(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ හතක මුල්‍ය සහයෝගිතාව ලැබුණ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයේ ප්‍රධාන ආධාර ලබා දෙන ආයතන දෙකක් වන ප්‍රංශයේ පශු සම්පත් ආයතනය IDELF ( France Institut De L’Elevage (French Livestock Institute) සංවර්ධනය සඳහා වන ප්‍රංශ නියෝජිතායතනය AFD ( French Agency for Development) මේ සඳහා ඒකාබද්ධ සහයෝගිතාවය පළ කර තිබේ.
ඒ අනුව එම නියෝජිතායතන විසින් යුරෝ ලක්ෂ 7ක මුදලක් හෙවත් රුපියල් මිලියන 250ක මුදලක් ලබා දීම සඳහා මූලික අනුමැතිය ලබා දී තිබේ.
කිරිගව පාලනය සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය අදාල ආයතන වලට යෝජනා කිහිපයක් ලබා දී ඇති අතර එම යෝජනා සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ සංවර්ධනයට මුල්‍ය ප්‍රතිපාදන හා තාක්ෂණික සහයෝගය පළ කිරීමට තීරණය කර ඇත.
මෙරට කිරි කර්මාන්තයේ ධාරිතාව වර්ධනය, කිරිවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, කිරිගව පාලන කටයුතු ශක්තිමත් කිරීම සහ අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීම යන කාරණා සඳහා මෙම ආයතන දෙකෙහි සහයෝගය පළ කර තිබේ.
මෙම කරුණු ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් සිදු කිරීමට නියමිතය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කිරි ගව පාලනයට ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ හතක්
බද්රානි Tuesday, 18 July 2023 04:13 PM
ලංකාවේ ඉන්න ගවයෝ ප්‍රමාණය අනුව ඔය සොච්චම් මුදල අපිට පුන්නක්කු වලටත් මදි.. බිලියන් ගණන් හොරකම් කල ගව පාලකයින්ට ඕක දවසේ වියදමටත් මදි.. ප්‍රංශ කාරයින්ටත් පිස්සුද මන්දා මේ මී හරක්ට මේ හැටි වියදම් කරන්න...?