රුපියල් පන්කෝටි තිස් හත් ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට් 71 ක් සහ ස්වර්ණාභරණ තොගයක් ඝනක යන්ත්‍ර පෙට්ටි තුළ සගවාගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරුවෝ 58 සහ 41 වියැති කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මොවුහු ඩුබායි හා ශ්‍රී ලංකාව අතර නිතර නිතර යන එන බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගනු ලැබු රත්තරන් තොගයේ මුළු බර කිලෝග්‍රෑම් දහයයි ග්‍රෑම් හත්සිය පනහකි.
මින් රත්තරන් බිස්කටි 71 හි බර කිලෝග්‍රෑම් 7 ක් වු බවත් ස්වරණාභරණ අතර කර මාල, වළලු, බ්‍රේස්ලට්, මුදු තිබු බව රේගුව කියයි.
මෙම රත්තරන් තොගය ඩුබායි වලදී මිල දී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරුවෝ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 226 දරණ ගුවන් යානයෙන් ඊයේ අළුයම ඩුබායි සිට මෙරටට පැමිණ වාහන අමතර කොටස් බවට රේගුවට ප්‍රකාශ කර ඉතා සුක්ෂම ලෙස ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ දරා ඇත.
එම අවස්ථාවේ ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නියුතුව සිටි නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක යන නිලධාරීන්ට ඇති වු සැකයක් මත මොවුන් පරීක්ෂා කර ඇත.
එහිදි ඝණක යන්ත්‍ර පෙට්ටි තුළ ඉතා සුක්ෂම ලෙෂ සගවා තිබු මෙම රත්තරන් සොයාගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක ඇතුළු රේගු නිලධාරීහු සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැල්කියුලේටරයෙන් කෝටි පහක රත්තරන් පනී
මෙවන් Thursday, 22 May 2014 12:43 AM
මේ අය නිතර නිතර ආව ගියානම් මොවුන් කලින් පැමිණි වතාවල රේගු ඇස් වලට වැලි ගසා බඩුත් සමග පිට වෙලාද? මේ අසු වී ඇත්තේ ප්‍රථම වතාවටද? (ස)
සරත් බණ්ඩාර Wednesday, 21 May 2014 05:56 PM
පුදුමාකාර නිධානයක්නේ මේක. (නි)
ඉස්ෆාන් Wednesday, 28 May 2014 08:26 AM
ඩුබාය් වලින් මිලදී ගත්ත ඒවානම් ලංකාවට ගෙන්න බැරි ඇයි. නීත්‍යානුකූලව ලංකාවට ගුවන් මගින් ගෙන්න පුළුවන් රන් ප්‍රමාණය කොපමණද? ඊට වැඩියෙන් ගෙන්න නම් නීතියෙන් අවසර ගන්නේ කොහොමද? (ස)
නාලක බස්නායක Wednesday, 21 May 2014 01:49 PM
අපගේ දක්ෂ රේගු නිලධාරින්ට බොහොම ස්තුතියි . මෙවැනි හොර වංචා අල්ලා දී රටට ලොකු සේවයක් කර ආදායමක් දීමට . රජයත් මෙම රෙගු නිළධාරින් දිරි ගැන්වීමට සහ ඔවුන්ගේ සේවය වෙනුවෙන් . මෙම ලබන ආදායමෙන් කොටසක් ඔවුන්ට පිදිය යුතුයි යනු හැඟිමයි (අ)
මහේෂ් Wednesday, 21 May 2014 02:03 PM
ඇයි මේ අයගේ නම් ගම් හෙළි කරන්න මේ තරම් බය. නමුත් පුංචි හොරකමක් කරපු සිංහල මිනිහෙකුගේ නම් නම ගම විතරක් නෙමේ තව වැඩිපුරත් එක්ක විස්තර දායි. පුදුම රටක් මේක. සමහර විට මාධ්‍ය බය ඇති. (ස)
ගලී Wednesday, 21 May 2014 07:57 PM
කාටහරි කියන්න පුලුවන්ද මෙතෙක් රේගුව මගින් අල්ලා රාජසන්තක වූ රත්තරන් ප්‍රමාණය හා ඒවා තියෙන තැන.(නදී)
අර්චස්චොච් Wednesday, 21 May 2014 02:23 PM
රට ඇතුලට ගේන ඒවට ඇයි ව්‍යාපාර කියන්නේ ? (නදී)
තබුක් සිල්වා Wednesday, 21 May 2014 02:31 PM
අල්ලා ගන්න බඩු වලට මොනවද වෙන්නේ කියලා ජනතාවට දැනගන්න දුන්නා නම් හොඳයි නේද? (නදී)
ගිහාන් Wednesday, 21 May 2014 02:49 PM
එහෙන් එනකොටම මෙහාට පණිවිඩේ එනවා කියලා රට ගිහින් එන මිනිස්සු දන්නේ නැහැ. මේක ඩුබායි පමණක් නොවන බව සිත තබාගත්තොත් හොඳයි.(නදී)
රන්ජිත් Wednesday, 21 May 2014 02:50 PM
ඝණකය = ඝණ චතුරශ්‍රයකි ගණකය = ගණන් සෑදීමට ගන්නා උපකරණයකි (නදී)
ශාන්ති Wednesday, 21 May 2014 08:49 PM
ඇත්තටම මේ රත්තරන් වලට මොකද වෙන්නේ? (නදී)
සරත් බණ්ඩාර Wednesday, 21 May 2014 10:49 PM
ශාන්ති .මේ රත්රන් වලට මොකද දන්නවද වෙන්නේ, .රජයෙන් වෙන්දේසියේ දානවා. .ඒ සල්ලි වලින් රජයේ මැති අැමති ගොල්ලන්ගේ කාර්වලට පෙට්‍රල් ගහනවා. (ස)