IMG-LOGO

කිරි අම්මලා පහක් මස් කඩයට

දඹුල්ල බකමුණ ප්‍රධාන මාර්ගයේ උණපදුරුයාය කළුන්දාවේ  ප්‍රදේශයේ කුඹුරක බැද සිටි කිරි දෙනුන් හතර දෙනක් හා මාස තුනක කුඩා පැටවකු මරා මස් රැගෙන ගොස් ඇති බවට කළුන්දෑවේ ගොවියෙක්   දඹුල්ල පොලිසියට පැමිණිලි කළේය.

24 සවස සතුන්ට කන්න දී ගස් වල බැද තමන් 25 උදේ කිරි දෙවීම සදහා එද්දී ඇල මාර්ගය අසල තම කිරි දෙනුන් හතර දෙනාගේ හා එක පැටවකුගේ හම කකුල් හා බඩවැල් පමණක් දැකගැනීමට හැකිවූ බව   කේ .ජි .කිරිබණ්ඩා මහතා පැවසිය .

මේ එක කිරි දෙනකු රුපියල් ලක්ෂයක් පමණ වටිනා කමක් තිබුණු බවත් දිනකට එක දෙනකු කිරි ලීටර් 12ත් 15ත් අතර ප්‍රමාණයක් ගත් බව දඔහු කියයි .තමන්ගේ පවුලේ ආර්ථිකය මේ කිරි අම්මාලා විසින් විසදු බව කියමින් ඔහු හඩා වැටෙයි .

දඹුල්ල පොලිසිය මේ අපරාධය ගැන පරීක්ෂණ සිදුකරන අතර කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත .මේ ස්ථානයට මධ්‍යම පළාත් සබා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා පැමිණ ගොවියාට කිවේ කෙසේ හෝ මේ අපරාධ කරුවන් අත්අඩංගුවට ගැනීමට තමන්ගේ සහයෝගය ලබාදෙන බවය .මෙහි රැස්ව සිටින ජනතාව කියන්නේ මේ අපරාධ කරුවන්ට දඩුවම් දියයුතු බවය ,

දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

කිරි අම්මලා පහක් මස් කඩයට

ඉසුරන්දි Monday, 25 July 2016 12:51 PM

එහෙම අපරාධයක් කරලා තියෙනවා නම් අමු අමුවේම පුච්චලා මරලා දාන්නයි තියෙන්නේ. මට එන්නේ පුදුම තරහක් (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 26 July 2016 05:22 AM

සියල්ල නැති වූ මේ ගොවි මහතාට අපි උදව් කරමුද? හැකි පමණින් මුදල් එකතුකර කිරි හරකුන් ගැනීමට අරමුදලක් දමනවා නම් අපිත් සහයෝගය දෙන්නම්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 July 2016 12:11 PM

අනේ මේවා නම් අහස පොළොව නුහුලන අපරාධ. කළ තිරිසනුන්ට නම් රජ කාලේ දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 382 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 839 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site