IMG-LOGO

කාරයේ හරක් ඇද්ද දෙන්නෙක් පොලිස් දැලේ

කුඩා මෝටර් රථයකින් එළ ගවයින් තිදෙනෙක්  ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අම්බලන්තොට මැලේකොළනිය දී අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය කියයි.

මෝටර් රථයේ පිටුපස ආසනය ගලවා ගවයින් තිදෙනා හිරකර ප්‍රවාහනය කරමින් සිටි බවත් මෙවැනි මෝටර් රථයක ගවයින් ප්‍රවාහනය කිරීම සැකයට තුඩු නොවන හෙයින් සැකකරුවන් මෙලෙස ක්‍රියාකර ඇති බවත් පොලිසිය පවසයි.

DSC03922 DSC03929



අදහස් (0)

කාරයේ හරක් ඇද්ද දෙන්නෙක් පොලිස් දැලේ

රාධා Thursday, 16 June 2016 11:08 PM

මීටවැඩිය පුද්ගලික බස් වල සෙනඟ පටවන හැටි දැකලා නැද්ද ? ආසන 42යි. නමුත් මිනිසුන් කීයක් පටවනවාද? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 16 June 2016 07:45 AM

හරක් දැන් ගමන් යන්නෙත් කාර් වලින් ද ? (ර)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 16 June 2016 07:47 AM

කාර් වලින් හරක් ගෙන යනවිට පිටට නොපෙනෙන පරිදි වාහනයේ තිර රෙදි එහෙමත් එල්ලා තිබුනද ? (ර)

:       0       0

චන්දන Friday, 17 June 2016 01:59 AM

මේ වගේ දවසකට අහිංසක සතුන් කී දෙනෙක් මියයනවා ඇද්ද? (නි)

:       0       0

සිසිර Thursday, 16 June 2016 07:58 AM

මේ වගේ වැඩ කරන අයට හොඳ දඬුවම් දෙන්න ඕන නැතිනම් නැවත මේ වගේ වැඩ කරනවා. (ර)

:       0       0

දර්ශන Thursday, 16 June 2016 08:02 AM

හා... හා... නියම ඇඩ් එක. මගින් දෙදෙනෙකු හා ගවයන් තිදෙනෙකු ප්‍රවාහනය කල හැකි ලොව කුඩාම කාරය - ගොවි මහතුන්ට වඩාත් සුදුසයි. (ර)

:       0       0

වරුණ Friday, 17 June 2016 02:41 AM

සල්ලිවලට තණ්හාවේ ඕනෑ ජඩ වැඩක් කරන මිනිස්සු (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 16 June 2016 08:13 AM

මේ කාර් එකෙන් මෙච්චර බරක් අදින්න පුළුන් උනාද?අනික මෙච්චර ලොකු සත්තු තුන්දෙනෙක් කොහොම රින්ගුවද ඒ අස්සට. (ර)

:       0       0

රුවන් Friday, 17 June 2016 03:09 AM

අපේ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ඒසී කාර් එකක හරක් ඇද්දහම මොකද වෙන්නේ කියලා හිතෙන්න ඇති. හැමදාම උන් ලොරි වලම යන්න ඕනෑ නැහැනේ ඉතින් (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 June 2016 03:16 AM

පොලීසියේ අල්ලාගත් නිලධාරීන්ට උසස්වීමක් දීලා මේ කාර් එක රාජසන්තක කරන්න. දැඩි දඬුවමකුත් එක්කම. (නි)

:       0       0

ආරියසේන Friday, 17 June 2016 03:14 AM

බිබිල පැත්‍‍‍‍තෙත් එ් ව‍ගේ වැඩ පහුගිය කා‍‍ලේ කළා. දැන් කරන වැඩක් තියනවා. පුලුවන්නම් නීති‍‍යෙන් අල්ලන්න. සතියකට ‍දෙවතාවක් පාන්දර ‍දෙකට තුනට විතර පිටකුඹුර නිල්ගල කියන හරි‍යෙන් හරක් රංචු පිටින් එකට බදලා ‍ගේනවා. උ‍දේට බැලුවහම පා‍රේ ‍ලේ විලක්. හරකුන්ගේ කුර කෑලිත් තියනවා. හොරපාරකින් ‍කොටබෝවට අරන් යන්‍‍නේ. මේකත් පුදුම ජරා වැඩක්. (නි)

:       0       0

කුරුවිට සුනිල් Thursday, 16 June 2016 08:29 AM

දැන් තේරෙනවද සුදුසුකම් නැති අය වාහන ගත්තම වෙන වැඩ අර ඇමතිතුමා කිව්වා හරි නේද.? (ර)

:       0       0

මදුසංක Thursday, 16 June 2016 09:13 AM

පව්කාරයෝ... (ර)

:       0       0

අමිත් Thursday, 16 June 2016 09:37 AM

මොන හිතකින් මේ වැඩ කරනවද මේ මිනිස්සු... (ර)

:       0       0

ඉසුරු Thursday, 16 June 2016 09:38 AM

උපරිම දඩුවම් දිය යුතුයි. (ර)

:       0       0

සුමිත් Thursday, 16 June 2016 09:39 AM

මෙහෙම කරපු අයව කන්න නොදී ඔය වගේ හිර කරලා තියන්න ඕනේ... (ර)

:       0       0

සිරී Thursday, 16 June 2016 09:42 AM

මේක අස්සෙත් දේශපාලනය තියෙනවද? එහෙමනම් මේ පොලිස් නිලධාරීන්ට දෙවියන්ගේම පිහිටයි! (ර)

:       0       0

ජයම්පති Thursday, 16 June 2016 10:20 AM

අලුත් අදහසක් විදිහට වාහනේ වෙළඳපල වැඩි කරන්න මේ නිව්ස් එක පාවිච්චි කරයිද දන්නේ නැහැ. (ර)

:       0       0

මාධවී Thursday, 16 June 2016 11:24 AM

මේ මිනිස්සුන්ට උපරිම දඩුවම් ලබා දෙන්න.(හේ)

:       0       0

මැක්ෂි - කටාර් Thursday, 16 June 2016 12:50 PM

මම හිතන්නේ අර ජෝන් මහත්තයා කිවුවේ මෙයාලා ගැන වෙන්න ඕනෑ (නි)

:       0       0

කෝසල Thursday, 16 June 2016 01:47 PM

මේ අහිංසක සතුන් මොනතරම් අසරණද? (නි)

:       0       0

නිහාල් Thursday, 16 June 2016 05:42 AM

ඇති මේ සතුන්ගේ ජීවිත බේරුනා... (නි)

:       0       0

විජිත Thursday, 16 June 2016 05:44 AM

කොහොමද අප්පේ මේකේ මේ සත්තු පැටෙව්වේ? (නි)

:       0       0

අශිකා Thursday, 16 June 2016 05:49 AM

අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

කේෂලා Thursday, 16 June 2016 05:53 AM

මේ පොසොන් සතිය අාරම්භවුණා විතරයි අපිට මේ වගේ සිද්ධි අහන්න වෙනවනේ? (නි)

:       0       0

ජනක Thursday, 16 June 2016 05:54 AM

මඩු වලිගෙන් ගහන්න ඕනෑ, නඩු පැත්තක තියලා. (නි)

:       0       0

කමල් Thursday, 16 June 2016 06:12 AM

මේ හම්බකරන්නේ අඹු දරුවෝ රකින්නද? සත්ව හිංසාව කරලා හම්බ කරන සල්ලි වලින් ජීවත් වෙන එක ගැන හිතල බලන්න. ස්වභාවික විපත් වැඩි මිනිසා දරුණු වෙලා නිසා. යහපත් විදිහට ජීවිතේ ගත කරන්න. (බ)

:       0       0

සංජීව - හොරණ Thursday, 16 June 2016 03:07 PM

වැරදිකරුවන්ට උපරිම දඩුවම් නියම කර කාර් එක රාජසන්තක කළ යුතුයි..(බ)

:       0       0

පාඨලී Thursday, 16 June 2016 06:39 AM

අර අලි ගැන කතා කරන උදවිය කෝ මේ වගේ දේවල් වලට කතා කරනවා. (ර)

:       0       0

ටෙනිසන් Thursday, 16 June 2016 08:05 PM

මොනතරම් ම්ලේච්ඡ අදහස් ඇති මිනිසු්න්ද අද ලොව ඇත්තේ? (නි)

:       0       0

සිරි Thursday, 16 June 2016 07:20 AM

මේ හරක් දෙන්න,පොසොන් ගැන නොදන්නවාද? අනේ මෙහෙමත් අය (බ)

:       0       0

අමල් Thursday, 16 June 2016 07:35 AM

පව් අසරණ සතා. බලන්න අසරණකම. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 519 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 698 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 283 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site