IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


කුරහන් ගලයි ඉලත්තට්ටුවයි මීගහතැන්නේ ගැමි ගෙදර හැඩකරයි

 මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ අලුත් අවුරුදු උත්සවය උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට විද්‍යාලයේ ගුරු මණ්ඩලය සහ දෙමව්පියෝ කටයුතු කළහ.

මෙහිදී අවුරුදු චාරිත්‍ර අනුව සියලු කටයුතු ක්‍රියාවට නංවා තිබූ අතර ගැමි ගෙදරක ආකෘතියක් ද ඉදිකරමින් ඊට වී බිස්ස , කුරහන් ගල, ලබු කැටය, පැදුරු ආන, ඉලත්තට්ටුව, ආදි ගැමි ගෙදරක සියළු අංගෝපාංග එහි විය..

කිරි ඉතිරැවිම,හිසතෙල් ගෑම, ගනු දෙනු කිරීම, ආහාර අනුභවය සහ අවුරුදු ක්‍රිඩා ද පාසල් පරිශ්‍රයේ සූදානම් කර තිබූ අතර ජන ගී උලෙළ හැඩ කළේය.

ගැමි ගෙදර කඩුල්ලෙන් ඇතුළු වී ගෙපිලට ගොඩවන්නන්ට බුලතින් සත්කාර කිරීමටද අනතුරුව කැවිළි පෙවිළි සංග්‍රහයෙන්ද අඩු නොවූයේය.

ආච්චි සීයා ඇතුළු මව පියා යන චරිත නිරූපණය කරමින් දරු දැරියෝ එහි විසූහ. විදුහල්පති ඩී. එම්. එම්. ඩබ්ලිව්. ජී. ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කළ මේ සඳහා වලල්ලාවිට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ දීපාල් මුණසිංහ මීගමතැන්න මෙරිල් කාරියවසම් මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් එක්ව සිටියහ



අදහස් (0)

කුරහන් ගලයි ඉලත්තට්ටුවයි මීගහතැන්නේ ගැමි ගෙදර හැඩකරයි

ශ්‍රියානි Monday, 07 April 2014 02:49 PM

සුබ අලුත් අවුරුද්දක් වේවා!! ආදර්ශමත් වැඩක්. පාසලේ දරු දැරියන්ට හා ගුරු දෙගුරුන්ට මගේ ප්‍රණාමය. අප අතරින් අභාවයට යන පැරණි චාරිත්‍ර අප රැක ගත යුතුයි. (ස)

:       0       0

අසෝකා Monday, 07 April 2014 03:07 PM

විඳගන්නට ඔබේ මේ අවුරුදු සතුට!........හිතුණා මටත් නෑගම් එන්නට හනික! (ස)

:       0       0

සේන Monday, 07 April 2014 03:11 PM

ලස්සන පින්තුර ටිකක්. සදාකාලිකවම මේ වගේ ගෙවල් වල ජිවත් වෙන්න උනොත් මොනතරම් කර්කෂ වෙයිද කියල හිතුණා... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 587 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site