රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනාකමින් යුතු කේරල ගංජා තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යංශ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු කොළඹ ප‍්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව පොලීසිය කියයි.
අත් අඩංගුවට ගනු ලැබූ කේරල ගංජා තොගයේ බර කිලෝග‍්‍රෑම් දෙකයි ග‍්‍රෑම් තුන්සීයකි.
සැකකරු මෙම ගංජා තොගය හිස් කිරිපිටි පැකට්, හිස් සබන් පෙට්ටි සහ රසකැවිලි ටින් තුළ සගවා ඉතා සූක්ෂම ලෙස මෙරටට රැගෙන විත් තිබූ බව පොලිස් මත් ද්‍රව්‍ය කාර්‍යංශය කියයි.
ඔහු ඊයේ අළුයම ජෙට් ගුවන්සේවයට අයත් 9ඩබ්ලිව්-252 දරන ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණ ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ පැමිණ ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කරද්දී ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබඳ විමර්ශන කටුයතු පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීහු සිදු කරති.
.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කේරල ගංජා කිරිපිටි අස්සේ
මිනිපෙ Wednesday, 04 September 2013 09:15 PM
මම බැලුවා මොකද මේ අපේ පොඩි එකා කිරි බිවට පස්සේ අයිනක් අල්ලලා අහස දිහා බලාගෙන හිනාවෙන්නේ මොකද කියලා.(දී)
අස්මිත් Wednesday, 04 September 2013 10:21 PM
ශ්‍රී ලංකා රේගුවට අපගේ ප්‍රණාමය! පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට උසස්වීම් සහ වරප්‍රසාද වැඩිකර ඔවුන්ගේ සේවය වඩාත් කාර්යක්ෂම කළ යුතුයි.වැරදිකරුවන්ට ඇප ලබාදීමෙන් වැළකීමට නීති අංශය නව නීති රෙගුලාසි සකස් කළ යුතුවා සේම වැරදිකරුවන්ට උපරිම දඩුවම් දේශපාලනයකින් තොරව ලබාදීමට කටයුතු කළයුතුයි (නි)
සරත් අතාවුද Thursday, 05 September 2013 12:26 PM
අපේ රට දැන් කොලොම්බියාවට වඩා අන්තයිනේ (දී)
රත්න Thursday, 05 September 2013 12:42 PM
දින පතාම මැණික් රත්‍රන් මුදල් අපේ රෙටන් වංචනික දෙස් විදෙස් සොරු කණ්ඩායමක් දිගටම කරෙගන යති. ඔවුහු නැවත එන්ෙන් සමාජය පරිහානියට දායක වන නීති විරෝධී මත් ද්‍රවිය සමගයදෙස් විදෙස් මේ ජාවරමි කරැවන්ට දැඩි දඩුවමි දිය යුතයි. ෙමි පාපතරයන්ට ෙහාදක් ෙවන්න එපා. (දී)
කින් බෙනට් Thursday, 05 September 2013 05:47 AM
නරකද ඕවා විනාශ කරන්න ගිනිකුරක්වත් වියදම් නොකර පරණ ප්ලාස්ටික් භාජනයකට කොහෙන් හරි වතුර අරන් ඕවා ටික ඔක්කොම දාලා මේවා ගෙනාපු ව්‍යාපාරික මහත්තයටම එකපාර බොන්න කිවුවා නම් ... (නි)
උපාලි Thursday, 05 September 2013 07:21 AM
මිනිපෙ, මාත් මේ කල්පනා කලේ ඔය අල්ලගත්තු කොළ ටිකක් දාලා තේ හදල ඒකට අර ඩී සී ඩී තියෙන කිරිපිටිත් දාල කිරි තේ එකක් බොන්න තිබුනා නම් ෂෝක් නේද කියලා.(නදී)
ජයනි Thursday, 05 September 2013 01:35 PM
අපේ මේ සුන්දර රට විනාශ වෙන්න පෙර මේ වෙනුවෙන් පියවර ගන්න ඕනෑ.මේ රට කොලොම්බියාවක් වෙන්න ඉඩ නොදී මේ වගේ රටක් ජාතියක් විනාශ කරන අයට අපේ රජයෙන් දඩුවම් දීම දැන්වත් ආරම්භ කිරීමට සුදුසු කාලයයි. නැත්නම් අපිට මේ පුවත් බලලා හූල්ලන්න වෙන්නේ (නි)
නසීර් Wednesday, 04 September 2013 06:19 PM
වසර 10 හිරේ අරින්න,මලයාසියාවේ, චිනේ එහෙමනම් වෙඩි තියල මරනවා (දී)
ඉෂාර Thursday, 05 September 2013 08:35 AM
කුඩු සහ ගංජා වල මිළ ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමේ. (නි)
දිල්ෂාන් Wednesday, 04 September 2013 06:51 PM
කිලලෝ දෙකක් ,.... එයාට බොන්න වෙන්න ඇති......(දී)
සෝමදාස Thursday, 05 September 2013 09:12 AM
ඔන්න ඕවයීන් පැල ටිකක් ගෙනත් බෙදල දුන්න නම් හරි... වවන්නෝ දිනන්නෝ(අ)
වරුණ Thursday, 05 September 2013 09:18 AM
වර්තමානයේ කේරල ගංජා,කුඩු රත්තරන් ගුදමාර්ගයේ ගහගෙන එන ප්‍රමාණය අනුව මෙහෙත් දැන් මෙක්සිකෝව වගේ වෙලානේ (දී)
සේනාරත්න Wednesday, 04 September 2013 08:23 PM
අප රටේ රේගු න්ලධාරින්ට සහ මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නිලධාරීන්ට, අප රට වෙනුවෙන් කරනු ලබන මෙහෙවර වෙනුවෙන්, අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමි වේ. (දී)
ඉන්ෆාස් Wednesday, 04 September 2013 08:27 PM
අය්යෝ සල්ලි (දී)