IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කරු ජයසුරිය ලන්ඩනයේ

පෞද්ගලික සංචාරයක යෙදෙමින් ලන්ඩන් නුවරට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ නායක මණ්ඩල සභාපති දේශබන්දු කරු ජයසුරිය මහතා  වෙසක් පුන් පොහොය වෙනුවෙන් ශ්‍රී ලාංකික විහාරස්ථාන කිහිපයකටගොස් තිසරණ සරණ ලබාගත්තේය.

ලන්ඩන් බෞද්ධ විහාරය, කින්ග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ තේම්ස් බෞද්ධ විහාරය වෙත පැමිණි ජයසුරිය මහතා වෙසක් සතිය වෙනුවෙන් එම විහාරස්ථානයන්හි පින්කමකට ද සහභාගී විය.

ලන්ඩන් බෞද්ධ විහාරයේදී විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල හිමියෝ ජයසුරිය මහතාට සෙත්පතමින් වෙසක් සතියේ තුල විහාරස්ථාන වෙත ගොස් තෙරුවන ආශීර්වාදය ලබාගැනීමට අදහස්කිරීම අගය කරනා බව පැවසුහ.

 

 

 



අදහස් (0)

කරු ජයසුරිය ලන්ඩනයේ

චින්තා Thursday, 22 May 2014 07:53 PM

ප්‍රවීන්, අපේ ජනාධිපතිතුමා නම් චීනයට ගියේ රාජ්‍ය තාන්ත්‍රික සමුළුවකට. එතනදී වැදගත් යෝජනාවකුත් කළා කියලා ඔයා තාම දන්නේ නැද්ද? අනිත් කට්ටියට හිතන්නත් බැරි දේවල් අපේ ජනාධිපතිතුමා කළා. එතුමා නම් පුද්ගලික චාරිකා යනවා කියලා කවදාවත් මම අහලා නැහැ. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 22 May 2014 07:54 PM

ඉතින ඇයි කරු මහත්මයා වෙනම වාඩි‍වෙලා ඉන්නෙ? (නි)

:       0       0

ප්‍රවීන් Thursday, 22 May 2014 08:07 PM

චින්තාට රිදුනේ මොකද කියලා හොයන්න හිතෙනවා මට (නි)

:       0       0

චින්තා Friday, 23 May 2014 09:52 AM

ආණ්ඩුවේ හොරනෑවක්‌ වෙලා කතා කරන්ටවත්, ආණ්ඩුවේ වැරදි කියා පාන්ටවත් මං සැදීපැහැදී නැහැ. මේ රජයේ නිහඬව වැඩ කරන ඇමතිවරු තව ඉන්නවා. ඔවුන් මාධ්‍ය කැඳවලා ඒවා කියන්නේ නැහැ. අපි බලා ඉමු ලියනගේ මහත්මයා.. (ස)

:       0       0

විදුර Thursday, 22 May 2014 08:08 PM

මෙතුමාට ටිකකලක් අනෙක් අයගෙන් වෙන්ව සිටීමට සිතක්වත් ඇති වෙලාද? (නි)

:       0       0

නිමල් Thursday, 22 May 2014 08:09 PM

චින්තා, මොකද මේ? (නි)

:       0       0

නීෂා Friday, 23 May 2014 10:32 AM

අනේ කරු ගෙදර ගියොත් යූ.ඇන්.පී. එකට..පායයි හිරු (අ)

:       0       0

අනුර Thursday, 22 May 2014 08:47 PM

චින්තා, හරි එතුමා යමක් කරනවා කියමුකෝ. එතකොට අනිත් කට්ටිය? (නි)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Friday, 23 May 2014 11:19 AM

චින්තා බළලා මල්ලෙන් පැන්න වගේ නේද?, මම කිව්වේ පක්ෂ විපක්ෂ දෙගොල්ල ගැනම කතා කරන්න කියලනේ. හරි අපිත් බලන් ඉම්මු ඉස්සරහට චින්තා මොනවද ලියන්නේ කියල.(දිල්)

:       0       0

අප්පු Friday, 23 May 2014 11:35 AM

ඩොලර් ටිකක් හොයා ගන්න වෙන්න ඇති. (ස)

:       0       0

චින්තා Thursday, 22 May 2014 09:58 PM

අනුර - අනේ අයියා. මම මේ ආණ්ඩුවේ හොරනැවක් නම් නෙවෙයි. මං කිවේ ඉගෙනගත්තු දේවල අනුව මගේ මොළේට දැනිච්ච දේ විතරයි. ඔය අයියා අහපු නිසාම මම තව කෙනෙක් ගැන කියන්නම්කො. පහුගිය දවසක ලෝක සෞඛ්‍ය සංවිදානයේ නියෝජ්‍ය සභාපති ධුරයට පත් වූ අපේ අද ඉන්න ගරු සෞඛ්‍ය ඇමතිතුමා. එතුමා තම තනතුරේ ගෞරවය රැකගෙන වගකීමෙන් ඒ රාජකාරිය කරනවා නේද අයියා..? මේවා මම කිවුවහම අයියලා විරුද්ධ වෙනවාට වඩා එකඟ වෙන්ටකෝ. එතකොටනේ මටත් ලියන්ට හිතෙන්නේ. (අ)

:       0       0

කොස්වත්ත Thursday, 22 May 2014 11:21 PM

කොහෙට ගියත් වැඩක් නෑ යූඑන්පී දිනන දවසක් පෙනෙන්නට නැහැනේ. (ස)

:       0       0

නිශාන් Friday, 23 May 2014 01:32 PM

යූඇන්පී නායකයෝ රටවල් වලට යන කොට ගුවන් යන පිරෙන්න කට්ටිය ගෙනියන්න ජනතාවගේ මුදල් නාස්ති කරේ නැහ (අ)

:       0       0

ජනක Friday, 23 May 2014 02:08 PM

චින්තා මොකද මේ කඩේ යන්නේ කැපුවත් නිල්පාටද... (අ)

:       0       0

සමන්ත Friday, 23 May 2014 01:44 AM

මෙතුමා එජාප යෙන් ගිය ගමන් එජාපය දිනනවා. (ස)

:       0       0

ගිහාන් Friday, 23 May 2014 03:03 PM

ජනක. මම හිතන්නේ රාජපක්ෂ පාලන සමය යනු ශ්‍රී ලංකා මෑත ඉතිහාසයේ පහළ වූ ගෞරවනීය පාලනයයි. කලින් කල පහලවූ රජයයන් විසින් කළ වැරදි නිවරද කරමින් හා වඩා ක්‍රමවත් කරමින් නවීන තාක්ෂණය භාවිතයට රට යොමු කරමින්, අනාගත පරපුරට සුදුසු සංවර්ධිත භූමියක් ලෙසින් ලෝකයේ ඕනෑම දියුණු රටක් සමග කරට කර එක පෙළට සිට ගැනීමට හැකියාව ඇතිකරමින් සමාජය ඉදිරියට මෙහෙයවන මේ ආණ්ඩුව හදවතින් වැළඳ ගැනීම යම් කෙනෙකු කරනවා නම් එය අගය කළ යුතුය. නමුත් කුහක සිතුවිල්ලෙන් එයට "කඩේ යාමක් " ලෙසින් නිර්වචනය කරමින් කාට හෝ පහර ගහන්නට උත්සාහ කරනවා නම් ඔහුගේ හැදියාව ගැන සිතාගන්නට පිළිවන් නේද..? (අ)

:       0       0

නුවන් Friday, 23 May 2014 03:39 AM

ඔබතුමාට ජය! (නි)

:       0       0

නිශාන්ත Friday, 23 May 2014 08:35 AM

එජාපය තමයි රටට වැඩක් කළ පක්ෂය. ජයවේවා!! (නි)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Friday, 23 May 2014 09:15 AM

චින්ත, ඔයා ලියන්නේ ආණ්ඩුවේ ඇත්තන්ගේ හොඳ පැත්ත විතරයි. අපි පක්ෂයකට ගති කම් කරන්නේ නැතුව හරි වැරැද්ද ලිව්වොත් තමයි මෙම ලංකාදීප එසැණ පුවත් තීරයේ රැඳෙන්න පුළුවන්. ඔබ කිව්වා වගේ අපේ සෞඛ්‍ය ඇමතිතුමා කෙලින් වැඩ කරන , කෙලින් කතා කරන අවංක ඇමතිවරයෙක්. එකයි ජිනීවා වලදී එකී සභාපති තනතුර ලබාගන්න හැකි උනේ.එම ඇමතිතුමා මේ ළඟදී ඖෂධ පනත කොහොම හරි එළි දැක්වුවා. ඒවා හොඳ කාර්යයන්. ඒවගේ පක්ෂ විපක්ෂ දෙකේම වැරදි වැඩ කරන, වැරදි වැඩවලට අනුබල දෙන ඇමතිවරු සහ මන්ත්‍රීවරුත් ඉන්නවා. එම අය ගැනත් කතා කරන්නකෝ, එතකොට ඔයත් මෙම තීරයේ හොඳ කොටස්කරුවෙකු වේවි. (ස)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Friday, 23 May 2014 09:21 AM

කොස්වත්ත මහත්මයා, යු.එන් .පී . එක දිනන්නේ කොහොමද? පාර්ලිමේන්තුවට විශ්වාශ භංගයක් ඉදිරිපත් කරලා කරු ජයසුරිය මහත්තයා ලන්ඩන් වල පුද්ගලික ගමන් ගිහින් . දිනන්න හරි පරදින්න හරි මෙයා ඉන්න ඕනේ පාර්ලිමේන්තුවේ. නායකත්ව මණ්ඩලයේ සභාපතිකමින් වහාම ඉවත් කරන්න මෙම හේතුවම මදිද? (ස)

:       0       0

ප්‍රවීන් Thursday, 22 May 2014 07:40 PM

මේ දවස් වල ලොකු ලොක්කෝ හැමෝම වගේ ලන්ඩන්, පැරිස්,ඉතාලි,චීන රටවලට යනවා. මේ රට සවාරි යන්නේ මේ අයගේ සල්ලි වලින්ද කියලා හොයන්න හිතෙනවා මට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site