IMG-LOGO

කලාකරුවන්ට නොමිලේ ලෝයල්ටි කාඩ්පත්

2016-09-19-ent-75

ශ්‍රී ලංකාවේ ගායක ගායිකා සංගමයේ මාධ්‍ය හමුවක් හා DVD තැටියක් මෙන්ම ගායක ගායිකාවන් සඳහා ලෝයල්ටි කාඩ්පතක් පිරිනැමීම පසුගියදා (15දා) පෙරවරුවේදී කොළඹ පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණ. මෙහිදී ගායක ගායිකා සංගමයේ සභාපති ගායන ශිල්පී කීර්ති පැස්කුවල් හා ලේකම්වර ගායන ශිල්පී ජානක වික්‍රමසිංහද" භාණ්ඩාගාරික ගායන ශිල්පී රොහාන් ද සිල්වා අදහස් දක්වා සිටියහ.

 

සභාපති ධුරයේ පළමුවන වසරක ගමන් මග

2016-09-19-ent-77ශ්‍රී ලංකාවේ මෙතෙක් කල් නොපැවති ආකාරයේ දැවැන්තම සහ ගායන ශිල්පීන් ශිල්පිනියන් 150ක් පමණ සහභාගී කරවාගෙන ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයට ආධාර පිණිස යුග යුග හඳ රැඳි ගී ප්‍රසංගය 2016 ජනවාරි 31 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූවා. එහිදී අපේක්ෂිත ආදායම ලබාගත්තා වගේම ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයට මෙතෙක් අඩුවක්ව පැවති නිල තේමා ගීතයක් නිර්මාණය කර සියලුම සාමාජික සාමාජිකාවන් සහභාගී කරවාගෙන වීඩියෝගත කර විද්‍යුත් මාධ්‍යයන්ට ලබාදීම අප සිදුකළා. ඒ වගේම එම ප්‍රසංගයේ ගීත 86ක් ඇතුළත් කරමින් සකස් කළ DVD පටයක් වෙළෙඳ පොළට නිකුත් කිරීමත් සිදුකළා.

ඒ වගේම අප සංගමගේසාමාජික සාමාජිකාවන්ට එදිනෙදා කෙරෙන විවිධ සේවාවන් සහ පාරිභෝගික අවශ්‍යතාවයන් වලදී විශේෂ වට්ටම් සහිතව, පාරිභෝගික ස්ථාන 35 ක් මගින් තම අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකිවන පරිදි විස්වාසනීය කාඩ්පතක් නිකුත් කිරීමත් සුවිශේෂී කාර්යයක්. අප සංගමයේ සාමාජිකත්වය දරණ බටහිර ගීත ගායනා කරන ශිල්පීන්ගේ දායකත්වය ලබාගනිමින් කොරීන් අල්මේදා සහ සොහාන් වීරසිංහ යන දෙපළගේ මූලිකත්වයෙන් 2016 අප්‍රේල් මස 02 වැනිදා රාත්‍රී ප්‍රියසාදයක් (ඩිනර් ඩාන්ස්) පවත්වා සංගමයට රුපියල් ලක්ෂ දෙකක මුදලක් උපයා දෙනු ලැබුවා.

 

අවුරුදු උලෙළ

සහෝදරත්වය, සහජීවනය සහ සම්බන්ධතාවයන් වඩාත් තීව්‍ර කරලීම සඳහා සංගමයේ සාමාජික - සාමාජිකාවන් සහ පවුල්වල අයගේ සහභාගීත්වයෙන් යුතුව 2016 අප්‍රේල් මස 26 වැනි දිනදී බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගණයේදී සිංහල අලුත් අවුරුදු උලෙළක් පැවැත්වුවා.

දීර්ඝකාලීන සැලසුමක් ලෙස වයස අවුරුදු 65 සම්පූර්ණ වූ සාමාජික - සාමාජිකාවන්ට ස්ථාවර දීමනාවක් ලෙස මාසිකව රුපියල් 10,000ක මුදලක් ජීවිතාන්තය දක්වා ලබාදීම පිණිස භාරකාර මණ්ඩලයක් පත්කොට, භාරකාර අරමුදලක් පිහිටුවා ඒ සඳහා ලංකා බැංකුවේ විශේෂ ගිණුමක් ආරම්භකර, එහි ස්ථාවර තැන්පතුවක් ලෙස රු.ලක්ෂ දොළහක මුදලක් තැන්පත් කළා.

එම භාරකාර මණ්ඩලයේ සාමාජික පිරිස වනුයේ කීර්ති පැස්කුවල්, ජානක වික්‍රමසිංහ, රොහාන් ද සිල්වා, සොහාන් වීරසිංහ, කොරීන් අල්මේදා, ඇනස්ලි මාලේවන, උපාලි පෙරේරා යන අයයි. එම අරමුදල වර්ධනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රමෝපාය මාර්ග සැලසුම්කර ඇති අතර, බොහොමයක් ක්‍රියාත්මකකර තිබෙනවා.

 

රිගින් ටෝන් පහසුකම්

ශිල්පීන් ශිල්පිනියන් දස දෙනෙකුගේ ගීත "රිගින් ටෝන්" භාවිතය සඳහා ජංගම දුරකථන ආයතනවල ලියාපදිංචිකර ඇති අතර, දැනටමත් එම ගීත සියලුම දුරකථන ජාල තුළින් "රිගින් ටෝන්" ලෙස යොදා ගැනීමට හැකියාව ඇත. මෙම ගීත එම ශිල්පීන් විසින් සංගමය වෙත නොමිලේ ලබාදී තිබෙනවා. එම ගීත වනුයේ සකුණ විජිතයේ - සංගමයේ නිල ගීතය, සෞම්‍යවන්තියේ - ජානක වික්‍රමසිංහ, සඳ කිනිති නැවී - ලක්ෂ්මන් විජේසේකර, මලේ කටුව විස - ජගත් වික්‍රමසිංහ, නාඳුනනා ලෙසින් - රොහාන් ද සිල්වා, කපිරිඤ්ඤා - කොරින් අල්මේදා, ඔබේ නීලනෙත් - දයාන් විතාරණ, සේද කිරිල්ලී - කීර්ති පැස්කුවල් + සමිතා මුදුන්කොටුව, අම්මේ ඔබේ සෙවණේ - ග්‍රේෂන් ජයමහ, ලඟින් ඉන්නට නෑ - නෙළු අධිකාරි, මුතු පබළු - මරියසෙල් ගුණතිලක යන ගීතයි.

ශ්‍රී ලාංකේය ගායක - ගායිකා සංගමයේ සියලුම සාමාජික සාමාජිකාවන්ගේ ගීත ජංගම දුරකථන ආයතනවල රිගින් ටෝන් භාවිතය සඳහා ගීත සපයන මැදිහත්කරුවෙකු ලෙස (Content Provider) ලියාපදිංචිකර ඇති අතර, මේ යටතේ ඕනෑම ශිල්පියෙකුගේ ගීත සංගමය හරහා දුරකථන ආයතනවලට ලබාදී එමගින් අනෙකුත් මැදිහත්කරුවන්ට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබාගැනීමේ හැකියාව සාමාජික - සාමාජිකාවන්ට උදාකර දී තිබෙනවා. යම්කිසි කෙනෙකුට මෙම භාරකාර අරමුදල සඳහා මුදල් බැර කිරීමට අවශ්‍ය වන්නේ නම් ඩයලොග් ආයතනයේ "ඊසි කෑෂ්" ක්‍රමය තුළින් හා මොබිටෙල් ආයතනයේ "එම් කෑෂ්" මගින්ද මෙම අරමුදලට තමන් කැමති ඕනෑම මුදලක් බැර කිරීමට අවස්ථාව සලසා දීමත් විශේෂත්වයක්. පසුගිය කාලය පුරාවට ගායන ක්‍ෂේත්‍රයට අදාළ වූ ශිල්පීන්ගේ අවමඟුල් අවස්ථා කිහිපයකදී මුදල් පරිත්‍යාග කර ඇති අතර, ශිල්පීන් අසාධ්‍ය රෝගීන් වූ අවස්ථාවන්හිදී හා විශේෂ උපහාර දක්වන අවස්ථාවන්හිදී මුදලින් ආධාර ලබාදීමට කටයුතු කරනවා.

මෙතෙක් සංගමයේ සාමාජිකයෙකුගේ අවමංගල්‍ය අවස්ථාවකදී ගෙවන ලද රු. 25,000/- ක මුදල රුපියල් 75,000/- දක්වා වැඩිකරලීම හා මරණයට අදාළ සියලු කටයුතු සංගමය විසින් සිදුකිරීමට කටයුතු සැලසුම් කිරීම මෙන්ම තදබල අසනීප අවස්ථාවන් හිදී හෝ පවුලේ ඥාතිවරයෙකුගේ අභාවයකදී ගෙවන ලද රුපියල් 10,000/= ක මුදල රුපියල් 25,000/= දක්වා වැඩිකරලීමත් අප සිදුකරනවා.

කලා ක්‍ෂේත්‍ර‘යේ ජ්‍යේෂ්ඨ ශිල්පීන්ට සංගමයේ යාවජීව සාමාජිකත්වය පිරිනමමින් ගෞරව දැක්වීමත් අප සිදුකරන සුවිශේෂී කටයුත්තක්. එමෙන්ම කීර්ති පැස්කුවල් මහතා සභාපති ලෙස සහභාගී වූ ඔස්ට්‍රේලියානු සංචාරයකදී ලබාගත් පරිත්‍යාග මුදලක් වූ රුපියල් ලක්ෂයක් සංගමයේ ගිණුමට බැරකිරීමත් මෙහිදී සිදුව තිබෙනවා.

ගීත නිර්මාණ කේන්ද්‍රය (ඔස්කා) අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස අප සංගමයේ සාමාජික සාමාජිකාවන්ට ඔස්කා සංවිධානය සමග අනුගතවීමට ඉඩහසර සලස්වා ගැනීමත්, ඔස්කා සංවිධානය තුළ දැනට කරගෙන යන කර්තෘ භාග අයකර ගැනීම් සහ අනෙකුත් නීතිමය රැකවරණයන් සෞඛ්‍ය රක්ෂණ පහසුකම්ද ලබාගැනීමට ඉඩකඩ ලබාදීමත් අප සිදුකරනවා.

 

සටහන ඉඳුනිල් සින්දු/සේයාරූ ඉන්දරත්න බාලසූරිය

 

2016-09-19-ent-74
2016-09-19-ent-73
2016-09-19-ent-72
2016-09-19-ent-71
2016-09-19-ent-70
2016-09-19-ent-69
2016-09-19-ent-68
2016-09-19-ent-67
2016-09-19-ent-66
2016-09-19-ent-65
2016-09-19-ent-64
2016-09-19-ent-63
2016-09-19-ent-62



අදහස් (0)

කලාකරුවන්ට නොමිලේ ලෝයල්ටි කාඩ්පත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 112 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 377 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site