IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කරූගේ කතාවකට රනිල්ගෙන් උත්තර

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගැසූ සිද්ධිය වත්මන් අග්‍රාමාත්‍යවරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කොට කළ දෙයක් ද? මේ පිටුපස රනිල් වික්‍රමසිංහ මහතාද සිටින්නේ දැයි හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගෙන් සාමාජ මාධ්‍ය සාකච්ඡාවකදී විමසූ විට හිටපු කතානායකවරයා එය ප්‍රතික්ෂේප නොකිරීම ගැන තමා පුදුමයට පත්වන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පැවසීය.

තමා සහ වත්මන් අගමැතිවරයා එකට එකතු වී මිරිස්කුඩු සිද්ධිය කළැයි චෝදනා කිරීම මහා බොරුවක් වන අතර ඒ චෝදනාව ගැන පුදුමයට පත් වන බවද රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙිදී සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙි දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (19)

කරූගේ කතාවකට රනිල්ගෙන් උත්තර

ajith Sunday, 23 January 2022 08:31 PM

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යනු ප්‍රජාතන්ත්‍රවාදී ජය සහ පරාජය සාපේක්ෂව බාරගන්නා දේශපාලන නායකයකු මිස වෙන කෙනෙකු නොවේ.

:       36       40

Demuni Uduwara Monday, 24 January 2022 04:09 AM

දූෂිත වූ විශේෂිත අංශයකට ඔහු නම්‍යශීලී විය?

:       1       4

Sarath silvaMonday, 24 January 2022 04:24 AM

අද කොහෙද රනිල් වික්‍රමසිංහ ඉන්නෙ,. රාජපස්ස ඔඩොක්කුවේ,. කරූ මහත්තමයා කියන දෙය හරි

:       3       11

Hafeel Monday, 24 January 2022 09:52 AM

පක්ෂය මෙහෙයවන විදිය බලන විට කාටත් තේරනවා ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදය. පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැති එකේ ප්‍රතිඵල තමයි අද එක්සත් ජාතික පක්ෂයට වෙලා තියන ඉරණම...

:       5       11

BamunuarachchiWednesday, 26 January 2022 10:11 AM

මේ ගොයියා පරාජය බාර ගත්ත නිසා තමයි මේයුද්දය දිනන්න බැහැ ඒ නිසා ප්‍රබාකරන්ට රට දෙමු කියලා තීරණය කලේ. ජනයාව පරාජය බාර ගත්තේ නැති නිසා තමයි රාජපක්ෂ දිනවලා යුද්දයත් දිනුවේ. රාජපක්ෂ බලය නාවානම් සිංහල ළමයි දෙමලුන්ගේ තොසකඩවල කෙහෙල්කොල හෝදනවා. 1956 ඉස්සෙල්ල වගේ දෙමල්ලු කන්තෝරුවල වැඩ කරනවා. හැමබයෝ ගම්මිරිස් ප්‍රතිඅපනයනය කරනවා.

:       0       0

ජගත් ලියනගේ Sunday, 23 January 2022 08:31 PM

රනිල් හොඳ ඩබල් ඒජන්ට් කෙනෙක් තමයි.

:       26       42

Raveendra Sunday, 23 January 2022 09:03 PM

දැන් බලනකල මේ මන්ද බුද්ධිකයන් 226ම නියම සුද්ධෝදනලා... නමුත් කතාව අනේ මම "හීනෙන්වත් කිසිදු කැත වැඩක් කරලා" නැහැ කියාගත්ත ගමන්මයි.

:       7       30

Demuni Uduwara Monday, 24 January 2022 04:04 AM

කෙසේ වෙතත්, අල්ලස් කොමිසම විසින් පෙන්වා දුන් ඔප්පු කළ විසර්ජන සම්බන්ධයෙන් ඔබ මහින්ද රාජපක්ෂ කල්ලියට එරෙහිව කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැත. මේ සම්බන්ධයෙන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උදාසීන හැසිරීම් චේතනාන්විතව චෝදනා කිරීමට අපි පසුබට නොවෙමු!.

:       0       9

නුවන් Monday, 24 January 2022 05:11 AM

මේ රටේ ඉන්න දවල් සමාජවාදී රෑට බඩගෝස්තරවාදීන්ට රනිල් දරාගන්න බෑ. එතුමා 2001 දි කරපු ආර්ථික ප්‍රතිසංස්කරණ හරියට කලානම් අද මෙහෙම වෙන්නෙ නෑ. යූනියන් කාරයො ටිකයි, නිකම්මු පහලොස් ලක්ශ දෙසිය විසි පහයි ඒකට පාරට බැස්සා.

:       3       4

Bandara Monday, 24 January 2022 05:15 AM

දෑන් දැන් තේරෙනවා යටින් ඉඳන් රනිල්ගේ කකුලෙන් ඇද්දෙ කවුද කියල. දෑත් ශක්තිමත් කරල ආපු මාමයි බෑනයි මෙහෙම කියනකොට තමා හිනා යන්නෙ.

:       4       6

kamal Monday, 24 January 2022 08:42 AM

ඇතුළත් ගිනි, පිටත් ගිනි...

:       0       4

sharm warn Monday, 24 January 2022 09:15 AM

රනිල් කියන්නේ හොඳම ඩබල්ගේම් කාරයෙක්. මහින්ද අද ඔතන ඉන්නේ මෙයාගේ දක්ෂකම නිසා. මෙයා දන්නවා පාස්කු දවසේ වෙච්ච දේ මුල පටන් අගටම.. මහබැංකුවට මුලින්ම සුද්දයක් දැම්මේ කවුද කියලා. මේ රටේ වෙච්ච හැම දේශපාලන කල්ක්‍රියාවකම මහමොලකාරයින් කවුද කියලා. මේ සේරම දැනගෙනත් මෙයා ලස්සනට හොරුන්ට උදව් කරනවා. මෙයා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ කෙනෙක් නොවේ.

:       3       12

.............Monday, 24 January 2022 11:19 AM

ඇත්තෙන්ම මෙයා නිසා තමයි එජාපය නැත්තටම නැතිවුනේ... 2015 දී කරු මැතිතුමා පොදු අපේක්ෂක කළා නම් පක්ෂයත් ගොඩ, රටත් ගොඩ... කොහෙද පක්ෂය පවුලෙන් පිටට ගියොත් කියලා ආත්මාර්ථකාමීත්වයක් නිසා පක්ෂය ගැනවත්, රට ගැනවත් හිතුවේ නැහැ. දැන් ඉතින් මස්සිනාටත් පක්ෂය ගොඩගැනීම පහසු නැහැ. තවතවත් පාක්ෂිකයින්ට කෙනෙහිලි කර ඊළඟ සැරෙත් රාජපක්ෂලාම රජකරන්න මහත්තයෝ..

:       1       9

Surain Monday, 24 January 2022 11:46 AM

රනිල් ගේම් ගහන්න දක්ෂ කෙනෙක් මෙහි වරද නම් මෙයා කවදාවත් හොඳ දෙයක් කරන්න ගේම් ගැහුවේ නැහැ.

:       1       9

fairoos Monday, 24 January 2022 12:19 PM

රනිල් නායකත්වයේ ඉන්නකම් එජාපයට නැගිටිමක් නැහැ.

:       3       6

BamunuarachchiWednesday, 26 January 2022 10:01 AM

හම්බයින් ඉන්නකම් රටට නැගිටීමක් නැහැ...

:       0       0

duplicate Ralahami Monday, 24 January 2022 12:24 PM

දැන්වත් තරුණ පරම්පරාවට බාරදීලා අයින් වෙන්න.. ඔයත් ෆේල් හොඳේ...

:       0       6

BamunuarachchiWednesday, 26 January 2022 10:04 AM

තරුණ පරම්පරාව මොන ඉටිගෙඩියක් කරන්නද? ඔවුන් ෆේස්බුක් බලබල ෆෝන්එකට කොට කොට ඉඳියි..

:       0       0

podi hamine Monday, 24 January 2022 03:57 PM

ඔබතුමා කියවලා තියෙන පොත් විමානේ බැලුවාම ඉගෙන ගෙන තියෙන්නේ අපිව නන්නත්තාර කරන ගේම් ගහන්නනේ බලන්නේ... ඉතින් අන්තිමේදී පක්ෂයත් ඉවර කළානේ. ඉතිරි පොත් ටිකත් කියවන්න ඒවා වේයෝ කන්න ඉස්සර වෙලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 16 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 105 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 195 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 375 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1732 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 258 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site