IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කිරි අම්මා යළි කැලයට

බිංගිරිය වීරකොඩියානේ ළිඳකට වැටී සිටි හදුන් දිවියකු ගොඩට ගෙන මුදාහැරි බව ගැමියෝ කියති. දින කිහිපයක් ගමේ නිවෙස්වල කුකුළු කොටුවලට දිවියකු පැමිණෙන බවට ගැමින්ට දැනගන්නට ලැබී තිබිණි. ළිඳට වැටී සිටියේ එම දිවියා බව ගැමියන්ගේ අදහසයි.

අඩි තුනහමාරක් පමණ වන මේ දිවියා ගැහැනු සතකු බවත් ඇය පැටවුන්ට කිරිදෙන සතකු යැයි බැලූ බැල්මට පෙනෙන බවත් ගැමියෝ කියති. ගොඩට ගත් දිවියා වනජීවී නිලධාරීන්ට භාර දීමට උත්සාහ ගත්ත ද ඔවුන් සම්බන්ධ කරගැනීමට හැකියාවක් ලැබී නැත. දිවි ධේනුව පැටවුන්ට කිරි දෙන සතකු යැයි සිතූ බැවින් ගැමියන්ගේ තීරණය වූයේ තමන්ට කරදරයක් වුව ද ඇය මුදාහළ යුතු බවයි. ඒ අනුව දිවියා ගොඩගත් තරුණයෝ ම දිවියාට මුදා හැරීමට කටයුතු කළහ.  

10 11

 



අදහස් (0)

කිරි අම්මා යළි කැලයට

චමල් Thursday, 24 December 2015 09:46 AM

පෝය දවසේ අහපු හොඳ නිවුස් එකක්.(කෞ)

:       0       0

ලුම්බිණි Thursday, 24 December 2015 10:19 AM

ගුණ දහම් දන්නා අය ඉන්න එක අහන්නත් සතුටක්. (ස)

:       0       0

හුසේන් මොහොමඩ් Friday, 25 December 2015 07:58 AM

කොච්චර ලස්සන සතෙක්ද..? හොද ආදර්ශයක්. කොල්ලනේ, උඹලට දීර්ඝායු.(අ)

:       0       0

විජය Thursday, 24 December 2015 02:39 PM

බිංගිරිය වීරකොඩින වාසීන්ට අපේ හදවතින්ම ආචාර කරමු. ලංකාවේ අනිත් පළාත් වලිනුත් මේවගේ හොඳ පුවත් අහන්න ලැබේවා. (ස)

:       0       0

කමල් Thursday, 24 December 2015 03:40 PM

පින්වන්ත දරුවන් (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 24 December 2015 10:19 PM

මෙවන් පින්වන්තයින් තවමත් ලංකාවේ සිටීම සතුටක්. (නි)

:       0       0

සාමා Friday, 25 December 2015 12:35 AM

නියම මිනිස් ගුණ ඇති කොල්ලෝ. නුඹලාට කවදාවත් වරදින්නේ නැහැ (නි)

:       0       0

රොෂාන් Friday, 25 December 2015 02:26 AM

වීරකොඩියානට පනිරෙන්ඩාව රක්ෂිතයෙන් එන සත්තු මේ. බින්ගිරිය තියෙන්නේ වීරකොඩියානට ගොඩක් එහාට වෙන්න අඩුම තරමේ කිලෝමීටර් 6ක් වත් තියෙනවා. කොහොම හරි පෝය දවසේ කරපු හොඳ වැඩක්. ඔය පනිරෙන්ඩාව රක්ෂිතයේ මීමින්න, හඳුන් දිවිය, නරිය, වැලි මුවා වගේ ක්ෂීරපායි සතුන් ඉන්නවා. දැන් මේ රක්ෂිතය දිනෙන් දින අභාවයට යනවා. කිසිම බලධාරියෙක් මේවා ගැන හොයන්නේ නැහැ. කුණු ගෙනත් දානවා. ඔය හරියෙන් යන අය දවල්ට කන්න නවත්තල කාල අවශේෂ ඉතුරු කරලා යනවා. ඔය ළඟ අඩවි වන කාර්යාලයක් තියෙනවා එයාල පුටු රත් කරලා පඩි ගන්නවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site