IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘කලාකරුවන්ගේ ප්‍රශ්නය ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා නෑ‘

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ සිදුවීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බවත්, ඒ ගැන අදාළ අමැතිවරුන් ප්‍රකාශයක් කරනු ඇති බවත් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා නොකළ බව ද අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියැවිණි.

කොළඹ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතයේදී පසුගිය දා පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලට නිසි ප්‍රතිපාදන වෙන් නොකළ බව කියමින් සම්මාන ගනිද්දී කලාකරුවෝ පෝස්ටර් පෙන්වමින් නිහඬ විරෝධතාවක යෙදුනහ. ‘රාජ්‍ය මෙච්චර පීචං ද මචං‘, ‘ ජනාධිපතිතුමනි සංස්කෘතික ජීවිතේ කියලා දේකුත් තියනවා‘, ‘අධ්‍යාපන ඇමතිතුමනි, නාට්‍ය අදාළ නැහැනේ‘ ආදී සටන්පාඨ එම පුවරුවල සදහන්ව තිබිණි.

රාජ්‍ය නාට්‍ය උළෙලට කිසිදු ඇමැතිවරයකු සහභාගී වූයේද නැත.

ප්‍රශ්නය - මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත් කරන්න අලුත් පරපුරේ කලාකරුවන් ලොකු වැඩකොටසක් කළා.   සංස්කෘතික අමාත්‍යංශයේ සහ අධයාපන අමාත්‍යංශයේ කඹ ඇදිල්ලක් නිසා රාජ්‍ය නාට්‍ය උළෙලට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළේ නැති බවට කලාකරුවන් චෝදනා කරනවා.?

ප්‍රශ්නයට පිළිතුරු දීම ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා විසින් නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතාට යොමු කරනු ලැබීය.

පිළිතුර - මේ ගැන අපි කතා කළා. අදාළ ඇමැතිවරුන් ඉදිරියේදි පැහැදිලි කිරීමක් කරයි.

ප්‍රශ්නය - කැබිනට් මණ්ඩලයේදී මේ ගැන කතා වුණාද?

ගයන්ත කරුණාතිලක - කැබිනට් මණ්ඩලයේදී මේ ගැන කතා වුණේ නෑ නේද?

දොස්තර රාජිත සේනාරත්න - මේ ගැන කතා වුණේ නෑ

ගයන්ත කරුණාතිලක - නමුත් අපි අගමැතිවරයා සමග මේ ගැන කතා කළා. අදාළ ඇමැතිවරුන් පසුව පැහැදිලි කිරීමක් කරයි.

ප්‍රශ්නය -අමාත්‍යංශවලට ආයතන බෙදද්දි ගැටළුවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නය ඇවිත් තියෙන්නේ. කලින් තිබුණු විදියට ආයතන බෙදන්නේ නැද්ද?

කරු පරණවිතාන - මෙතන ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඉදිරියේදී විසඳුමක් ඉදිරිපත් කරයි.

art



අදහස් (0)

‘කලාකරුවන්ගේ ප්‍රශ්නය ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා නෑ‘

දහම් Thursday, 07 July 2016 04:56 AM

මේ ආණ්ඩුව අනාගත්තේ නැති එකක් කියන්න. මහා බැංකු හොරකම වුනත් හත් පොලේ ගා ගත්ත. (බ)

:       0       0

තිස්ස ජයසිංහ Thursday, 07 July 2016 05:07 AM

කවුද මේ වේදිකා නාටඨ ශිල්පීන්ගැන බලන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 514 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site