0       0

කාලිංග Thursday, 25 December 2014 01:37 AM

කාලගුණයත් දේශපාලකයන් වගේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site