IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කිරිවෙහෙර නා හිමි අපවත් වෙති

කතරගම කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියෝ (71) අපවත් වූහ. ඒ හිමියෝ ඌව සරසවියේ කුලපති වරයාය.

ඒ හිමියෝ ටික කළක් රෝගාතුරව සිටියහ.

අපවත් වී වදාළ පොළොම්මාරුවේ රේවත හිමියන්ගේ ශිෂ්‍යකු ලෙස පැවිදි බිමට ඇතුළත් විය.

මාතලේ ශාසනතිලක හිමියන් ඇතුළු සංඝරත්නයෙන් කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයෙන් බණ දහම් අධ්‍යාපනය ලැබීය.

ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතිය මැයෙන් ලියූ ග්‍රන්ථයට ඒ හිමියනට ආචාර්ය උපාධිය හිමි විය.

ඒ හිමියන් විසින් තවත් පොත් රැසක් ලියා ඇත.

තිස්සමහාරාමයේ බෝගහපැලැස්ස මහා විද්‍යාලයයේ ගුරුවරයකු වූ ඒ හිමියෝ විශ්‍රාම යන තුරු කතරගම ජාතික පාසලේ විදුහල්පතිවරයා විය.

මොණරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී වූ ඒ හිමියෝ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියද හෙබවූහ.

විශ්‍රාම ගැනීමෙන් පසුව ආචාර්ය සෝරත හිමියෝ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ කුලපති පදවියට පත් කරනු ලැබූහ.

කිරිවෙහෙර සංවර්ධනය හා පළාතේ අඩු ආදායම් පවුල්වල ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ හිමියෝ නොයෙකුත් වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළහ.

 



අදහස් (0)

කිරිවෙහෙර නා හිමි අපවත් වෙති

සම්පත් Friday, 27 September 2013 03:52 PM

නිවන් සැප ලබේවා. (ස)

:       0       0

පිටබැද්දර ජයා Friday, 27 September 2013 04:07 PM

නාහිමියනි ඔබ වහන්සේට නිර්වාන සුවයම ලැබේවා !(නදී)

:       0       0

රසික ලක්මල් Friday, 27 September 2013 04:11 PM

ඔබ වහන්සේට නිර්වාන සුවයම ලැබේවා!(නදී)

:       0       0

මා.උපරතන හිමි- ඩෙන්මාර්ක්. Friday, 27 September 2013 11:17 PM

වරක් කිරිවෙහෙර වඳින්නට ගිය අපහට ඔබවහන්සේ කල ආගන්තුක සත්කාර මේ මොහොතේ සිහියට අවා.පින්වන්ත යතිවරයණනි නාහිමියනි ඔබවහන්සේට නිවන්සුව පතමි. (දී)

:       0       0

මනෝජ්-සාජා Friday, 27 September 2013 11:41 PM

ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා . (දී)

:       0       0

සමන් Saturday, 28 September 2013 03:28 PM

ආදර්ශමත් චරිතයක්,

:       0       0

රුවන් Saturday, 28 September 2013 12:54 AM

පිළිවෙත් සරු මහා සඝගණ සොබනා... (නි)

:       0       0

හේරත් Friday, 27 September 2013 06:05 PM

පින්වත් හාමුදුරුවන් වහන්සේට අමාමහ නිවන් සුව අත් වේවා !!! (නි)

:       0       0

හේමසර Friday, 27 September 2013 06:24 PM

අපවත්වී වදාළ ගරු නාහිමියනි ! ඔබවහන්සේට නිවන් සුව පතමි . (නි)

:       0       0

පුජ්‍ය.මාඉටිපේ විමලසාර හිමි Friday, 27 September 2013 07:31 PM

නාහිමියනි, ඔබ වහන්සේට නිවන් සුව පතමු ! ඔබවහන්සේ අප අතරේ සදා අමරණීයයි ! (නි)

:       0       0

වගේගොඩ සීලානන්ද හිමි සිසිලි බෞද්ද විහාරය. Friday, 27 September 2013 08:07 PM

අපේ නායක හමුදුරුවන් වහන්සේට නිවන් සුව පතමු.කරපු නිහඩ සේවය සියලු දෙනාම අගයකරනු ඇත . (නි)

:       0       0

පහන් මඩුගල්ලේ Saturday, 28 September 2013 09:51 AM

ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා. (දී)

:       0       0

පහන් මඩුගල්ලේ Saturday, 28 September 2013 09:53 AM

මිනිස්සුනේ නොපෙනෙන දෙවියන් වදින්න කතරගම යනවට වඩා පින් ලැබෙනවා හාමුදුරුවන්ට අවසන් ගෞරව දක්වන්න කතරගම පලයල්ලා .

:       0       0

දුසන්ත යග්ගහවිට Friday, 27 September 2013 08:14 PM

රට ඡෘතිය ආගමට ට උන්වහන්සේ කළ සේවය අමරණියයි. ඹබ වහන්සේට නිවන්සුව පතමු.(නදී)

:       0       0

නන්ද Friday, 27 September 2013 03:16 PM

උගත් යති රුවනක් .... (ස)

:       0       0

ජනිත්-මාතර​ Friday, 27 September 2013 03:20 PM

අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමාමහ නිවන් සුව අත් වේවා !!!!(නදී)

:       0       0

සුසිල් Friday, 27 September 2013 08:26 PM

අති පූජ්‍ය නාහිමියනි, ඔබ වහන්සේ සමග මිනිත්තු කිහිපයක් කතාකළ විටදී ඔබ වහන්සේගේ ශාන්ත විලාශයට අතිශය පැහැදුනිමි. ඔබ වහන්සේට නිවන් සැප පතන්නේ කැනඩාවේ පදිංචි සුසිල් සහ පවුලේ සැම විසිනි.(අ)

:       0       0

කේ.ඒ. ප්‍රියලත් Friday, 27 September 2013 03:21 PM

ඔබ වහන්සේට නිවන් සුව පතමි.!!! (ස)

:       0       0

තක්සලා Saturday, 28 September 2013 10:55 AM

ඔක්කමල කියනවා නිවන් සැප ලැබේවා කියල, හනේ හනේ (දී)

:       0       0

ප්‍රදීප් Friday, 27 September 2013 03:32 PM

උගත් යතිවරයෙක්. ඔබ වහන්සේට නිවන් දොරටු විවර වේවා.(නදී)

:       0       0

මාපා Friday, 27 September 2013 03:42 PM

නිවන් සුව !!!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 591 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site