IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


කිරුළපොන මුරකරු කොල්ලකරුවන්ට වෙඩි තියයි

ෆුල්ෆේස් හෙල්මට් පැළඳ  මොරටුව කුරුස හංදියේ පෞද්ගලික බැංකුවකට ආ දෙදෙනකු සේවකයන් දණගස්වා   මුදල් කවුළුවෙන් රුපියල් හත් ලක්ෂ හැත්තෑ හත් දහසක් පමණ කොල්ල කෑ ඇතැයි පොලිසිය කියයි.

ෆුල්ෆේස් හෙල්මට් දමාගෙන කිරුළපොනේ බැංකුව කොල්ල කන්නට ආ දෙදෙනා බැංකු මුරකරු වෙඩි තබද්දී පැන ගොස් ඇතැයි ද කිසිවකුට තුවාලයක් සිදුවී නැතැයි ද පොලිසිය පවසයි. ඔවුනට මුදල් කොල්ලකන්නට හැකිවී නැත.



අදහස් (0)

කිරුළපොන මුරකරු කොල්ලකරුවන්ට වෙඩි තියයි

දනන්ජය Wednesday, 23 April 2014 03:11 PM

නියමයි මෙච්චර කාලෙකට බැංකු මුරකරුවෙක් ඔහොම දෙයක් කලාමයි (දී)

:       0       0

ලසිත් Wednesday, 23 April 2014 03:35 PM

මහේෂ්,සෙල්ලම් පිස්තෝල පත්තු වෙනවද? (නි)

:       0       0

චමින්ද විශ්වනාත් Wednesday, 23 April 2014 11:28 PM

අපරාදේ හොරු මැරුනෙ නෑනෙ.(ස)

:       0       0

සමත් Wednesday, 23 April 2014 04:34 PM

මුදල් කොල්ලකන්න නොහැකි වුණ එක හොඳයි (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 23 April 2014 07:01 PM

මුරකරු මහතා ෂෙරිෆ්ට වඩා සිය දහස් ගණනකින් බුද්ධිමත් බව මැනවින් ඔප්පුවේ.මිනිසුන් අතරට වැදී පලා යන කොල්ලකරුවන්ට වෙඩි තැබුවේනම් මිය යන අහිංසක මිනිසුන් ගැන ක්ෂණිකව හිතන්නට තරම් ඔහු බුද්ධිමත්ය. මුරකරු මහතා වැනි මිනිසුන් තවමත් සිටීම සතුටක් වගේම ෂෙරිෆ් වැනි බුද්ධිය අඩු අය අඩුවීම අහිංසක මිනිසුන්ගේ වාසනාවකි.(දී)

:       0       0

නිලාම් Wednesday, 23 April 2014 07:30 PM

අර මීට දින කිහිපයකට පෙර සිද්ධියේ වගේ පිස්තෝලයක්ද තිබුනේ? (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 24 April 2014 09:22 AM

හැමදේම විහිළුවක් කරගන්න එපා මහේෂ්. මුරකරු නිසානේ හොරු පලා ගියේ. උඩ බලන් ඉන්නද කියන්නේ, අර අපේ අනිත් අය වගේ නොදැක්ක ගාණට. ඇයි හොඳ දේකට හොඳයි කියන්න දිව නැමෙන්නේ නැත්තේ අපේ අයට. (ස)

:       0       0

ෂෙරිෆ් Wednesday, 23 April 2014 09:13 PM

සත්‍යපාල නිකන් බයිලා එපා බහුතර සේවකයෝ තාමත් ඉන්නේ වෙරිමතේ, අපි නොදන්න මුරකාරයෝ.(දී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 23 April 2014 08:46 PM

කොල්ලකන්න ආපු දෙන්නගේ හොද වෙලාවට ෂෙරිෆ් ඒවෙලාවේ එතන හිටියේ නැත්තේ (අ)

:       0       0

සත්‍යපාල Wednesday, 23 April 2014 09:30 PM

අහෝ ෂෙරිෆ් නොදුටු මොක්පුර !(අ)

:       0       0

ෂෙරිෆ් Wednesday, 23 April 2014 02:20 PM

මුරකරු අහසට වෙඩි තියන්න ඇති.(දිල්)

:       0       0

සාලිය ප්‍රභාත් Wednesday, 23 April 2014 02:28 PM

ඒ තුවක්කුව අර පළාතෙ තියෙන ජාතියේ සෙල්ලම් එකක් වෙන්න ඇති. (ස)

:       0       0

දමයන්ත Wednesday, 23 April 2014 03:15 PM

ෂෙරිෆ්, අහසට හරි වෙඩි තියන්න තරම් ඒ පුද්ගලයාට ධෛර්යක් ලැබුණ එකත් ලොකු දෙයක්..ඒක අගය කරන්න. (ස)

:       0       0

මහේෂ් Wednesday, 23 April 2014 03:19 PM

සෙල්ලම් තුවක්කුවක්ද දන්නේ නැහැ නේද? (ස)

:       0       0

කුමාර Wednesday, 23 April 2014 02:50 PM

දැන් ඇදුම් ෂොප් වල විදුලි චිප් එකක් සෑම අඩුමකටම අමුණා ඇත. එවැනි කුඩා චිප් එකක් (නමුත් කි මි 1 දුර සිට හදුනගතහැකි ) සෑම බැංකුවකම සල්ලි මිටි කිහිපයකට යොදා තැබීම වැදගත්.(නදී)

:       0       0

සාරසී Wednesday, 23 April 2014 03:39 PM

සෙල්ලම් තුවක්කුවක් උනත් කොල්ල කරුවන් පල ගියානේ. හෙල්මට් දාගෙන ආයතන වලට ඇතුල් වෙන්න දෙන්න එපා/ මුරකරු කල දේ අගය කරමි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 213 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site