දියර කිරිවලට සීනී ලුණු හා වතුර දමා වැඩිපුර මුදල් ගැනීමේ සිද්ධියක් ගැන මිල්කෝ සමාගමට වෘත්තීය සමිති අනතුරු අගවයි.
මෙවැනි ලුණු මිශ්‍ර කිරිපිටි කිලෝ 1600 ක් සීනී මිශ්‍ර කිරිපිටි 2050 ක්ද අඹේවෙල කම්හලේ ඇතැයි සමස්ථ ලංකා කිරි කර්මාන්ත සංගමයේ සභාපති රොහාන් ගුණසේකර මහතා කියයි.
මිල්කෝ සමාගමේ සභාපති සුනිල් වික්‍රමසිංහ මහතා පවසනුයේ ශිතාගාරවල වැඩ කරන පිරිසක් කිරිවලට සීනි හා ලුණු දමා ඇති බවයි.
‘කවුරුන් හරි අල්ලාගෙන සීනීයි ලුණු යි ද ලා කිරි වලට වතුර ලීටර් දෙසීයක් වතුර දාලා මාසේ අන්තිමට සල්ලි ගන්නවා . ඒවා සොයා ගත්තා.සමාගමේ සාමන්‍යාධිකාරී පී අයි ඕ ප්‍රනාන්දු මහතා මෙසේ කියයි.මේ පාඩුව ඒ අයගෙන් අය කරගන්නයි හදන්නේ .අඹේවෙල කර්මාන්තශාලාවේ විශාල වශයෙන් ලුණු හා සීනී මිශ්‍ර පිටිකිරි නෑ.ටිකක් තියෙනවා.අපි ජනතාවට ඒවා දෙන්නේ නෑ.
වෘත්තිය සමිති කියනුයේ ශිත කිරීමේ මධ්‍යස්ථානවල පළපුරුදු සේවකයින් ඉවත් කිරීම නිසා මේ තත්ත්වය උදා වු බවයි.
කිරි ලීටරයක මිල රුපියල් පනහ ඉක්මවයි.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිරි වලින් ගැරිල්ලක් අල්ලයි
කැනඩා දිසා Monday, 28 April 2014 06:05 AM
පිටිගල ගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත ,..මේ රටේ ලොකු තැන ඉඳලා පොඩිම එකා දක්වා කරන්නේ ගරන එකමනේ. (නදී)
මල්කා Monday, 28 April 2014 02:37 PM
අපිට දැන් ලංකාවේ කිරි බොන්නත් බැහැ. පිටරට කිරි බොන්නත් බැහැ. (ස)
ලලිත් අපොන්සු Sunday, 27 April 2014 04:56 PM
වැඩේ නම් නියමයි (දී)
ගාමිණි Monday, 28 April 2014 07:54 AM
මේ වැඩේ කරන්නේ මුදල් හොයා ගැනීමේ තණ්හාවෙන් වුණත් අදාළ අය කරන්නේ දේශීය නිෂ්පාදනයක් නැති කිරීමක් බව මේ අයට එකයි පුදුමේ. (ස)
පිටිගල Sunday, 27 April 2014 06:12 PM
ලංකාවේ ගරන්නේ නැත්තේ හුස්ම ගන්න ඔක්සිජන් ටිකෙන් විතරයි.(නදී)
කුමාර Monday, 28 April 2014 09:04 AM
මෙි කතාව පිටිපස්සෙ පිට රටින් කිරි පිටි ගෙන්නන අර ලොකු සමාගම ඇති. වෘත්තීය සමිති කරන්නෙ මොකද කියලත් හොයල බලන්න. සල්ලි අරන් ලොකු ප්‍රසිද්ධියක්අරන් දෙයි.(අ)
අජිත් Sunday, 27 April 2014 01:34 PM
දැන් ගොඩක් අය පිටරටින් එන පිටිකිරි බොන්න කැමති නෑ. ලංකාවේ නිෂ්පාදනය කරන පිටිකිරි වලට හොද ඉල්ලුමක් තියනවා. ඒ අතරේ මේකේ ඇතුලේ කට්ටිය රන්ඩු වෙනවා, මේක තව දියුණුකරන්න බලන්නේ නැතුව. (දී)
ලන්කපුත Monday, 28 April 2014 10:28 AM
එහෙම කරලා, කිරි ලීටරය අපිට දෙන්නේ 175 කට නේද ? (ස)