(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දෙහිවල සත්වෝද්යානයට පක්ෂීන් වැඩි මිල ගණන් යටතේ මිලදී ගැනීමෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න අලාභයක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) විශේෂ අවධානය යොමුවිය.
සතුන් මිලදී ගැනීමේදී නිවැරදි ඇස්තමේන්තු පිළියෙල කිරීම අත්‍යවශ්‍ය බව කෝපා කමිටුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට එහිදී නිර්දේශ කළේය.
මේ අතර ඇස්තමේන්තුගත මුදල සහ මිලදී ගත් මුදල අතර වෙනස සියයට 3000ක පමණ ප්‍රමාණයක් තිබීම ගැටලු සහගත බව කෝපා කමිටුව සඳහන් කළේය.
විදේශීය පකෂීන් මිලදී ගැනීමේදී ( 2018 සිට 2020 දක්වා කාලය තුළ) ඇතැම් පක්ෂීන් සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් 50000 ක් පමණ වුවද මිලදී ගෙන ඇත්තේ රුපියල් කෝටි 15 කට බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය. මේ අනුව ඇස්තමේන්තු ගත මුදලට වඩා මිලදී ගෙන ඇති මුදල සියයට 3000ක පමණ වැඩිවීමක් බවද මෙහිදී හෙළිවිය.
පින්නවල අලි අනාථාගාරය, පින්නවල වාගොල්ල සත්වෝද්‍යනය සහ රිදියගම සෆාරි උද්‍යානය යන ආයතනවල ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමුවිය.
රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් 900ක් අතුරින් සතුන් 485 දෙනෙකුගේ ස්ත්‍රීපුරුෂ බව හෝ හඳුනාගෙන නොතිබීම පිළිබදව කමිටු සාමාජිකයෝ මෙහිදී විමසූහ.මෙම සතුන් අතුරින් 300 කට අධික පිරිසක් ඉන්දියාවෙන් ගෙනා තාරකා ඉබ්බන් බවත් නඩු කටයුත්තක් අවසන් වන තුරු සත්වෝද්‍යානය භාරයේ සිටින බවත් ඒ බලධාරීහු පෙන්වා දුන්හ.
මෙම සෆාරි උද්‍යානයේ එක් පශු වෛද්‍යවරයකු පමණක් සිටින බැවින් කඩිනමින් පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය.
එසේම ආයතනය සතුව නිසි උපායමාර්ගික සැලැස්මක් නොමැති බැවින් 2024 – 2030 වර්ෂ සදහා නව සැලැස්මක් පිළියෙල කර මෙම වසරේ දෙසැම්බර් 31 වන විට එහි කටයුතු අවසන් කරන ලෙස ද උපදෙස් දුන්නේය.
මේ රැස්වීමට කමිටුවේ අවසරය මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී විය. මෙයට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක, කාදර් මස්තාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අශෝක් අබේසිංහ, විමලවීර දිසානායක, නිරෝෂන් පෙරේරා, ජේ.සී අලවතුවල, හෙක්ටර් අප්පුහාමි, ජයන්ත කැටගොඩ, ඉසුරු දොඩන්ගොඩ, මේජර් ප්‍රදීප් උදුගොඩ, වීරසුමන වීරසිංහ සහ ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහුද සහභාගීවූහ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කුරුල්ලන් මිලදී ගැනීමේදී සතුන් වත්තට කෝටි 2ක පාඩුවක්
පිටිගල මිලානෝ Saturday, 08 July 2023 02:51 AM
රටේ සත්තු, කහ කුරුල්ලෝ මෙච්චර ඉඳිද්දී කාට බලන්නද තවත් සත්තු මිලදී ගන්නේ…? ඉන්න එවුන් මැරුණාම ඕක වහලා දමන්න...!
අනුරුද්ධ Saturday, 08 July 2023 07:23 AM
ඕවායින් සියයට 70ක් පමණ විෂය භාර නිලධාරින් දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා අමාත්‍යාංශ ප්‍රධානීන් හා ඇමැතිවරයා වෙතට ස්වේච්ඡාවෙන්ම යන්න ඇති කියලා හිතෙනවා. බලන්නකෝ සමහර ආයතනවලට සැලසුම් නිලධාරින් විෂය බාර ගැනීමෙන් පස්සේ තමන්ගේ වාහනයකින්ම නේද සේවයට එන්නේ කියලා පළාත් සභාවක සේවය කළ නිසා අත්දැකීමෙන් කියන්නේ...!
පැරකුම් Saturday, 08 July 2023 10:20 AM
ඔය කියන එක එක කමිටුවලින් අපේ සල්ලි නාස්ති කරනවා මිසක් මෙච්චර කාලෙකට වෙච්චි වැඩක් තියනවද…? රාජ්‍ය පාලකයින්ටත් ඇස් කන් නැතුවා වගෙයි. මේ තමයි ආසියාවේ ආශ්චර්යය…!
සත්‍යපාල Saturday, 08 July 2023 04:10 PM
සහතික ඇත්ත... වැරැදි කරුවන්ට දඬුවම් කරන ක්‍රමයක් නැහැ. හරි නම් පාඩුවීම් සියල්ලම ආපසු අයකර ගන්න නීති හදන්න ඕනෑ... එහෙම නීතියක් හදා අයකර ගන්නා තුරුම 2048 නොවෙයි, 8402 දීවත් මේ රට නම් හදනවා බොරු...
පැරකුම්Saturday, 08 July 2023 06:01 PM
හරියට හරි. මේ ඉන්න දේශපාලු රැල ඉන්නකල්, මේ දේශපාලන ක්‍රමය තියෙනකල් කිසිදෙයක් වෙන්නේ නෑ...!