විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාලයේ පක්ෂය මෙහෙයවීම නායකත්ව මණ්ඩලය නායක කරු ජයසූරිය මහතාටත්, සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක ධුරයේ වැඩ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතාටත් පවරා ඇතැයි එක්සත් ජාතික පක්ෂය කියයි.
වික්‍රමසිංහ මහතා ඇමෙරිකාවේ මැසචුසෙට් තාක්ෂණික ආයතනයේ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ රොබර්ට් ඊ විල්හෙල්මි අධි සාමාජිකත්වය ලැබ එහි දේශන සහ සාකච්ඡා සඳහා සහභාගීවිමට අද (6) පිටත්ව ගියේය.
ඔහු මාසයක් පමණ රටින් බැහැරව සිටිතියි පැවසේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කරු පක්ෂ වැඩට : ජෝන් විපක්ෂ නායක වැඩට
රොෂාන් Monday, 07 April 2014 02:16 AM
සමහරු නම් හිතකින් ගිය ගමනක් නොවෙයි වගේ (නි)
ජයන්ත කරුණාරත්න Monday, 07 April 2014 11:53 AM
වැඩේ දෙල් වෙයිද? (ස)
සේන Sunday, 06 April 2014 08:07 PM
ආ! නියම සුදුස්සන්ව පත් කරලා.... (නි)
සුමිත් Monday, 07 April 2014 03:56 AM
දැන්නම් රටට මීට වැඩිය ප්‍රබල විපක්ෂයක් ඕනෑ.ආණ්ඩුව යන්නේ වැරදි පාරේ.මෙහෙම ගියොත් රට ඉවරයි. (නි)
විමලඥාන හිමි පැරිස් Sunday, 06 April 2014 08:20 PM
සේන මහතාණනි, සජිත්ට රටට වැඩ කරන්න බලවත් රජයක් පිහිටුවා ගන්න නොහැකි වුණා තවම. එහෙත් ඔහුගේ ආසනයේ බොහෝ වැඩ කටයුතු කරනවා. ඔහු පක්ෂයටත් විශාල සේවයක් කරනවා. නමුත් ඔහුගෙන් අවම සේවයක් වන්නේ පක්ෂයට. මා කියා තිබෙන්නේ ඔහු පක්ෂයට වැඩක් කළ බවයි. හොඳින් කියවන්න ප්‍රතිචාරය... (නි)
සදුනි Sunday, 06 April 2014 09:09 PM
කොහොමටත් කරු ගැළපෙන්නෙ ඒ කාර්යටනේ (නි)
අජිත් කරුණාරත්න ලියනගේ Monday, 07 April 2014 08:43 AM
රනිල් මහත්තය මෙහෙම ගිය වෙලාවක තමයි කරු මහත්තය 17 ක් එක්ක අනිත් පැත්තට පැන්නේ. මට නම් මේ දෙන්නම ෂුවර් නැහැ. කෝකටත් ඇහැ ගහගෙන ඉන්න එක පක්ෂෙට හොඳයි වගේ. (නදී)
ජනහංස විපුලගුණ Monday, 07 April 2014 09:43 AM
සේන, එතුමා විසින් දුප්පතුන් උදෙසා කරන සමාජ සත්කාර වැඩසහටන් ගැන සොයා බලන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමා රටට මොනවද කරලා තියෙන්නේ කියලා තේරෙයි එතකොට ඔයාට. (ස)
සංක Monday, 07 April 2014 12:21 AM
රනිල් එදා කිව්වා අපි මොඩ් ගොවියෙක් හදනවා කියලා.අපේ අය ඒකට එදා හිනාවුණා.අද වුණත් තරුණ ළමයි ක්‍රිකට් තරඟ බලලා පහුවෙනිදාට අමුඩේ ගහගෙන කුඹුරට යන්න කැමති නැහැනේ.එයා අදහස් කළේ අපේ ගොවිකමත් චීනයේ,ජපානයේ වගේ තැනකට ගෙනියනවා කියලයි.උගත් බුද්ධිමත් පුද්ගලයන් දිහා පාට කණ්ණාඩි වලින් බලන්න එපා. (නි)
රණතුංග Sunday, 06 April 2014 04:08 PM
එහේ අයටත් දේශන පවත්වනවා ඇති " සදා කල් විපක්ෂ නායක ධුරයේ රැදී සිටීමේ ක්‍රම සහ විධි " පිළිබද මාතෘකාව යටතේ. (ස)
රසික Sunday, 06 April 2014 05:24 PM
නොදන්නාකම පෙනන්න එපා. රනිල් ජන්ද පැරදුනාට හොඳ මොලයක් තියෙන උගතෙක්. එක නිසා හිනාවෙන්න එපා. ලංකාවේ අයට ලොකු බේබද්දෝ, බදු කාරයෝ, කට වචාලයෝ, කුඩු කාරයෝ. (ස)
විමලඥාන හිමි පැරිස් Sunday, 06 April 2014 05:30 PM
එතකොට පක්ෂයට වැඩක් කල හැකි සජිත් ප්‍රේමදාසට කුමක්ද ? (ස)
සුනිල්; Sunday, 06 April 2014 05:34 PM
අනේ රනිල් හැමදාම ඇමෙරිකාවට වෙලා ඉන්න .එක ශ්‍රී ලංකාවේ ජනතාවට කරන ලොකුම උදවුවක් .ඒ පිනේනෙන් ඔබ නිවන් දකිනවා. (ස)
රාජා Monday, 07 April 2014 01:26 AM
ඔයාලා ඔහොම යමු. (නි)
ලෙස්ලි ලෝව් Monday, 07 April 2014 02:01 AM
පක්ෂ පාට භේද කුමක් වුවත් අපේ රටේ කෙනෙකුට ඇමරිකාවේ සරසවියක දේශන පැවැත්වීමට ආරාධනා කිරීම අපේ රටට ලොකු ගෞරවයක් (නි)
සේන Sunday, 06 April 2014 06:48 PM
අපේ හාමුදුරුවනේ සජිත් රටට කරපු එක වැඩක් ඔබ වහන්සේට කියන්න පුලුවන්ද? (ස)