කිරුළට හිමිකම් නොකීවද තමාටම හුරු ශෛලියකින් ගීත ගායනය කළ නිසාම ඇය ගැන බොහෝ දෙනා කතා කළහ. එලෙසින් කතා බහට ලක්වුයේ භාෂි මධුභාෂිණීය.
සම්ප‍්‍රදායගෙන් බැහැරව උඩුගං බලා ගිය මේ ”භාෂි මධුභාෂිණී” ඇයි එහෙම කළේ? ඇය කවුද?
ඔබ ගුරුවරියක්. සුපර් ස්ටාර් ප‍්‍රවේශ වීම ගුරුවෘත්තියට බලපෑවේ කොහොමද?
මුලදී ඇත්තටම ලොකු අසීරුතාවලට මුහුණ දුන්නා. අපේ රටේ අය ”ගුරු’’ වෘත්තියේ නියැලෙන අය දෙස බලන්නේ අනිත් වෘත්තීන්වල නියැලෙන අය මොනදේ කළත්, කොහොම හිටියත් කමක් නෑ ඇඳුමේ සිට ගුරුවරු එක් පිළිවෙතක් අනුගමනය කළ යුතුය කියලයි.
මේ නිසා සුපර් ස්ටාර් තරගයට යාමේදී මට මගේ විලාසිතා කිරීම එක්තරා විදියක අභියෝගයක් වුණා. හැබැයි භාවිතයේදී මෙහෙම වුණාට, අපි ”නාට්‍ය හා රංග කලාව” විෂය ගැන කතා කළොත්?
එය එක් චරිතයකට ස්වභාවයකට පමණක් සීමා වී නැති බව උගන්වනවා. මම ඇන්දේ මේ තරගයේ ස්වභාවය වගේම මම ගීත ගැයු රිද්මයට සාපේක්ෂවයි.
ඇයි උපාධිත් තියාගෙන මේ වගේ තරගයකට ආවේ?
වත්මනෙහි පවතින තත්ත්වය අනුව අපේ රටේ ගීතයක් ගයලා ස්වාධීනව ගොඩ එන්න හරිම අමාරුයි. ඒ වෙනුවෙන් බොහෝ සබඳතා සම්බන්ධීකරණයත් රුකුල් අත්‍යාවශ්‍යයි. ඉන් බැහැරවීමට නම් මේ වගේ අවකාශයන් ඉතා ප‍්‍රයෝජනවත් වෙනවා. මීට පෙර මම මංගල උත්සව සහ වෙනත් අවස්ථාවලදී හිංදි ඉංග‍්‍රීසි දමිළ ගිත පවා ගායලා තියෙනවා. නමුත් මිනිස්සුන්ගේ මතකයේ ඒවා නොරැුඳුණේ, මිනිස්සු ඒවා අහලා තිබුණ නිසයි. ඉතින් මෙතැනදී මම මගේ රිද්මයේදී එය භාවිතා කළ මේ රටේ මට ප‍්‍රශ්න ටිකක් තිබෙනවා, ඒ ප‍්‍රශ්න ගැන ආමන්ත‍්‍රණය කරන්න හිතුවා. අන්න ඒ අනුව තමයි මේ සුපර් ස්ටාර් වේදිකාවේදී මම හැසිරුණේ.
මේ විදියට මේ වේදිකාවේ හැසිරුණේ කිරුළ ලබා ගැනීම අරමුණු කරගෙනද?
වේදිකාවට ඒමට ලැබුණු සෑම මොහොතකදීම මම ආවේ ආත්මවිශ්වාසයක් ඇතිවයි. මම එය කරනවා, යන හැඟීම තිබුණා. ජයග‍්‍රහණය ලැබෙන්නත් පුළුවන්. ඒ වගේම නොලැබෙන්නත් පුළුවන් කියන හැඟීමත් තිබුණා. එදා දවසේ අපි හතර දෙනාම වාසනාවන්තයි. ඒත් අන්තිම විනාඩි දහයේදී වඩාත් වාසනාවන්ත කෙනාට එය උරුම වුණා.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කිරුළට හිමිකම් නොකීවද තමාගේ ශෛලියකින් ගායනය කළ භාෂි