IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුරුල්ලා බේරා ගන්න පූසෝ ‘ලොක්ඩවුන්’

ජර්මනියේ පිටිසර නගරයක සුරතල් බළලුන්, මාස තුනක කාලයක් ‘ලොක්ඩවුන්’ කිරීමට නගර බලධාරීන් තීරණය කර තිබුණු අතර, එම ‘ලොක්ඩවුන්’ කාල සීමාව අද (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

බළලුන් ස‌ඳහා මෙම විශේෂ ‘ලොක්ඩවුන්’ කාල සීමාවක් ප්‍රකාශයට පත් කළේ, ‘වොල්ඩ්‍රෝෆ්’ නමැති නගරයේ බළලුන් සඳහාය. මාස 3 ක කාලය පුරා බළලුන් නිවෙස් තුළ රඳවා ගන්නා ලෙසත්, බළලුන් පිටතට යන්නේ නම්, උන් පටියකන් ගැට ගසා මීටර් දෙකක දුරක් පවත්වා ගනිමින් පමණක් උන් රැගෙන යන ලෙසත් නගර වැසියන්ට උපදෙස් ලැබී තිබුණි.

යම් හෙයකින් බළලකු නිවසින් පැනගොස් නිදැල්ලේ හැසිරෙන්නේ නම්, වහා ඒ බව දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වාදීමට නගර බලධාරීන් කටයුතු කර තිබුණි. එසේ පැනගිය බළලුන් අල්ලා ආපසු ගෙනත් දීමට විශේෂ කණ්ඩායමක් සීරුවෙන් සිටි අතර, පශු වෛද්‍යවරුන් කිහිප දෙනෙක් ද ඊට අයත් වූහ. බළලුන් ‘ලොක්ඩවුන්’ නීති කඩ කළහොත්, හිමිකරුට පවුම් 42,000 ක දඩයක් නියම කර තිබුණි.

බළලුන් මෙසේ මාස 3 කට ‘ලොක්ඩවුන්’ කෙරුණේ වඳවී යෑමේ තර්ජනයට ලක්වුණු කුඩා කුරුල්ලකු ආරක්ෂා කර ගැනීමේ අරමුණින්ය.. ‘ක්‍රස්ටඩ් ලාක්’ නමැති මෙම කුරුල්ලා ‘වොල්ඩ්‍රෝෆ්’ නගරය අයත් පළාතට පමණක් ආවේණික පක්ෂියෙකි. කුරුලු විද්‍යාඥයන් කළ සංගනනයකට අනුව, ඔවුන් පවසා ඇත්තේ පළාතේ වාසය කරන්නේ ‘කස්ටඩ් ලාක්’ කුරුලු ජෝඩු 3 ක් පමණක් බවය.

‘ක්‍රස්ටඩ් ලාක්’ කුරුල්ලන්ගේ සතුරා වන්නේ බළලුන්ය. ‘ක්‍රස්ටඩ් ලාක්’ ගහණය අඩු වී ඇත්තේ ද ඔවුන් පහසුවෙන් බළලුන්ගේ ගොදුරු බවට පත් වී ඇති බැවිනි. පසුගිය මාස 3 ක කාලය, ‘ක්‍රස්ටඩ් ලාක්’ කුරුල්ලන්ගේ බිජුලන සමය බව පැවැසෙයි.

නගර බලධාරීන්, බළලුන් නිවෙස්වලට සීමා කරමින්, උන් ලොක්ඩවුන් කිරීමට නීති සකස් කෙරුණේ එබැවිනි. එම කාලසීමාව අවසන්වීමත් සමග බළලුන්ට පැනැවූ​ ‘ලොක්ඩවුන්’ කාලසීමාව ද අවසන් විය.

සුරතල් බළලුන් වෙනුවෙන් මෙසේ ‘ලොක්ඩවුන්’ නීති පැනැවීම සම්බන්ධයෙන් සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් ඔවුන්ගේ දැඩි අප්‍රසාදය පළ තිබුණි. කෙසේ නමුත්, ‘ක්‍රස්ටඩ් ලාක්’ කුරුල්ලා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැප කිරීම් කළ යුතු බව  ඔවුන් පැහැදිලි කර තිබුණි.

(රොයිටර්)



අදහස් (3)

කුරුල්ලා බේරා ගන්න පූසෝ ‘ලොක්ඩවුන්’

Janaka Monday, 15 August 2022 10:22 PM

ජර්මනියේ මුදල් ඒකකය පවුම් බව දන්නේ අදයි...!

:       0       0

de silva berlin Monday, 15 August 2022 11:02 PM

දඩය යූරෝ 420 කි...

:       0       0

Zeylanicus Monday, 15 August 2022 11:04 PM

මේක ප්‍රවුර්තියක් වෙලා තියෙන්නේ කුරුල්ලා බේරා ගන්න පූසෝ ‘ලොක්ඩවුන්’ කල එක මිසක් දඩය නියම කල මුදල් වර්ගය නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site